Home Entertainmentප.නි.නි. ආදරය බෙදාගැනීම කොට්ටෝරුවන්ට වාසි සහගතයි

ආදරය බෙදාගැනීම කොට්ටෝරුවන්ට වාසි සහගතයි

by cmadurawala

ආදරය බෙදා ගැනීම ඇතැම් අවස්ථාවල දී අසාධාරණ වුවත් සමහර අවස්ථාවල එය වාසිදායක බව Smithsonian ජාතික විද්‍යාගාරයේ පර්යේෂකයකු වන Sahas Barve පෙන්වා දෙනවා. ඔහු මේ බව පවසන්නේ කොට්ටෝරු ආදරය ගැන දීර්ඝකාලීන ව කළ අධ්‍යයනයක් පාදක කරගෙන. එම අධ්‍යයනය මඟින් ඔහු පෙන්වා දෙන්නේ ආදරය බෙදා ගන්නට කැමැති කොට්ටෝරුවන්ට එසේ නොවන කොට්ටෝරුවන්ට වඩා ලැබෙන ප්‍රජනන ප්‍රතිලාභ ඉහළ බවයි.

තවත් විදිහකට කිව හොත් එක් කොට්ටෝරු කිරිල්ලියක සමග සබඳතා පවත්වන කොට්ටෝරුවන් කීප දෙනෙකු ගෙන් සමන්විත එක ගෙයි කෑමේ යෙදෙන කොට්ටෝරු පවුලක සාඵල්‍යතාව එසේ නො කොට්ටෝරු පවුලකට වඩා ඉහළ බවයි. මේ බව පෙන්වීමට ඔහු කළේ Acorn කොට්ටෝරුවා (Melanerpes formicivorus) ගේ සහවාස චර්යා හා ප්‍රජනන ශක්‍යතා නිර්ණයයි. මේ සඳහා කැලිෆෝනියාවේ Hastings රක්ෂිතයේ වෙසෙන මේ කොට්ටෝරු විශේෂයේ පක්ෂීන් 500කගේ දත්ත (අවුරුදු 40ක් තිස්සේ) නිරීක්ෂණය කොට තිබෙනවා. මෙහි දී මූලික අවධානය යොමු කොට තිබුණේ එම සතුන් ඒක විවාහ තුළ සිටිනවා ද නැත හොත් බහු විවාහ තුළ සිටිනවා ද කියායි. මෙහි දී බහු විවාහ තුළ බහු පුරුෂ ක්‍රමය (polyandry) ක්‍රියාත්මක කරන, පක්‍ෂීන් දෙදෙනකු එක් ව එක් කිරිල්ලියක සමග ජීවත් වන පවුල්වල දරුවන් සංඛ්‍යාව ගැන වාර්තා ලබාගත් අතර තනි කුරුල්ලා කිරිල්ලියක හා පවුල් කන පවුල්වල දරුවන් ගණන ද ලබාගෙන එය සන්සන්දනය කළා. එවිට පෙනී ගියේ බහුපුරුෂ පවුලක එක් පියෙකුට අදාළ ව සිටින දරුවන් ගණන එසේ නො වන පවුලක පියකුට අදාළ සිටින දරුවන් ගණනට වඩා වැඩි බවයි. මෙසේ වීමට හේතුව වාසස්ථාන, ආහාර, ආරක්ෂාව වැනි ගැටලුවල දී පිරිමින් දෙදෙනාගේ ම සහාය ලැබීම යැ යි පර්යේෂකයා පවසනවා. මේ අධ්‍යයනය පළ වන්නේ Royal Socity B ජර්නලයේ.

මනෝජ් රත්නායක

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications