වසරක් පාසා අභ්‍යවකාශ යානා, රෝවර හා දුරේක්ෂ දියුණු කරමින් පිටසක්වළ ජීවය සොයා යන විද්‍යාඥයන්ගේ අලුත් ම නිගමනය, නිකල් පරමාණු දෙකක් සම්බන්ධිත සරල පෙප්ටයිඩයකින් ජීවය ආරම්භ වූ බවයි. පෙප්ටයිඩ යනු ඇමයිනෝ අම්ල කෙටි දාමයක්. මේ හා සම්බන්ධිත නිකල් පරමාණු දෙක නයිට්‍රජන් පරමාණු දෙකක් හා බැඳී ඇති නිසා විද්‍යාඥයන් එම සංඝටකය නිකල්බැක් (Nickel-back) ලෙස නම් කර තිබෙනවා. Science Advances ජර්නලයේ පළ කර තිබූ මේ අධ්‍යයනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රට්ගර්ස්හි උසස් ජෛව තාක්ෂණ හා වෛද්‍ය මධ්‍යස්ථානයේ (CABM)පර්යේෂකයෙකු වන විකස් නන්ද කියා සිටියේ, “විද්‍යාඥයන් සිතා සිටියා වසර බිලියන 3.5ත් – 3.8ත් අතර කාලයකට පෙර අජීවී අණුවලින් ජීවී පද්ධති වෙත ජීවය සංක්‍රමණය වීම දියත් කළ වැදගත් ප්‍රෝටීන් වර්ග ඇති බව. අපි දැන් විශ්වාස කරනවා නිකල්බැක් පෙප්ටයිඩය එම ප්‍රෝටීන් වර්ගවලින් එකක් කියලා. ”
“මේ අනුව පිටසක්වළ ජීවීන් සොයන විටත් මේ පෙප්ටයිඩය සහිත ග්‍රහලෝකවල ජීවය පැවතීමට වැඩි ඉඩක් තියනවා” යි මේ පර්යේෂණය සිදු කළ NASA ආයතනයේ Astrobiology වැඩසටහනේ Evolution of Nanomachines in Geospheres and Microbial Ancestors (ENIGMA) කණ්ඩායමේ විද්‍යාඥයන් පවසනවා.
සහශ්‍රිකා දෙව්මිණි