“පර්සියාවේ රජකම ගන්නවාට වඩා ස්වභාව ධර්මයේ තවත් එක් රහසක් අනාවරණය කර ගන්න මම වඩාත් කැමතියි. “ – ඩිමොක්‍රිටස් – (ක්‍රි. පූ. 460 – 370)
ඔයා දන්නව ද..? මෙයට අවුරුදු 2,400කට කලින් ඩිමොක්‍රිටස් නිර්භය ව එහෙම කියන විට පර්සියාවේ රජකම තිබුණේ අධිරාජයකු තරම් ඉතා බලවත් තත්ත්වයක බව. නමුත් ඔහුට ඒකෙන් ඇති වැඩක් නෑ. ඒක පැහැදිලියි. හේතුව ඔහු නියම දාර්ශනිකයකු වීම. අනෙක රජෙක් වුණා කියා සොබාදහමේ රහස් අනාවරණය කරගැනීමෙන් කෙනකුට ලැබෙන විශිෂ්ට ආත්ම තෘප්තිය කවදා වත් අත්විඳින්න ලැබෙන්නේ නැහැ. කොහොමත් ඒක රජකමට සමාන කරන්න බැහැ. එය අමිලයි.
මට තවත් පොඩි කතාවක් මතක් වෙනව මේ වෙලාවෙ. මම හිතනවා ඒක අහන්න ඔයා කැමති වෙයි.
කොරොන්තියේ (පැරණි ග්‍රීසියට අයත්) සිය ̈ ම රාජ්‍ය නිලධාරින් හා දාර්ශනිකයන් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා (මැසඩෝනියාවේ) බැහැදකින්න ආවත් එක් දාර්ශනිකයෙක් විතරක් ඇවිත් නෑ කියන්න අධිරාජයා දැන ගත්තා. ඔහුගේ නම ඩයෝජීනස්. අන්තවාදී අල්පේච්ඡතාවාදියකු වුණ ඩයෝජීනස් ජීවත් වුණේ මහපාරේ, නිඳා ගත්තෙ ලොකු වේවැල් කූඩෙක. කිසිදු සුඛෝපභෝගී බඩු භාණ්ඩයක් ඔහු පාවිච්චි කරේ නැහැ. ඉතින් ඇලෙක්සැන්ඩර් ගියා ඔහු ඉන්න තැනට.
ඒ ඉර බැහැගෙන යන උණුසුම් හැන්දෑවක්. වේවැල් කූඩේ විවේකී සුවයෙන් වැතිර ඉන්න ඩයෝජීනස්ට තේරුණා තමන් අසලට කවුරු හෝ පිරිසක් පැමිණි බව. ඔහු යාන්තමින් හිස ඔසොවා බැලුවා. තමන්ට වැටෙන හිරු එළියට බාධාවක් වන ආකාරයට සොල්දාදුවන් ද පිරිවරා ගෙන හිටගෙන ඉන්නෙ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා බවත් ඔහුට පෙනුණා. ඊළඟට අධිරාජයා දාර්ශනිකයා ගෙන් ඇසුවා තමන් ගෙන් ඔහුට මොනවා හෝ වුවමනා කරනවා ද කියා… මොකද, ඔහු අධිරාජයෙක්. ඉල්ලන ඕනෑ ම වස්තුවක් දෙන්න පුළුවන්කම ඔහුට තිබුණා. ඩයෝජීනස් ‘ඔව්’ කියා කිව්වා. මහා ඇලෙක්සැන්ඩර් ඇසුවා ‘මොනව ද ඒ?’ කියා. “කරුණාකර මට වැටෙන ඉර එළියට බාධාවක් නො වී පොඩ්ඩක් අඩියක් දෙකක් පැත්තකට වෙන්න. ̃ ඒක තමයි දාර්ශනිකයාට වුවමනා වුණේ. තමන් ඇලෙක්සැන්ඩර් නො වුණා නම් නියත වශයෙන් ම ඩයෝජීනස් වගේ වන බව මහා අධිරාජයා පසුව කීවේ යැ යි සඳහන් වෙනවා.
තවත් ග්‍රීක දාර්ශනිකයෙක් වන ප්ලේටෝගේ උතෝපියානු අදහසක් අනුව ලොව හොඳ ම පාලන ක්‍රමය වන්නේ දාර්ශනිකයන් විසින් පාලනය කෙරෙනා රාජ්‍යයන්. ඒ වුණාට මේ වන තෙක් එවැනි පාලන ක්‍රමයක් ලෝකයේ තිබිලා නැහැ කියන්නත් ඔයා දැන ගන්න ඕන. නමුත් දර්ශනය සහ දාර්ශනිකයන්ට බියෙන් කටයුතු කළ, ඒ කෙරෙහි වෛරයෙන් ක්‍රියා කළ බොහෝ රාජ්‍ය පාලකයන් ඉතිහාසයෙන් අපට හොයා ගන්න අපහසු වෙන්නෙ නැහැ. පුරාණ ග්‍රීසියේ ඇතෑන්ස් පෞර රාජ්‍යයේ පාලනය යටතේ සොක්‍රටීස්ට වස පානය කර මිය යන්න සිද්ධ වුණේ ඔහු ඉදිරිපත් කළ දාර්ශනික මතවාද හේතුවෙන් කියන්න මේ සංවාදයේ ඉදිරියේ දී ඔයා දැන ගනී වි. දෙවැනි ලෝක යුද්ධය කාලයේ දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි පාලනය විසින් බොහෝ දාර්ශනික පොත්පත් ගිනි තබා විනාශ කර දමා තිබෙනවා. මුළු මහත් මධ්‍යකාලීන අවධිය පුරාවට ම – වසර 1,000ක් පමණ කාලයක් – යුරෝපය තුළ ක්‍රිස්තියානි ආගමික දර්ශනයට හැරෙන්නට වෙනත් දාර්ශනික මතවාදයන්ට ඉඩක් තිබුණේ නැහැ. බොහෝ දාර්ශනිකයන්ට තම මවු රටවලින් පිටුවහල් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. තවත් අය සිරගත කිරීම්, ඝාතනය කිරීම් ආදි විවිධාකාර මර්දනයන්ට ගොදුරු වී තියෙනවා. අද දක්වා ම එවැනි සිදුවීම් ලෝකය පුරා ම අඩු වැඩි වශයෙන් සිද්ධ වෙනවා.
ඔයා හිතන්නෙ මොකක් ද මේකට හේතුව..? ඒකට හේතුව ඔවුන්ගේ නිර්භීත භාවය. ඕන නම් ඒකට දාර්ශනික නිර්භීත භාවය කියා කියන්නත් පුළුවන්. එතකොට මොකට ද මේ අය නිර්භීත වෙන්නෙ..? අදහස්, මතවාද, සංකල්ප හා න්‍යායන් ප්‍රකාශ කරන්නයි ඔවුන් නිර්භීත වෙන්නෙ.
අදහස්, මතවාද, දෘෂ්ටිවාද කියන්නෙ අවි ආයුධවලට වඩා බලවත් දේකට. ඒවාට පුළුවන් මිනිසුන්ව පාලනය කරන්න. ඒ වගේ ම සියවස් ගණන් නො වෙනස් වන ආකාරයට මිනිස් සමාජයන් හැඩ ගස්වන්න. ආගමික මතවාද හා දෘෂ්ටිවාද ඒකට හොඳ උදාහරණයක්. හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, බෞද්ධ ආදි මේ ඕනෑ ම ආගමික මතවාදයක් සියවස් ගණනාවක් මිනිස් සිතුම් පැතුම් සමාජ සංස්කෘතික සංස්ථාවන් ආදිය පාලනය කරමින් ඉන්නවා. ඒවාට මිනිසුන් අතර යුද්ධ හා ආගමික කෝලාහල ඇතුළු හිංසාකාරී සිදු වීම් නිර්මාණය කිරීමේ හැකියාව තිබෙනවා. අනෙක් අතට දේශපාලන හා සංස්කෘතික මතවාදවලටත් ඒ හැකියාව ම තිබෙනවා. අදටත් ලෝකයේ කුමන හෝ තැනක කුමන හෝ මට්ටමින් හෝ යුද ගැටුම් ක්‍රියාත්මකයි. සමස්ත මානව ඉතිහාසය ම එක්තරා අයුරකින් බැලුවොත් යුද්ධවල ඉතිහාසයක් කියා ඔයාට දකින්න ලැබෙයි. ඒ සැම යුද ගැටුමක් පිටුපස ම මතවාද හා දෘෂ්ටිවාද ඇති බවත් ඔයා දැනගනී වි. ඒ වගේ ම ලෝකය හා මිනිසාගේ පැවැත්ම වඩා යහපත් කිරීම සඳහා හැකියාව ඇත්තේ ද අදහස්, මතවාද ආදියටමයි. ඒ අතින් එය නිසැක ව ම දෙපැත්ත කැපෙන ආයුධයකට හැම අතින් ම සමානයි කියා ඔයා හිතන්නෙ නැද්ද..? ඔව්…! එය එවැනියි. එතරම් එය බලවත්.
මුල් බැසගත් සම්මතයන්ට හා සම්ප්‍රදායන්ට එරෙහි වීමේ බලය ද ඒවා සතුයි. නව මතවාද නව සංකල්ප හා න්‍යායන් මඟින් ලෝකය සහ මිනිස් පැවැත්ම හැම විට ම විප්ලවයක් සඳහා මෙහෙයවා ඇති අතර ලෝකයේ හා මිනිසාගේ ඉදිරි ගමනට වෙන මොනවාටත් වඩා උපකාරී වී තිබෙනවා. දාර්ශනිකයන් හට වැඩි වශයෙන් ම එරෙහි වී ඇත්තේ ද අනෙක් අතට දාර්ශනිකයන් වැඩි වශයෙන් ම ගැටී ඇත්තේ ද සම්මත සම්ප්‍රදායන් සමගයි.
බොහොමයක් දාර්ශනික මතවාද හා සංකල්ප ඒවා ඉදිරිපත් වූ, ප්‍රකාශ වූ කාලයේ දී අදාළ කාලයට වඩා ඉදිරිගාමී වී තිබෙනවාතවිප්ලවකාරී වී තිබෙනවාත සම්මත සම්ප්‍රදායන් විශ්වාසයන් ආදිය ප්‍රශ්න කර තිබෙනවා; එසේ ම පවතින යථාර්ථයේ නියම ස්වභාවය නිරාවරණය කරගැනීමට වෙහෙසී තිබෙනවාතස්වභාවයේ ස්වභාවයත් අභිරහසුත් අනාවරණය කර ගැනීමට උත්සුක වී තිබෙනවා.
මෙන්න මේක තමයි දර්ශනයේ ඇති සුවිශේෂත්වය. තියෙන දේ, පවතින දේ, දකින දේ, අහන දේ, සිතන දේ ඒ විදිහට ම බාර ගන්න දර්ශනය සහ දාර්ශනිකයන් සූදානම් නැහැ. ඒක තමයි දර්ශනයේ වගේ ම විද්‍යාවේ ඉතිහාසය විසින් අපිට උගන්නන ප්‍රධානතම පාඩම. එසේ වෙන්නට නම් ඔයාට නිර්භය ප්‍රශ්න කරන්නකු බවට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ ම ඒක දර්ශනය කියන කඳු මුදුන තරණය කරනා පළමු පියවර ද වෙනවා.
දර්ශනයේ උපත සිදු වූවා කියා පර්යේෂකයන් පිළිගන්නා කාලයේ ද සිද්ධ වුණේ එවැන්නක්. ඔයා හිතන විදිහට දර්ශනයේ උපත සිද්ධ වෙන්න ඇත්තේ කුමන කාලයේ ද..? නිකමට හිතන්න…
ලබන සතියට…
■ දර්ශන විද්‍යා අරවින්ද