Home Entertainmentප.නි.නි. තමාගේ ම විෂ පානය කරන කුහුඹුවන්

තමාගේ ම විෂ පානය කරන කුහුඹුවන්

by cmadurawala

කුහුඹුවන් සතුරන්ට විෂ සහිත රසායන ද්‍රව්‍ය (ෆෝමික් අම්ලය)වලින් දෂ්ට කරන බව රහසක් නො වෙයි. මනුෂ්‍යයන් වූ අපට පවා කුහුඹු දෂ්ටන නිසා සෞඛ්‍ය ගැටලු ඇති විය හැකියි. එම රසායනය විෂ සහිත බව එයින් ම පෙනෙනවා. කෙසේ වෙතත් Martin Luther විශ්ව විද්‍යාලයයේ Simon Tragus කළ අධ්‍යයනයක දී පෙනී ගියේ Formicinae උපකුලයට අයත් කුහුඹුවන් තමන් නිකුත් කරන විෂ වර්ගය ඇතැම් අවස්ථාවල පානය කරන බවයි. විෂ නිකුත් කරන අවයවවලට මුව තබා මේ විෂ පානය කරන බව Tragus නිරීක්ෂණය කළා. එනමුත් හැම Formicinae කුහුඹුවකු ම මෙලෙස තම සිරුරෙන් නිකුත් වන විෂ පානය නො කළ බවත් පෙනී ගියා. ශරීරය තුළ වැඩියෙන් බැක්ටීරියා වැනි රෝග කාරක ඇතුළු වූ කුහුඹුවන් වැඩි වශයෙන් මෙලෙස විෂ පානයට හුරු ව සිටි බව හෙළි වූවා. මේ අධ්‍යයනය පළ ව ඇත්තේ eLife ජර්නලයේයි.

කුහුඹුවන් බොහෝ විට තමන් කෑමක් පරිභෝජනය කරනවාට අමතර ව තම ඥාති මිත්‍රාදින්ට ද ඒවා ත්‍යාග කරනවා. මෙලෙස කරන්නේ මුවෙන් නිසා බැක්ටීරියා මෙන් ම දිලීර ද හුවමාරු වීමේ හා ආසාදනය වීමේ ඉඩ වැඩියි. කෙසේ වෙතත් තම ආහාරයට ෆෝමික් විෂ තවරා අනෙකාට ආහාර දෙන අය ද සිටිනවා. එලෙස ෆෝමික් විෂ තැවරූ ආහාර ගන්නා අනෙකා ද දිලීර හා බැක්ටීරියා ආසාදනවලට ගොදුරු වන්නේ අඩුවෙන් බව Tragus පෙන්වා දෙනවා.

මනෝජ් රත්නායක

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications