Home Entertainmentප.නි.නි. ගස්වලින් රන් නෙළිය හැකි ද?

ගස්වලින් රන් නෙළිය හැකි ද?

by cmadurawala

රත්රන් පලතුරු සහිත හෝ රත්රන් පත්‍ර පතනය වන ගස් ගැන ඔබ අසා ඇත්තේ සුරංගනා කතාවල පමණයි. එහෙත් රත්රන් ලබාදෙන පත්‍ර සහිත ශාක ගැන තොරතුරු බටහිර ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයයේ ආචාර්ය Mel Lintern හෙළි කරනවා. ඊට අදාළ අධ්‍යයනය පළ වන්නේ Nature Communication ජර්නලයේයි. මෙ රත්රන් පත්‍ර සහිත ශාක Mel විසින් සොයාගනු ලැබ ඇත්තේ බටහිර ඕස්ට්‍රේලියාවේ Kalgoorlie ප්‍රදේශයෙන්. ඒ ප්‍රදේශයේ වැවෙන Eucalyptus ශාක පුළුස්සන විට ඒවායේ පත්‍ර කොටස් ආශ්‍රිත අළුවල රන් ඇලී තිබූ බවට වාර්තා වීමෙන් පසු ඔහු ඒ ගැන පර්යේෂණ පැවැත්වූවා. මේ අළුවල බැඳුණ රන් ගැන වෙනත් මත ද පැවතියා. එනම් මේ රන් අංශු පොළොවේ තිබූ අතර එය අළු සමග බැඳුණේ අළු පසට මිශ්‍ර වූ විට බවයි. 

එහෙත් මේ රන් පසුව අළු සමග මිශ්‍ර වූ ඒවා නො ව ශාක පත්‍රය තුළ ස්වාභාවික ව තිබූ ඒවා බව Mel දැක්වූවා. ඒ MAIA නම් වූ X ray elemental imaging උපකරණය යොදාගනිමිනුයි. මෙවිට ඔහුට පෙනී ගියේ එම ප්‍රදේශයේ වූ බොහෝ Eucalyptus ශාක පත්‍රවල සුළු වශයෙන් රන් අංශු අන්තර්ගත වූ බවයි. හඳුනා ගැනීමෙන් පසු ඔහු තව පරීක්ෂාවක් කළා.

එය නම් හරිතාගාර තුළ ඉක්මනින් වැඩෙන ඉයුකැලිප්ටස් වැවීමයි. ඉන් කොටසක් වැව්වේ රන් අංශු බහුල පස්වල. අනෙක්වා එසේ නොමැති පස්වල. කලකට පසු x කිරණ මීටරය මඟින් පිරික්සු විට පෙනී ගියේ රන් දූලි පසේ වැවූ ඉයුකැලිප්ටස්වල පත්‍රවල රන් ගබඩා වී තිබූ බවයි. පස්වල ඇති රන් අංශු මුල මඟින් අවශෝෂණ කර පත්‍ර වෙත යැවීමේ හැකියාව ඉයුකැලිප්ටස් සතු බව මින් පෙනී යනවා.

රන් කැණීම සඳහා සුදුසු බිම් තේරීමේ දී ඉයුකැලිප්ටස්වල ක්‍රියාව ප්‍රයෝජනයට ගත හැකි බව Mel පෙන්වා දෙනවා.

MR

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications