සරල සාගර ජීවීන්ගේ සිට සංකීර්ණ බහු සෛලික ජීවීන් දක්වා පරිණාමය වීමට ඔක්සිජන් ඉතා වැදගත් වූ බවට දීර්ඝ කාලයක් පුරා පැවති න්‍යාය දැන් නව අධ්‍යයනයක් මගින් අභියෝගයට ලක් වෙලා.
Woods Hole Oceanographic විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් Southern Denmark ආයතනය,Lund විශ්ව විද්‍යාලය සහ ඛමබා විශ්ව විද්‍යාලය සමඟ එක් ව කරන ලද එම අධ්‍යයනයේ දී පර්යේෂකයන් වසර මිලියන සිය ගණනකට පෙර සාගර රසායන විද්‍යාව පිළිබඳ දැනුම රැස් කර ගත්තේ මැටි සහ වැලි තැන්පත් වීමෙන් ඇති වන මුහුදු පත්ලේ ස්තරවල රසායනික සංයුතිය විශ්ලේෂණය කිරීමෙන්.
පසුගිය වසර 20ක් පුරා ජීවයේ සම්භවය පිළිබඳ ව පුළුල් ලෙස අධ්‍යයනය කර ඇති සහකාර මහාචාර්යChristian J’ Bjerrum පවසන්නේ, “අපගේ මිනුම් මගින් ලෝක සාගරවල එවකට පැවති සාමාන්‍ය ඔක්සිජන් සාන්ද්‍රණය කොයි වගේ ද කියල හොඳ චිත්‍රයක් සපයනවා. වඩා දියුණු සත්ත්ව විශේෂ පරිණාමය වී පෘථිවියේ ආධිපත්‍යය දැරීමට, ඔක්සිජන් ප්‍රමාණයේ විශාල වැඩි වීමක් හේතු නොවූ බව අපට දැන් පැහැදිලියි. ඒ නිසා පෘථිවියේ දියුණු ජීව ස්වරූපයන් පරිණාමයේ දී ඔක්සිජන් විසින් ඉටු කරන ලද කාර්යභාරය පිළිබඳ ව වර්තමාන දැනුම නැවත ඇගයීමට ලක් කළ යුතු අතර පෙළපොත් සංශෝධනය විය යුතු ය.”
සහශ්‍රිකා දෙව්මිණි