පවුලක මද්දුමයා (මැද පුද්ගලයා) හෙවත් දෙවැනි දරුවා දඩබ්බරයකු බවට මතයක් පවතිනවා. එසේ ම දෙවැනි දරුවා අරගලකාරී විප්ලවකාරී (rebellious) කෙනෙකු බවට මතයක් පවතිනවා. ඒ මතය සනාථ කරවන අධ්‍යයනයක් මැසචුසෙට්ස් හි MIT Sloan විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය Joseph Doyle සිදු කර තිබෙනවා. ඔහු මේ සඳහා අමෙරිකානු හා ඩෙන්මාර්ක පුද්ගලයන් 1000කට ආසන්න පිරිසකගේ නියැදියක් භාවිත කළා. එහි දී ඔහු පරික්ෂා කළේ එම අයවලුන් අතරෙන් පාසලේ දී බරපතළ ලෙස ප්‍රශ්න ඇති කරගත් දරුවන් (පාසල්වලින් ඉවත් කළ හෝ රැඳවුම් කඳවුරුවලට යැවූ) හෝ යොවුන් වියේ දී බන්ධනාගාරගත වූවන් කවුරුන් ද යන වගයි. ඉන්පසු අයගේ උපත් පිළිබඳ සසඳා බැලුවා. එනම් ඒ දරුවා පළමු දරුවා ද, මද්දුමයා ද බාලයා ද කියා විමසා බැලුවා. නියැදිය තුළ සිටියේ පිරිමි දරුවන් පමණයි. සමීක්ෂණයේ දී පෙනී ගියේ දෙවැනි දරුවා බන්ධනාගාරගත වීම හෝ පාසලෙන් නෙරපනු ලැබීම පළමු දරුවාට හෝ තුන්වැන්නාට සාපේක්ෂ ව ඉතා ඉහළ මට්ටමක පැවැති බවයි. මෙය ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර් නම් මනෝවිද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද Middle Child Syndrome නම් සංකල්පය තහවුරු කරන්නක් බවයි. Joseph Doyle පෙන්වා දෙන්නේ එම සංකල්පයට අනුව පවුලක මැද දරුවා (තුන් දෙනෙකු සිටින පවුලක නම් දෙවැනි දරුවා) බොහෝ විට නො තකා හැරීමට ලක් වනවා. එනිසා ඔහු තම නිවසෙන් බැහැර ස්ථාන වෙත අවධානය යොමු කරන බවත් අරගලකාරි හෝ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට පෙළඹෙන බවත් Joseph Doyle පෙන්වා දෙනවා.
Birth Order and Delinquency: Evidence from Denmark and Florida නම් වූ මේ අධ්‍යයනය පළ ව ඇත්තේ Journal of Labor Economics ජර්නලයෙයි.
මනෝජ් රත්නායක