Home Entertainmentප.නි.නි. මත්පැන්වලට එරෙහි ව ස්ට්‍රෝබෙරි 

මත්පැන්වලට එරෙහි ව ස්ට්‍රෝබෙරි 

by cmadurawala

මත්පැන් පානය කිසිසේත් ම අනුමත කළ හැකි දෙයක් නො වෙයි. එනිසා ම මත්පැන් බීම නිසා ඇති වන අබාධවලට අදාළ ව උපදෙස් දීමත් නුසුදුසු දෙයක් යැ යි ඔබට හැඟෙන්නට පුළුවන්. එහෙත් මේ අධ්‍යයනය පළ කරන්නේ මත්පැන් බොන අය දිරිමත් කරන්නට නොවෙයි. එයින් වූ හානිය වැළැක්වීමේ හැකියාව ගැන තොරතුරක් කීමටයි. එම අධ්‍යයනයට අනුව මත්පැන් නිසා උදරයට වන හානිය යම් තරමකින් මර්දනය කරන්නට ස්ට්‍රෝබරිවලට හැකියි. මේ අධ්‍යයනය මෙහෙයවා ඇතේ Barcelona විශ්වවිද්‍යාලයයේ Sara Tulipana ඇතුළු පිරිසයි. අධ්‍යයනය ගැන තොරතුරු PLOS ONE ජර්නලයේ පළ වනවා. මෙහි දී පර්යේෂකයන් කළේ එතිල් මද්‍යසාර ලබා දුන් මීයන් පිරිසක් තෝරාගෙන කොටසකට ස්ට්‍රෝබෙරි යහමින් කන්නට දීමයි. ස්ට්‍රෝබෙරි නො දුන් මී පිරිසගේ උදරයේ ශ්ලේෂ්මල පටලයට බරපතළ හානි සිදු ව තිබූ බවත් ස්ට්‍රෝබෙරි කෑ අයගේ හානි අඩු බවත් පෙනී ගියා.

පර්යේෂකයන් වැඩිදුරටත් පවසන්නේ ඇතැම් ඖෂධ (ඇස්ප්‍රින් වැනි) නිසා උදරයට වන හානි වළක්වන්නටත් ස්ට්‍රෝබෙරිවලට හැකි බවයි. එනිසා මත්පැන්වලට හුරු වූ අයට පමණක් නො ව ඒ පුරුද්ද නැති අයටත් ස්ට්‍රෝබෙරි වැදගත්. ස්ට්‍රෝබෙරි නිසා උදරයට මෙවැනි සහනයක් ලැබෙන්නේ එහි පවතින ප්‍රතිඔක්සිකාරක නිසා බවයි පර්යේෂකයන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

කොහොම වෙතත් අවධාරණය කළ යුතු දෙය නම් මත්පැන් දිගට ම බිබී ස්ට්‍රෝබෙරි කෑම නම් ඵලක් නැති බවයි. මන්ද යම් මට්ටමක දී ප්‍රතිඔක්සිකාරකවලටත් සටන දිගට ම කරන්න බැරි වෙනවා. එනිසා වඩා ම හොඳ දේ බීම නැවැත්වීමයි.

මනෝජ් රත්නායක

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications