Home Entertainmentප.නි.නි. බලුත් සතුටු කඳුළු වගුරනවා

බලුත් සතුටු කඳුළු වගුරනවා

by cmadurawala

ප්‍රීතියක දී අප සතුටු කඳුළු හෙළනවා. එහෙත් මනුෂ්‍ය අප පමණක් නො ව අපගේ සත්ත්ව මිතුරා වන බල්ලා පවා සතුටු කඳුළු හෙළනා බව නවතම අධ්‍යයනයක් පෙන්වා දෙනවා. මේ අධ්‍යයනය මෙහෙයවා ඇත්තේ ජපානයේ Azabu විශ්වවිද්‍යාලයයේ Takefumi Kikusui විසිනුයි. මීට අදාළ

නිබන්ධය අගෝස්තු 25 Current Biology ජර්නලයේ පළ වනවා. තම අධ්‍යයනය සඳහා පර්යේෂකයා බල්ලන් 18 දෙනකු යොදාගත්තා. එහි දී ඔවුන් සොයාගත් තවත් දෙයක් නම් බල්ලන් මෙලෙස සුලබ සතුටු කඳුළු වගුරන්නේ ස්වාමියා පිටත ගොස් (හෝ වෙන් ව) යළි පැමිණි විට බවයි. මෙහි දී අධ්‍යයනයට ගත් නියැදිය සමන්විත වූවේ වැඩට යන විට ගෙදර නවත්වන්නේ නැති ව දිවා සුරැකුම් වාසස්ථානවල රඳවා යන බලු නියැදියක්. මේ බලු සුරතලුන් ස්වාමියා තමාව දිවා සුරැකුමේ දමා යන විටත් ස්වාමියන් යළි එන විටත් හඬන බව පෙනුණා. මේ කඳුළු පරිමා මනින ලද විට පෙනී ගියේ ස්වාමියා යළි එන විට හෙළන සතුටු කඳුළු පරිමා අධික බවයි. එසේ කඳුළු හෙළුව ද ඒ කඳුළු සතුටු කඳුළු බව පෙනී ගියේ ප්‍රීතිදායක බිරීම් සමග රැඟුම් දක්වමින් බල්ලා සතුට පළ කළ නිසයි. සතුටු කඳුළුවලට අදාළ ව වාර්තා වූ ප්‍රයිමෙටා නො වන ප්‍රථම උදාහරණය මෙය බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. දුකක දී බල්ලන් කඳුළු වගුරුවන බව නම් මීට පෙර අධ්‍යයනය මඟින් හෙළි කර තිබෙනවා. ස්වාමියා දමා යෑම, මස් කටු හෝ ප්‍රිය කරන කෑම තමා බලා සිටිය දී වෙන සතුන්ට දීම වැනි අවස්ථාවල බල්ලන් දුකට කඳුළු හෙළන බව අධ්‍යයනයන් පෙන්වා දී තිබෙනවා.

මනෝජ් රත්නායක

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications