Home Science News චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මත්ස්‍යයෙකු යැවීමේ සූදානමක්

චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත මත්ස්‍යයෙකු යැවීමේ සූදානමක්

by Sathya

චීනය විසින් උඩු ගුවනේ කක්ෂගත කර තිබෙන ටියැන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත Danio rerio විශේෂයට අයත් Zebrafish මත්ස්‍යයෙකු යැවීමට සූදානම් කර තිබෙනවා.
මෙය කුඩා සහ සංවෘත පරිසර පද්ධතියක් තුළ මත්ස්‍යයන් සහ ක්ෂුද්‍ර ජීවීන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය පිළිබඳ කෙරෙන පර්යේෂණයක කොටසක් වෙනවා.
පසුගිය ජූලි 11 වෙනි දින ෂැංහයි වල Guancha.cn වෙබ් අඩවිය වාර්තා කළ පරිදි මේ අධ්‍යයනය අභ්‍යවකාශගාමීන්ගේ අස්ථි ක්ෂය වීම සම්බන්ධ පරීක්ෂණවලට ද ආධාරයක් වනු ඇති.
මෙය අභ්‍යවකාශයට මත්ස්‍යයින් යවන පළමු අවස්ථාව නම් නොවෙයි.
මෙයට පෙර 2012 වසරේදී NASA ආයතනය මඟින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ජපානයට ආවේණික මිරිදිය මත්ස්‍ය විශේෂයක් යවා තිබෙනවා.
එයටත් පෙර 1976 වසරේදී සෝවියට් විද්‍යාඥයින් විසින් එවකට Salyut – 5 අභ්‍යවකාශ නැවතුම්පළ වෙතට ඉහත Zebrafish මත්ස්‍ය විශේෂයම යවා තිබෙනවා.
එමගින් ඔවුන් එම මත්ස්‍යයින් ක්ෂුද්‍ර ගුරුත්ව පරිසරයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස තම් සමහර චර්යාවන් විකරණය කර ගන්නා බව සොයාගත්තා.
” දිව්‍යමය මාලිගය ” යන අරුත ඇති Tiangong (ටියැන්ගොන්) අභ්‍යවකාශ මධ්‍යස්ථානය මොඩියුල තුනකින් සමන්විත වන අතර එහි පළමු මොඩියුලය වන Tianhe ගුවන්ගත කළේ 2021 වසරේ මැයි මාසයේ දි යි.
Chinese Manned Space Agency (CMSA) නම් චීන අභ්‍යවකාශ ඒජන්සිය මේ ටියැන්ගොන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය අවම වශයෙන් දශකයක කාලයක් දක්වා අඛණ්ඩ ව අභ්‍යවකාශගාමීන් තිදෙනෙකුට විසිය හැකි අයුරින් සැලසුම් කර තිබෙනවා. NASA ආයතනයට අයත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මොඩියුල 16 සමග සසඳන විට චීන අභ්‍යකාශ මධ්‍යස්ථානය සාපේක්ෂ ව කුඩා නිර්මාණයක් වෙනවා.

Live Science සහ Guancha.cn ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications