Home Entertainmentප.නි.නි. පළිඟු වුණත් දූවිල්ල මාරාන්තිකයි

පළිඟු වුණත් දූවිල්ල මාරාන්තිකයි

by Sathya

කෘත්‍රිම ක්වාර්ට්ස් යනු ඉදිකිරීම් සඳහා බහුලව භාවිතා කරන පළිඟු පාෂාණ වර්ගයක්. හේතුව ග්‍රැනයිට් හෝ කිරිගරුඬ මෙන් ඔප දැමීමක් අවශ්‍ය නොවීම. ඒ නිසා සැම විටම දිලිසීම සහ සුසිනිඳුව පවත්වා ගැනීමට හැකි වීම මෙන්ම කල්පැවැත්ම.
නමුත් ක්වාර්ට්ස් වල, ග්‍රැනයිට් හා කිරිගරුඬ වලට වඩා වැඩි සිලිකා ඛනිජ ප්‍රමාණයක් අඩංගුයි. ඒ නිසා ක්වාර්ට්ස් ස්ලැබ් එකක් කැපූ විට වාතයට පිට වන සිලිකා දූවිලි අංශු ප්‍රමාණය වැඩි නිසා කම්කරුවන් පෙනහළු රෝගවලට ගොදුරු වීම් වැඩි වැඩියෙන් වාර්තා වෙන්න අරගෙන. මෙලෙස බරපතළ පෙනහළු රෝගයකට ගොදුරු වී සිටි කැලිෆෝනියාවේ තරුණ ලතින් ඇමරිකානු පිරිමි අතරින් අවම වශයෙන් 10 දෙනෙක් වත් රෝගී තත්ත්වය නිසා මිය ගියා. මහජන සෞඛ්‍ය විශේෂඥයින් විශ්වාස කරන්නේ, මෙම කර්මාන්තයේ නියැලෙන හඳුනා නො ගත් තවත් රෝගී කම්කරුවන් බොහොමයක් සිටිය හැකි බවයි.
මේ නිසා මෑතක දී UCSF/UCLA කළ අධ්‍යයනයකින් ගල් වැඩ කරන්නන්ට සිලිකොසිස් වලින් සිදු වන බලපෑම පරීක්ෂා කර ඇත.
සැන් ෆ්‍රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පෙනහළු විද්‍යාඥShephali Gandhi සහ ඇයගේ සගයන් කිහිප දෙනෙකු විසින් කැලිෆෝනියාවේ රෝගී කෘත්‍රිම ක්වාර්ට්ස් නිෂ්පාදන සේවකයින් 50කට වැඩි සංඛ්‍යාවක ගේ සෞඛ්‍ය දත්ත ඇතුළත් වාර්තාවක් නිකුත් කර ඇත. “රෝගීන් සියලු‍ දෙනා ම පාහේ ලතින් ඇමරිකානු පිරිමින්. ඒ හැමෝ ම ගොඩක් තරුණයි. සමහරුන්ට පෙනහළු බද්ධ කලත් ඔවුන් මිය ගියා.”
සුදුසු මුඛ ආවරණ භාවිතය හා හොඳින් වාතාශ්‍රය හා ජලය සැපයීමෙන් ඉදිකිරීම් ස්ථානවල සිලිකා දූවිලි පාලනය කළ හැකියි. කෙසේ වෙතත්, වෘත්තීය ආරක්ෂාව සඳහා වන කැලිෆෝනියා කාර්යාලයට අනුව, ප්‍රාන්තයේ කෘත්‍රිම ක්වාර්ට්ස් නිශ්පාදන ඇයතන බොහොමයක් සිලිකා සම්බන්ධ නීතිමය රෙගුලාසිවලට අනුකූල නොවී ම මේ තත්ත්වයට හේතුවයි.

සහශ්‍රිකා දෙව්මිණි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications