Home Entertainment කොයි එළියටත් ඔරලෝසුව වැඩ

කොයි එළියටත් ඔරලෝසුව වැඩ

by Rashi

දීප්තිමත් ආලෝකයට නිරාවරණය වූ විට මීයන් භෞතික විද්‍යාත්මක ව පරස්පර විරෝධී ප්‍රතිචාර දෙකක් ඇති කරන බව Oxfordහි Sleep and Circadian Neuroscience Instituteහි ආචාර්ය Stuart Peirsonට පෙනුනා.

ඔහු පවසන පරිදි, “රාත්‍රියේ දී මීයන් ආලෝකයට නිරාවරණය කළ විට, එය ඔවුන් නින්දට යැවීමට හේතු වුණා. ඒ සමග ම මීයන් තුළ, ආතති හෝමෝනයක් වන corticosterone මට්ටම ද වැඩි වුණා. මේ දෙක අතර සම්බන්ධය මොකක් ද? ඒ වගේ ම අපේ ශරීර ඔරලෝසුව (biological clock) නියාමනය කිරීමේ දී අත්‍යවශ්‍ය නිල් ආලෝකයට සංවේදී වර්ණකයක් වන melanopsin මෙම ක්‍රියා දෙක සමග සම්බන්ධ වෙන්නේ කොහොම ද කියලා පර්යේෂකයෝ කල්පනා කළා.

නින්දේ දී melanopsinවල ක්‍රියාකාරිත්වය පිළිබඳ දැනට පවතින තොරතුරු මත පදනම් වූ විද්‍යාඥයන්, මීයන් සාමාන්‍යයෙන් ක්‍රියාශීලී නොවන කාල පරිච්ඡේදයක දී ඔවුන් වයලට්, නිල් සහ කොළ වර්ණ තුනට ම නිරාවරණය කළා.

පර්යේෂකයන් බලාපොරොත්තු වූයේ නිල් ආලෝකය වේගයෙන් මීයන්ව නින්දට පොලඹවනු ඇති බවයි. නමුත් ඉක්මනින් නින්ද ඇති කිරීමට හේතු වූවේ කොළ ආලෝකයයි. ඒ මිනිත්තු එකත් තුනත් තරම් කෙටි කාලයක් ඇතුළත. නිල් සහ වයලට් ආලෝකය නින්ද ප්‍රමාද කළා. නිල් ආලෝකයට නින්ද ඇති කිරීමට මිනිත්තු 16-19ක් සහ වයලට් ආලෝකයට විනාඩි 5-10ක් ගත වුණා.

රාත්‍රී කාලයට විවිධ වර්ණවල ආලෝකය තිබීම අපේ ජීව විද්‍යාත්මක ඔරලෝසුව අවුල් කිරීමටත්, ඒ තුළින් අපේ නින්දටත් බලපානව කියල තමයි විද්‍යාඥයො හිතුවේ. ඒත් මේ පර්යේෂණයෙන් පස්සෙ විද්‍යාඥයෝ කියනවා ආලෝකයේ සිදුවන විවිධ වෙනස්කම් අපේ ජීව විද්‍යාත්මක ඔරලෝසුවෙ ක්‍රියාකාරිත්වයට හරි, අපේ නින්දට හරි බලපාන්නේ නැහැ කියලා.

සහශ්‍රිකා දෙව්මිණි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications