Home Entertainmentප.නි.නි. දරුවා කෑම තෝරන්නේ මවගේ ගර්භාෂයේ දී මයි

දරුවා කෑම තෝරන්නේ මවගේ ගර්භාෂයේ දී මයි

by cmadurawala

සමහර දරුවන් සිඟිති වියේ සිට ඇතැම් කෑමවලට ප්‍රිය කරනවා. එසේ සමහර කෑම ප්‍රතික්‍ෂේප කරනවා. මෙසේ වීමට එක් හේතුවක් නම් ළදරුවා මවු කුසයේ සිටිය දී ම ඇතැම් ආහාර රසයන්ට හුරු වීමයි. මේ බව හෙළි වන්නේ Psychological Scienceහි පළ වූ නවතම අධ්‍යයනයකින්. මේ අධ්‍යයනය මෙහෙයවූයේ Durham විශ්ව විද්‍යාලයයේ Beyza Ustun ඇතුළු පිරිස විසින්. Babies React to taste in the womb මැයෙන් මේ අධ්‍යයනය සඳහා ගැබිනි මාතාවන් 100 දෙනෙකුගේ ගර්භාෂවල 4D Ultrasound ස්කෑන් ලබා ගත්තා.

මේවා ලබාගත්තේ මවුවරුන් කාණ්ඩ තුනකට බෙදමිනුයි. ස්කෑන්වලට පෙර එක කණ්ඩායමකට කැරට් කැප්සුලයක් දුන්නා. (ස්කෑනයට මිනිත්තු 20කට පෙර). දෙවැනි කණ්ඩායමට සලාද පත්‍ර නිස්සාරක සහිත කැප්සුලයක් දුන් අතර තුන් වන කණ්ඩායමට කිසිත් දුන්නේ නැහැ. මේ කැප්සුල හැරෙන්නට කිසිවක් පැයක් තුළ දී තිබුණේ නැහැ.

ස්කෑන් එකේ දී පිරික්සනු ලැබුවේ කලලයේ මුහුණේ හැඟීම් ප්‍රකාශනයයි එවිට පෙනී ගියේ කැරට් කැප්සුල හෝ කිසිත් නොදුන් මවුවරුන්ට සාපේක්‍ෂ ව සලාද පත්‍ර කැප්සියුල ගත් මවුවරුන්ගේ කලලවල හැඟුම්බර ප්‍රකාශන දෙගුණයකින් ඉහළ තත්ත්වයක පැවති බවයි. මෙයින් පෙනී යන්නේ කලලය ගැබ තුළ දී ම විවිධ ආහාරවලට විවිධ ප්‍රතිචාර දක්වන බවයි.

සමහර විට මේ අප්‍රසාද හෝ ප්‍රසාද ඉදිරියටත් පැවතිය හැකි බව Beyza පෙන්වා දෙනවා.

මනෝජ් රත්නායක

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications