දිගුකාලීන අභ්‍යවකාශ චාරිකා නිසා අභ්‍යවකාශගාමීන් ගේ මොළය ක්‍රියා කරන හැටි වෙනස් වන බව අලුත්ම පර්යේෂණයකට පසු ඇන්ට්වර්ප් හා ලීජ් යන විශ්වවිද්‍යාලවල විද්‍යාඥයින් කියනවා.
සාමාන්‍යයෙන් පොළොව මත දී ගුරුත්වාකර්ෂණ නියම ක්‍රියාත්මක වන්නේ කෙසේද කියන එක ගැන මොළයට අවබෝධයක් තියෙනවා. අපි වීදුරුවක් බිම අතහරින්නේ නැත්තේ එහෙම වුනොත් ගුරුත්වාකර්ෂණ නියමය යටතේ ඒක බිම වැටිලා බිfඳන බව අපේ මොළය දන්න නිසා. ක්‍රිකට්, ටෙනිස් හා පාපන්දු වගේ හැම ක්‍රීඩාවක් ම ක්‍රීඩා කරන්න අපට පුළුවන් වෙලා තියෙන්නේ පොලවේ ගුරුත්වාකර්ෂණ නියමය ගැන ක්‍රීඩකයන්ගේ මොළයට අවබෝධයක් තියෙන නිසා.
ඒත් අභ්‍යවකාශයට ගියාම මොළයට හුරුපුරුදු පොළොවේ ගුරුත්වාකර්ෂණ නියම එහෙට වලංගු වෙන්නේ නෑ. අපට අපේ බර නොදැනී යනවා. එතකොට මේ අලුත් තත්ත්වයට මොලය ක්‍රමයෙන් හැඩගැහෙනවා. මාස 6ක් වගේ දීර්ඝ කාලයක් අභ්‍යවකාශයේ ගත කරලා එන අභ්‍යවකාශගාමින් පොළොවට ඇවිල්ලා සෑහෙන කාලයක් ගතවන තුරුත් මොළය එකවරම පොලවේ තත්වයන්ට හැඩ ගැහෙන්නේ නෑ කියලා විද්‍යාඥයෝ කියනවා.
දීර්ඝකාලීන අභ්‍යවකාශ චාරිකා සඳහා අලුත් අභ්‍යවකාශගාමින් පුරුදු කරනකොට මේ අලුත් අවබෝධය ගොඩක් වැදගත් වෙයි කියලා තමයි අධ්‍යයනයේ සම කර්තෘ දකුණු කැරොලිනාවේ වෛද්‍ය විශ්ව විද්‍යාලයේ ආචාර්ය මයිකල් ඇන්ටොනුචි කියන්නේ.
සහශ්‍රිකා දෙව්මිණි