පසුගිය 2021 වසරේ එක්සත් ජනපදයේ ටෙක්සාස් වල ඇරඹූ Colossal Biosciences නම් ජෛව තාක්ෂණ විද්‍යා සහ ජාන ඉංජිනේරු විද්‍යා සමාගමෙහි සිදු කෙරෙන වඳ වී ගිය සතුන් මළවුන්ගෙන් නැගිටවීමේ පර්යේෂණ වෙනුවෙන් ඇමරිකානු CIA ආයතනය මුදල් ආයෝජනය කර තිබෙනවා.
68 වෙනි වියේ පසුවන ඇමරිකානු ජාතික ප්‍රවේණි විද්‍යාඥයකු, අණුක ඉංජිනේරුවකු මෙන්ම රසායන විද්‍යාඥයකු වන ජෝර්ජ් මැක්ඩොනල්ඩ් චර්ච් සහ 40 වියැති ඇමරිකානු ව්‍යවසායක බෙන් ලෑම් එක්ව පිහිටවූ Colossal Biosciences සමාගමේ අපේක්ෂාව වන්නේ වඳ වී ගිය මැමත් සතුන් සහ තස්මේනියානු ව්‍යාඝ්‍රයන් මෙන්ම පියාසර කළ නොහැකි පක්ෂි විශේෂයක් වූ පියාසර කළ නොහැකි ඩෝඩෝ කුරුල්ලන් ද යළි මිහිතලය මත ජීවමාන කිරීමයි.
මැමත් සතුන් වර්තමාන අලි ඇතුන්ගේ පරිණාමීය පූර්වජයෙකු වන අතර තස්මේනියානු ව්‍යාඝ්‍රයන් යනු 1936 වසරේදී මුළුමනින්ම වඳවී ගිය මාංශභක්ෂක සේපාටික ක්ෂීරපායී සත්ව විශේෂයක්. 2027 වසරේදී පළමු දෙමුහුම් ලෝම මැමත් පැටවුන් ද, 2032 වසරේදී මුල්ම තස්මේනියානු ව්‍යාඝ්‍ර පැටවුන් ද පණ පිහිටුවීම මෙම සමාගමේ ඉලක්කයයි. ඉන් මැමත් සතුන්ට යළි උපත ලබා දීම පිණිස තම ප්‍රාග්ධන ආයෝජන සමාගමක් වන In – Q – Tel නම් සමාගම හරහා CIA ආයතනය Colossal Biosciences වල මුදල් ආයෝජනය කර තිබෙනවා.
මැමත් සතුන් යළි බිහි කිරීමේ ක්‍රියාවලියේ පදනම වන්නේ 2020 වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය දිනාගැනීමට විද්‍යාඥවරියන් දෙදෙනෙකු විසින් දායකත්වය ලබාදුන් CRISPR නම් ජීනෝම සංස්කරණ ක්‍රමවේදයයි. මෙම තාක්ෂණය මගින් මැමත් DNA ඔවුන්ගේ පරිණාමීය ඥාතීන් වන වත්මන් අලින්ගේ DNA අනුපිළිවෙළ සමග සංස්කරණය කිරීමෙන් ප්‍රවේණිකව මැමත් සතුන්ට සමාන ලක්ෂණ ඇති දෙමුහුම් අලින් බිහි කළ හැකි වෙනවා.
කෙසේ වෙතත් වඳවී ගිය සතුන් යළි මිහිතලයට ගෙනෙන ජාන ඉංජිනේරු විද්‍යාත්මක ක්‍රමවේදයන් දෙස සැම දෙනාම සර්වශුභවාදීව බලන්නේ නැහැ. එදා ඔවුන් ජීවමානව විසූ පරිසර පද්ධති අද එලෙසින්ම නොපවතින නිසාම ඔවුන්ට ලබාදෙන ජාන කේතය නව තත්වයනට කෙතරම් දුරට සාර්ථකව ගැලපේදැයි ඔවුන් ප්‍රශ්න කරනවා.
Live Science ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි