Home Science News මහාචාර්ය තිස්ස විජේරත්න ඉහළ පෙළේ ඕස්ට්‍රේලියානු සම්මානයකින් පිදුම් ලබයි

මහාචාර්ය තිස්ස විජේරත්න ඉහළ පෙළේ ඕස්ට්‍රේලියානු සම්මානයකින් පිදුම් ලබයි

by Sathya

ශ්‍රී ලංකාවේ උපත ලබා මේ වන විට ඕස්ට්‍රේලියාවේ ස්නායුවේද විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරන මහාචාර්ය තිස්ස විජේරත්න මහතා ඉකුත් දා එරට රජය මඟින් පිරිනැමෙන Medal of Order  (OAM) සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ස්නායුවේද වෛද්‍ය විද්‍යාවේ අභිවෘද්ධිය මෙන් ම ඒ පිළිබඳ සාමාන්‍ය ජනයා දැනුවත් කිරීම වෙනුවෙන් කළ මෙහෙවර අගය කරමින්. ඕස්ට්‍රේලියාවේ දී මේ ගෞරවය හිමි කරගන්නට සමත් වූ මුල් ම ශ්‍රී ලාංකික ස්නායුවේද වි⁣ශේෂඥ වෛද්‍යවරයා වන්නේ ද ඔහු වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාවේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ග්‍රාමීය පරිසරයක උපත ලද ඔහු ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වන්නේ 2005 වසරේ දී යි. තිස්ස 2016 වසරේ දී ඕස්ට්‍රේලියාවේ Western Health රෝහලේ ස්නායුවේද අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස පත් වීම් ලබන්නේ එරට දී එවන් තනතුරකට පත් පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙමින්.

කෝවිඩ් 19 සහ මොළය අතර සබඳතාව පිළිබඳව ආචාර්ය උපාධියක් ලබාගත් ලොව පළමු වැන්නා වන්නේ ද මහාචාර්ය විජේරත්නයි. කෝවිඩ් වසංගත සමයයේ දී ස්නායුවේදී ක්ෂේත්‍රය තුළ ගෝලීය කතිකාවක් ඇති කරමින් ‘පශ්චාත් කෝවිඩ් -19 ස්නායුවේදීය සින්ඩ්‍රෝමය’ (Post Covid-19 Neurological Syndrome) සහ serial systemic immune-inflammatory indices වැනි නව සින්ඩ්‍රෝම නාමයන් ද ලොවට හඳුන්වා දුන්නේ ඔහුයි.

ජූලි 22 දාට යෙදෙන ලෝක මොළ දිනය (World Brain Day) නම් කිරීමට ද පුරෝගාමී වූ ඔහු Global police and advocacy committee, World Federation of Neurorehabilitation special interest group for headaches and migraines යන වෛද්‍ය සංවිධානවල මුලසුන ද හොබවනවා. එසේ ම ඔහු  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, ලා ට්‍රෝබ්, වික්ටෝරියා සහ RMIT යන විශ්වවිද්‍යාලවල මෙන් ම ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලයේ ද ආරාධිත විද්‍යාථියෙකු ලෙස කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ සිටි සමය තුළ ජනමාධ්‍යවේදියෙකු වශයෙන් ද කටයුතු කර ඇති මහාචාර්ය තිස්ස විජේරත්න කලක් විදුසර කර්තෘ මණ්ඩලයට සම්බන්ධ ව ද කටයුතු කර තිබෙනවා.

සත්‍ය හෙට්ටිආරච්චි 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications