විද්‍යා ප්‍රබන්ධ අනාගතය වෙනස් කරන්නට මුල පිරූ බව අප දන්නා කරුණක්. නවකතා, කෙටිකතා හෝ මිථ්‍යා ප්‍රබන්ධ වැනි ඒවාටත් ලෝකය වෙනස් කළ හැකි බව කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයයේ පර්යේෂකයන් පිරිසක් පෙන්වා දෙනවා. මේ අධ්‍යයනය පිළිබඳ විස්තර පළ වන්නේ Postmodernism and Sociology ජර්නලයේ.
මෙහි දී පර්යේෂකයන් කළේ තෝරාගත් නියැදියක් (අමෙරිකානු තරුණ තරුණියන්) දෙකොටසකට බෙදීමයි. ඒ බෙදුවේ ප්‍රබන්ධ කතා කියවීමට දෙන කොටස හා නො දෙන කොටස ලෙසයි. මේ පළමු කොටසට විවිධ නවකතා දුන් අතර එහි වූ කේන්ද්‍රීය නවකතාවක් වූයේ අමෙරිකාවේ ජීවත් වන්නට යන මුස්ලිම් යුවලක් ගැන කතාවක්. මෙය මුස්ලිම් අමෙරිකා ජනවාර්ගික ගැටලුව ගැන සංවේදී ව සාකච්ඡා කරන්නක්. මේ පොත කියවන්නට පෙර හා පසු ප්‍රශ්නාවලියක් ලබා දී තිබුණා. ඒ ප්‍රශ්න මඟින් විමසා තිබුණේ අමෙරිකා, මුස්ලිම් සංස්කෘතික ගැටුම් ගැනයි. නවකතාව කියැවීමට පෙර බහුතරය සිටියේ දැඩි තීරණවලයි. එනම් එක් පාර්ශ්වයක් වැරදිසහගත ය හා ඔවුන් පිටුදැකිය යුතු ය යන මතයේයි.
එහෙත් නවකතාව කියැවීමෙන් පසු බහුතරයකගේ ඒ දැඩි මතය වෙනස් ව ගිය බව එනම් ජාතිවාදී මත වෙනස් ව ගිය බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.
MR