අප්‍රිකානු කුහුඹු වර්ගයක් ඉන්නවා. උන්ගේ නම Megaponera analis හෙවත් Matabele කුහුඹුවන්. ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වේයන්. අවදානම් සහිත වේයන් දඩයමේ යෙදෙන විට නිතර මේ කුහුඹුවන් තුවාල ලබනවා. සමහර තුවාල විෂබීජ නිසා ආසාදනය වෙනවා. කෙසේ වෙතත්, ඔවුන්ට ආසාදිත සහ ආසාදිත නො වන තුවාල අතර වෙනස හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා තමන් විසින් ම නිපදවන ප්‍රතිජීවක මඟින් ආසාදිත තුවාලවලට කාර්යක්ෂම ව ප්‍රතිකාර කර ගන්න මේ කූඹින්ට පුළුවන්.
Matabeleට ඇති මේ විශිෂ්ට හැකියාව ගවේෂණය කළ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, ඔවුන් මේ ප්‍රථිජීවක නිපදවන්නේ තම උරස් පැත්තේ පිහිටා ඇති metapleural ග්‍රන්ථියෙන් බවයි. මෙම චිකිත්සාව ඉතා ඵලදායී වන අතර, ආසාදිත කුහුඹුවන්ගේ මරණ අනුපාතය 90%කින් අඩු කරනවා.
කුහුඹුවන්ගේ තුවාලවල ඇති ප්‍රධාන රෝග කාරකය වන Pseudomonas aeruginosa මිනිසුන්ට ද ආසාදනය වනවා. ඒ නිසා මේ සොයා ගැනීම මිනිසුන් සඳහා භාවිතා කළ හැකි නව ප්‍රතිජීවක නිපදවීමට යොදා ගත හැකි බව විද්‍යාඥයෝ කියනවා.
Lausanne විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Laurent Keller සහ Julius-Maximilians-Universität (JMU) Würzburgහි ආචාර්ය Erik Frankගේ මූලිකත්වයෙන් සිදු කළ මෙම අධ්‍යයනයේ වාර්තාව Nature Communications සඟරාවේ පළ කර තිබුණා.
සහශ්‍රිකා දෙව්මිණි