“විවේක බුද්ධිය දර්ශනයේ මවයි“ – තෝමස් හොබ්ස් – (1588 – 1679)
ප්‍රඥාවේ ආදරවන්තයෝ හෙවත් දාර්ශනිකයෝ… අනර්ඝ ප්‍රශස්ති වාක්‍යයක් ඒක. එහෙම නෙවෙයි ද? ඒ වගේ ම හරි ම සාඩම්බරයි. ඔන්න ඔයාටත් අවස්ථාවක් තියෙනවා ආදරවන්තයෙක් වෙන්න. කාටද කියන්න පුළුවන් මම ප්‍රඥාවේ ආදරවන්තයෙක් කියා..! හිතට අරගන්න. ඔයාට පුළුවන්. ග්‍රීක අර්ථය අනුව දාර්ශනිකයා කියන්නෙ ඒ වගේ කෙනකුට කියන්න දැන් ඔයා දන්නවා.අපරදිග විතරක් නෙවෙයි, පෙරදිග භාවිතය අනුවත් දාර්ශනිකයෙක් කියන්නෙ එහෙම කෙනකුට තමයි. එයා නම් මාර දාර්ශනිකයෙක්..! අරයා කියන්නෙ මහ දාර්ශනික කතා..! ඔය වගේ කතා ඔයා එදිනෙදා ජීවිතයේ දී අහල ඇති. රැවුළ කොණ්ඩය දිගට වවාපු කල්පනා බර පෙනුමින් නිතර දෙවේලේ පොත්පත් කියවන කවුරු හරි දැක්කම “අන්න අරයා දාර්ශනිකයෙක් වගේ… ̃ කියා කියනවත් ඔයා අහල ඇති. ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ සිය ̈ ම දාර්ශනිකයන් රැවුළු කොණ්ඩා දිගට වැව්වා ය කියාත හොඳ ද..? එහෙම ඉන්න සමහර අයට නම් ඔයාගෙ අම්මා කියනව ඇත්තේ රස්තියාදුකාරයා, නැතිනම් තාපසයා කියලත් වෙන්න ඇති. මේ වචන තුන – දාර්ශනිකයා, රස්තියාදුකාරයා, තාපසයා – එකට තිබ්බා ම මට නම් මහ අමුතු හැඟීමක් ඇති වෙනවා. ඔයාට එහෙම නැද්ද..?
පැරැණි ග්‍රීක හා රෝම යුගවලත් මධ්‍යකාලීන අවධිය පුරාවටත් වසර 1,500ක විතර කාලයක් තුළ දාර්ශනිකයා කියා නම් කළේ නිශ්චිත ජීවන විලාසිතාවක් නඩත්තු කළ බුද්ධිමය ව්‍යායාමය හා බැඳුණු ජීවිතයක් ගත කරන පුද්ගලයන් හැඳින්වීම සඳහායි. ඔවුන් ජීවිතය, පැවැත්ම, ලෝකය, විශ්වය, ස්වභාවය, පංචේන්ද්‍රියන්ට හසු වන භෞතික ලෝක පැවැත්මෙන් එහා ඇති අභෞතික, පාරභෞතික පැවැත්ම සහ දේවල් ගැන වගේ ම පුද්ගලයා, සමාජය, රාජ්‍යය, ආගම, දේශපාලනය මෙන් ම හොඳ – නරක, යහපත – අයහපත, සුන්දරත්වය – අසුන්දරත්වය ආදිය ගැනත්, අවසානයේ මිනිසා ඥානය ලබාගන්නේ කෙසේ ද කියන එකත් ගැඹුරින් හිතා බැලූ අදහස්, මතවාද, සංකල්ප හා න්‍යායන් ගොඩනැඟූ පිරිසක් කියා අපිට කියන්න පුළුවන්. චින්තනයතඑහෙම නැත්නම් සිතීම නම් ක්‍රියාව තමයි ඔවුන්ගේ ආයුධය. චින්තනයෙන් වැඩ ගන්න ඔවුන් තරම් දක්‍ෂ පිරිසක් තවත් නෑ. අන්න ඒ හින්ද තමයි තෝමස් හොබ්ස් කියන බි්‍රතාන්‍ය ජාතික දාර්ශනිකයා අර විදිහට කියමනක් කියා ඇත්තේ.
“විවේක බුද්ධිය දර්ශනයේ මවයි“
දාර්ශනිකයෙක් වීමේ පළමු සුදුසුකම තමයි චින්තනයට, ගැඹුරු සිතීමකට ඇති හැකියාව. ඔයා කියයි ඒක හැම දේට ම අත්‍යවශ්‍ය ගුණාංගයක් කියා. ඔව්. ඕනෑ ම විෂයක් ගැන වඩ වඩාත් ගැඹුරින් සිතා බලන විට ඔහු හෝ ඇය ඒ විෂය ගැන දාර්ශනිකයෙක් බවට පත් වෙනවා.
ඇල්බට් අයින්ස්ටයින්, නීල්ස් බෝර්, කාල් සේගන් ආදීන් හුදෙක් භෞතික විද්‍යාඥයන් පමණක් කියා ඔයාට කියන්න පුළුවන් ද..? ඔවුන්ගේ වැඩිහිටි ජීවිත කාලයේ දී අඩු වැඩි වශයෙන් ඔවුන් දාර්ශනිකයන් බවට පත් වුණා. මේකට අනුව දාර්ශනිකයෙක් කියන්නේ හොඳ සිතන්නකුට; චින්තකයකුට. නමුත් සිය ̈ චින්තකයන් දාර්ශනිකයන් කියා ඔයා ඉක්මන් නිගමනයකට එන්න එපා. චින්තකයා (ඔයාගෙ යාළුවගෙ නමත් චින්තක නේ ද..? හහ් හහ් හා..) සහ දාර්ශනිකයා අතර අපිට දළ මෙන් ම මූලික වෙනසක් සලකුණු කරන්න පුළුවන්. ඒ තමයි කෙනෙක්ට දාර්ශනිකයෙක් වෙන්න නම් හුදෙක් චින්තකයෙක් (thinker) කියන සීමාව පහු කර ගෙන ඉදිරියට යන්න අවශ්‍යයි කියන කාරණාව. ඒක හරි ම වෙහෙසකාරී ගමනක් වුණත් නිසැක ව ඔයාව කුතුහලයෙන් අවුස්සමින්, පුදුම කරවමින් යන සුන්දර අත්දැකීම් බොහෝමයක් ඇති ගමනක් කියා නම් මට විශ්වාසයි.විස්මයත් සුන්දරත්වයත් වෙහෙස මකා දමනවා. හරියට ඔයා අමාරුවෙන් කන්දක් උඩට නැග්ගට පස්සෙ කඳු මුදුන මත හිට ගෙන ලබන සැනසීමටත් ආහ්ලාදයටත් ඒක සමාන කරන්න පුළුවන්. මම ඒකට කියන්නෙ කඳු මුදුනක ප්‍රමෝදය කියායි. අවසානයේ ඔයාට ඔයා පසු කළ මඟත්, හාත්පස ක්‍ෂිතිජය තෙක් වටපිටාවත් දෙනෙත පුරා දැකගන්න ලැබෙනවා.
ඉතින් දර්ශනය කියන කඳු මුදුනේ ඉන්න ප්‍රඥාවේ ආදරවන්තයා දාර්ශනික ප්‍රමෝදයක් අත්විඳිනවා වෙන්න ඕනි. පුළුවන් නම් ඔයත් උත්සාහ කරන්න. දාර්ශනික කුතුහලයකින් යුතු ව දර්ශනයේ කඳු මුදුන තරණය කරන්න. ඒකෙ ප්‍රතිඵලය දාර්ශනික ප්‍රමෝදය.
එනමුත් අද තත්ත්වය මෙයට වඩා තරමක් වෙනස්. අද අපිට දාර්ශනිකයන් ගැන නිරන්තරයෙන් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට දර්ශනය පිළිබඳ මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, කථිකාචාර්යවරුන් ගැන නම් අහන්න ලැබෙනවා. ගුරුකුල, විශ්ව විද්‍යාල ආදි ශාස්ත්‍රාලීය අවකාශයන් තුළ ශාස්ත්‍රීය හා අධ්‍යාපනික අර්ථයෙන් දර්ශනය කියන්නෙ වෙන ම විෂයකට සහ දෙපාර්තමේන්තුවකට. මහාචාර්යවරුන් කියන්නෙ ඒ තැන්වල ඉන්න විෂය ප්‍රවීණයන්ට සහ වෘත්තිකයන් පිරිසකට සීමා වෙලා තියෙනවා. ඒ වුණත් ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ දර්ශනය හෝ දාර්ශනිකයන් අවසානයි කියා. මට අනුව නම් කීයට වත් එහෙම වෙන එකකුත් නෑ. හේතුව මිනිසාගේ චින්තනය නැතිනම් මිනිසාට සිතීමට ඇති හැකියාව නො නැසී තිබෙන තුරු දර්ශනය ද නො නැසී පවතිනු ඇති වීමයි. මානවයාගේ ඉතිහාසයෙන් දර්ශනය අහෝසි වීමට නම් මිනිසා සතු චින්තන ශක්තිය ද අහෝසි විය යුතුයි. Matrix කියන ජනප්‍රිය චිත්‍රපටය ඔයාට මතක ද..? මිනිස් පැවැත්ම – ඔවුන්ගේ සිතීම, සිහින, සිතිවිලි, ක්‍රියාකාරකම් ආදි සියල්ල – මුළුමනින් ම යාන්ත්‍රික ස්වයං ක්‍රියාකාරි රොබෝවරුන්ගේ ලෝකයක් විසින් පාලනය කරන ආකාරය ඒ චිත්‍රපටයෙන් ඉතා ලස්සනට පෙන්නනවා. නමුත් ඒ ලෝකයෙනුත් ගැලවී යෑමට සමත් පිරිසකුත් ඒකෙ පෙන්නනවා. ඒ කියන්නෙ නියම යථාර්ථය හොයාගෙන යන්න මිනිස් චින්තනයට නිසඟ, ස්වාභාවික හැකියාවක් සහ පෙලඹවීමක් තියෙනවා කියන එක නෙවෙයි ද..? ඔව්..! සමහර විට එහෙම වෙන්න පුළුවන්.
මේකෙන් අදහස් වෙන්නෙ ලෝකය කිසි දිනක දාර්ශනිකයන් ගෙන් හිස් වෙන්නෙ නෑ කියන එකයි. ප්‍රඥාවට ආදරය කරන්නන් ගෙන් ලෝකය හිස් වෙන එකක් නෑ. ඒක හරි ම සර්ව සුබවාදී ප්‍රාර්ථනාවක් නේ ද..?
ඒ කොහොම වුණත් දාර්ශනිකයෙක් වෙන්න නම් ඔයාට තව ගුණයක් අනිවාර්යයෙන් ම තියෙන්න ́න කරනවා.
ඒ තමයි තමන් වටා තමන්ට අහන්න දකින්න විඳින්න ලැබෙන ලෝකය ප්‍රශ්න කිරීමේ ගුණය.
මතක තියා ගන්න. ඒක හැමෝට ම නැහැ. සමහර විට බහුතරයකට ම නැහැ. ඒකට ඔයා නිර්භීත වෙන්න ́න. ප්‍රශ්න කරන්න නම් නිර්භීත වෙන්න ́න. ඒකට අපට දාර්ශනික නිර්භීත භාවය කියා කියන්නත් පුළුවන්. මොකද හිතන්නෙ..? ඔයා සතු ව එවැනි දාර්ශනික නිර්භීතකමක් තියෙනව ද..?
ලබන සතියට…
දර්ශන විද්‍යා අරවින්ද