මේ වන විට ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරසරුවට නිදහසේ වැවෙන තෘණ ශාකයක් වෙයි. වගා බිම්, ඕවිටි, පුරන්වුණු කුඹුරු, ගස් කපා එළි පෙහෙළි කළ වනාන්තර, මහා මාර්ග දෙපස, පහතරට සහ කඳුකරයේ පාර දෙපස සහ දුම්රිය මාර්ග අද්දර, ස්වාභාවික වනාන්තර, ගෙවතුවල මෙන් ම නාගරික ප්‍රදේශවල පවා මේවා දැකිය හැකි ය. දේශීය තෘණ ශාකයක් නො වන මෙය ශ්‍රී ලංකාවට ආගන්තුක තෘණ ශාකයකි. හැටේ දශකයේ මෙරටට ඔස්ටේ්‍රලියාවෙන් ගෙනා කිරි එළදෙනුන්ට ආහාර පිණිස ගෙනා බීජ නිසි පාලනයකින් තොර ව වගා කිරීම නිසා මේ වන විට ආගන්තුක ආක්‍රමණික තෘණ විශේෂයක(Alien Invasive Species)බවට පත් වී ඇත.
විද්‍යාත්මකවPanicum maximumයනුවෙන් හැඳින්වෙන මේ තෘණ විශේෂය මෙරට වැසියෝ ගිනි තණ, අලි තණකොළ, මාන, රට තණකොළ, පොහොන් මාන සහ ගිනිකැරැස්ස යන නම්වලින් හඳුන්වති. ඉංග්‍රීසියෙන් මෙය හඳුන්වන්නේ Guinea grass නමිනි.
නිවර්තන අප්‍රිකාව නිජබිම කොට ගත් ගිනි තෘණ සත්ත්ව ආහාරයක් ලෙස 1820 දී හඳුන්වා දී ඇත (Thwaites” 1864). කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ ගිනි තෘණ 1801-02 කාලයේ දී වාර්තා වී ඇති බව සොයා ගෙන ඇති අතර(Wisumperuma, 2007).එය පළමුව දැන ගත් කාලයට වඩා දශක දෙකකට පමණ පෙර හඳුන්වා දුන්නා විය හැකි ය.
ගිනි තෘණ ප්‍රභේද දෙකක් දක්නට ලැබේ. ගිනි- ‘A’ ලෙස හඳුන්වන ගොරෝසු, පළල් පත්‍ර සහිත, බූව සහිත, කඳක් ඇති හැඩිදැඩි, මීටර් තුනක් පමණ උසට වැඩෙන ගිනි තෘණ විශේෂය සහ ගිනි- ‘B’ලෙස හඳුන්වන සියුම්, පටු පත්‍ර සහිත, මීටර් 1 – 2 දක්වා උසට වැඩෙන කුඩා කඳක් සහිත වැඩි පත්‍ර ප්‍රමාණයක් ඇති ගිනි තෘණ විශේෂය බීජ මඟින් වේගයෙන් ව්‍යාප්ත වන අතර වර්ධක ප්‍රචාරණය සිදු වන්නේ සෙමිනි(Holm et al'” 1977). මේ ශාකය බීජ මඟින් හෝ මුල් සහ රයිසෝමකැබැලි මඟින් වර්ධක ලෙස ද වවාගත හැකි ය. (Lazarides, 1980). මෙය ඉතා ඉක්මනින් බීජ සාදන නමුත් ඒවා ඉතා අසමාන ලෙස මෝරන අතර බීජ කලින් හැළී යයි. නැවුම් බීජවල අක්‍රීය කාලයක් ඇති අතර ඒවා මාස 6ක් පමණ වියළි බීජ ලෙස පසේ ගබඩා වී පසු පැළවීමේ දී ශක්තිය වර්ධනය කර ගනී(Holm et al.., 1977). අනෙකුත් නිවර්තන තෘණ වර්ගවලට වඩා ගැඹුරින් ඇති බීජ ප්‍රරෝහණය වන අතර ඒ සඳහා පස වරින් වර සෙ. මී. 2 – 3 දක්වා ගැඹුරකට තෙතමනය සහිත ව තිබිය යුතු ය. ප්‍රරෝහණය සහ වැඩීම සෙමින් සහ අසමාන ව සිදු වේ(Bogdan, 1977).
ිණිතණමර්ධනය කිරීමේ අරමුණින් හා වනාන්තරවල වෙසෙන වල් ඌරන් වැනි සතුන් අල්ලා ගැනීමේ අරමුණින් මෙන් ම ගෙවතු, වගා ඉඩම් සහ හේන්වල නැවත වගා කිරීමට පෙර ද ගිනිතණ ගිනි තැබීම නිරතුරුවම සිදු කෙරෙයි. එහෙත් එයින් සිදුවන්නේගිණිතණමර්ධනය වීමක් නො වේ. ඉන් පසුව එන වර්ෂාවත් සමග පිළිස්සී පස යට ඉතිරිවන මුල් වලින් නැවත පැළවෙනගිනිතණ සරු වර්ධනයක් පෙන්නුම් කිරීමයි.
ශ්‍රී ලංකාවේ වී කුරුල්ලන් (Lonchura spp.)මේ ශාකයේ බීජ ආහාරයට ගන්නා නමුත් ව්‍යාප්තිය හෝ පාලනය සඳහා මේකුරුල්ලන්ගෙන් වන බලපෑම අධ්‍යයනය කර නොමැත. මේ ශාකය රෝග සහ පළිබෝධ වාහකයකු ලෙසත්, තමා අවට තිබෙන සම්පත් අත්පත් කර ගන්නකු ලෙසත්, පරිසර පද්ධති වෙනස් කරන ජෛව විවිධත්වය හීන කරන ශාකයක් ලෙසත් සහ දේශීය ශාක මැඩලන වල් පැළෑටියක් ලෙස ක්‍රියා කරයි(Bambaradeniya,2002).කෙසේ වෙතත් මේ වන විට ගිනි තෘණ ශාකය මෙරට ශාක ජෛව විවිධත්වයට ප්‍රබල ලෙස අහිතකර බලපෑම් කරන ආක්‍රමණශීලී ආගන්තුක ශාක විශේෂයක් වී අවසන් ය. එහෙත් මේ තත්ත්වය මැඩලීම සඳහා ගත යුතු උපාය මාර්ග කවරේදැ යි යන්න පිළිබඳ ව සොයා බැලීමක් ද කර නැත.
දේශීය පරිසරය හා කිසිදු සම්බන්ධතාවක් නොමැති විදේශීය ජන්මයක් සහිත මේ ශාකය මඟින් සිදු කරන විනාශයසුළුපටු නො වේ. එමඟින් අපගේ ප්‍රධාන මාතෘකාව වන සමනළ ගහනයට මෙන් ම දේශීය ශාක හා සත්ත්ව ගහනයට විශාල තර්ජනයක් වේ. එසේ ම කෘෂිකාර්මික කටයුතු මෙන් ම මිනිසුන්ගේ එදිනෙදා දිවි පෙවෙතට ද තර්ජනයක් වී හමාර ය. එසේ ම මේවා පරිසර පද්ධතිවල පැවැත්ම අඩාල කරන අතර පරිසර පද්ධතියේ සමතුලිතතාව බිඳ හෙළයි.
එසේ ම ඉහළ යන බීජ ව්‍යාප්තිය නිසා වී කුරුල්ලන්, මීයන් වැනි සතුන්ගේ ගහනයඉහළ යෑම සිදු වේ. මෙහි දී සිදුවන්නේ ගිනි තණවල වර්ධනය ඉහළ යාමත් සමග හටගන්නා බීජ ආහාරයට ගන්නා කුරුල්ලන්ගේ ගහනයේ වර්ධනයක් සිදුවීම හා ඒ සමගම ගිනි තණ පඳුරු තුළ මීයන් වැනි සතුන් වාසස්ථාන ගොඩ නගාගැනීමයි. මෙමගින් කුඹුරුවල පීදෙන ගෙනයාමට මෙන් ම සමස්ත වී වගාව සඳහා දැඩි බලපෑමක් ඇති කරයි. කෘෂිකාර්මික කටයුතු සඳහා බිම් සැකසීම හා වල් මර්දනය වැනි කටයුතුවල දී ද මේ ගිනි ශාක නිසා අමතර වෙහෙසක් දැරීමට සිදු වේ. එය කෘෂිකාර්මික කටයුතු සඳහා මහත් බාධාවකි.
මේ ගිනි තෘණ ශාකය නිසා මෙරට වෙසෙන දර්ශනීය සියුමැලි සමනළයන්ගේ ආහාර සහ ධාරක ශාකවලට ප්‍රබල හානි ගෙන දෙන බැවින් එම ශාක වඳ වී යන ස්වභාවයක් මෙරට තුළ ඇති වී තව දුරටත් වර්ධනය වෙමින් පවතී. මේ හා සම්බන්ධව පර්යේෂණ කරන තරුණ පරිසරවේදියකු වන රජික ගමගේ දක්වන අදහස් රැසකින් මේ සංවාදය සැකසේ. ජෛව විවිධත්වයෙන් පොහොසත් රටක් වන අපේ රටේ සමනළ විශේෂ 249 දෙනකුට වාසස්ථාන සපයනවා. මෙයින් සමනළ විශේෂ 31ක් අප රටේ පමණක් දක්නට ලැබෙන එනම් අප රටට ආවේණික විශේෂ. මේ අතරට මෑත කාලයේ යම් යම්හේතුන් මත ලංකාවට පැමිණි සමනළ විශේෂ තුනක් ද ඇතුළත් වෙනවා. මේ අනුව බලන විට සමනළ විශේෂ විවිධත්වය අතින් පොහොසත් රටක් වන අපේ රටේ සමනළ ගහනයේ වර්තමාන තත්ත්වය පිළිබඳ ව සතුටු විය නො හැකි ආකාරයට සමනළ විශේෂ ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතිනවා. අතීතයේ ඉතා සුලබ වූ සමනළ විශේෂ ගහන ද මේ වන විට ඉතා ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතිනවා. දෙසැම්බර් මාසයේ ආරම්භ වන සිරිපා සමයත් සමග කඳුකර දෙසට පියඹා එන සුදු පැහැති සමනළයන් අතීත වැසියන්ගේ ජන විඥානය තුළ බැතිබර හැඟීමක් සහිත ව සනිටුහන් කළා.
සුදු හා කහ පැහැයටහුරු සමනළයන් වන ලප සැරියා(Mottled Emigrant), දෙහි සැරියා (Lemon Emigrant), දිගු පත් සමනළයා (Common Albatross), තුඩ දිගු පත් සමනළයා (Lesser Albatross), දිගු පත් වයිරමා(Striped Albatross), ලිහිණි සමනළයා (Common Gull), අප්සරාවි(Pioneer), මේ සංක්‍රමණයේ ප්‍රමුඛයන් වුණා. නමුත් පසුගිය දශක දෙකක පමණ කාලයක සිට මේ සමනළ විශේෂවල ගහනයේ ශීඝ්‍ර අඩු වීමක් දැක ගැනීමට ලැබෙනවා.
සමනළයන් අඩු වීමට බලපාන ප්‍රධාන හේතු මොනවා ද?
සමනළයන් අඩු වීමට බලපාන ප්‍රධාන හේතුවක් වන්නේ පරිසර පද්ධතියක තත්ත්වය බාල වීමයි. මේ සඳහා පරිසර පද්ධතියේ වැවෙන ශාක විශේෂවල සංයුතියේ වෙනස්කම් බලපානවා. මේ සංයුතිය වෙනස් වීමට බලපාන ප්‍රධාන ම හේතුවක් තමයි ආක්‍රමණික ශාකවල ව්‍යාප්තිය. අධික වල් නාශක භාවිතයත් මේ සඳහා බලපා තිබෙනවා. ඉහත කාරණා දෙක මඟින් පරිසරයේ ඇති ශාක විවිධත්වයට විශාල තර්ජනයක් සිදු කරනවා. ආක්‍රමණශීලී ශාක විශේෂවල ශීඝ්‍ර වර්ධනය හමුවේ දේශීය ශාක විශේෂ වඳ වී යාම සිදු වෙනවා. කලින් කිව්වා වගේ අධික ලෙස වල් නාශක භාවිතයත් මීට බලපානවා. ග්ලයිෆොසෙට් භාවිතය නිසා දේශීය ශාක විශේෂ ඉතා ඉක්මනින් විනාශ වන අතර එම භූමිය කෘෂි රසායනවලට ප්‍රතිරෝධී ශාකවල ආක්‍රමණයට ලක් වනවා. මෙමඟින් පරිසරයේ වෙසෙනසමනළුන්ගේ ධාරක ශාක හා මල්පැණි අවශ්‍යතාව සපුරන පෝෂක ශාක නොමැති වීම සමනළ විශේෂවල අඩු වී යෑමට හේතු වෙනවා.
සිරිපා වන්දනාවේ ගිය සමනළයන් අඩු වීමට වඩාත් බලපෑවේ කුමන කාරණාව ද?
සිරිපා වන්දනාව ලෙස පොදුවේ හැඳින්වූ සමනළ සංක්‍රමණය මීට දශක කීපයකට පෙර වූ ඉතා ම සිත් ඇද ගන්නා දර්ශනයක්. නමුත් අද වන විට මේ තත්ත්වය සමනළයන් කීප දෙනකුට පමණක් සීමා වූ එතරම් ආකර්ෂණීය නො වූ ක්‍රියාවලියක් බවට පත් වී හමාරයි. මෙසේ සමනළ ගහණය අඩු වීමට බලපෑ ප්‍රධාන සාධකය වන්නේ 60 දශකයේ ලංකාවට හඳුන්වා දුන් ඉංග්‍රීසියෙන් ගිනි ග්‍රාස්(Guini grass) නැමැති තෘණ ශාක විශේෂය යි. මේ ශාකය ලංකාවට හඳුන්වා දෙන ලද්දේ කිරි එළදෙනුන්ගේ ආහාරයක් වශයෙන්. විවිධ පාංශු තත්ත්ව හා දේශගුණ තත්ත්වයන්ට හොඳින් අනුවර්තනය විය හැකි මේ තෘණ ශාකය සෙවණ සහිත පරිසරයේ පවා හොඳින් වර්ධනය වෙනවා. මහා මාර්ග දෙපස ලඳුකැළෑ හා තණ බිම් ගෙවතු හා කෘෂිකාර්මික භූමි පවා ආක්‍රමණය කරමින් තෙත් වියළි සහ අතරමැදි කලාපවල හොඳින් ප්‍රචාරණය වෙනවා. ගිනි තණ පුෂ්ප මංජරිය විවෘත කරලක් ලෙස සෙන්ටිමීටර්හතළිහක් පමණ දිගට වර්ධනය වන අතර එහි බීජ විශාල සංඛ්‍යාවක් නිපදවෙනවා. සාමාන්‍යයෙන් අඩි හයකට වඩා උසකින් යුත් මේ තෘණ ශාකයේ වර්ධන වේගය හේතුවෙන් අදාළ භූමියේ වැවෙන දේශීය ශාක යටපත් කර භූමියේ ආධිපත්‍ය ලබා ගන්නවා.
කඳුකරයට සංක්‍රමණය කරන සමනළයන් වඩාත් ප්‍රිය කරන වාසස්ථාන වන්නේ විවෘත වනාන්තර හා ලඳුකැළෑ ප්‍රදේශයි.ඒ වගේ ම වැව් පිටි හා මාර්ග දෙපස ඇති එළිමහන් ප්‍රදේශ ද සමනළයන් වඩාත් ප්‍රිය කරන වාසස්ථානයි. එවැනි ස්ථානවල ස්වාභාවික ව වර්ධනය වූ පැණි තෝර, ඇත්තෝර, රණවරා, ඇහැළ හා වෙල්ලංගිරි වැනි ශාක මේ සමනළ විශේෂ රැසකගේ ධාරක ශාක වෙනවා. එසේ ම වියළි කලාපයේ දැඩි නියං කාලයට පසුව ඇති වන පළමු වර්ෂාව සමග තෝර කුලයේ ශාක බොහොමයක් පැළ වීම ආරම්භ වෙනවා. එසේ ම රණවරා, ඇහැළ හා වෙල්ලංගිරි වැනි ශාක දලු ලා නව පණක් ලබනවා. මේ සමග ම එම ශාක මත බිත්තර දමන එසේත් නැත්නම් මේවා ධාරක කර ගන්නා සමනළයන්ගේ ගහනය වැඩි වීම ද දැක ගත හැකියි. මෙසේ වැඩි වන සමනළයන් ලංකාවේ මධ්‍ය කඳුකරය හරහා කරන සංක්‍රමණය සමනළයන්ගේ සිරිපා සංක්‍රමණය කියල හඳුන්වනවා. සමනළයන්ගේ වාසස්ථානය වූ විවෘත වනාන්තර, ලඳුකැළෑ ප්‍රදේශ, වැව් පිටි හා මාර්ග දෙපස ඇති එළිමහන් ප්‍රදේශ බොහොමයක් අද වන විට ගිනි තෘණ ශාකය ආක්‍රමණය කර අවසන්. මේ නිසා එම ප්‍රදේශවල තිබුණු ශාක විවිධත්වය අඩු වීම සමනළ ගහනයේ අඩු වීමට බෙහෙවින් ම බලපා තිබෙනවා.
එසේ ම එම ප්‍රදේශවල සරුවට වැවුණු බොහෝ දේශීය ශාක විශේෂ අද වන විට වඳ වී ගොස් තිබෙනවා. එනිසා එම ශාක මත නිරන්තර ව සැරිසැරූ සමනළයන් අද දැක ගැනීමට හැකි නො වන තත්ත්වයට පත් වී තිබෙනවා. එම පරිසර පද්ධති බොහෝමයක දැක ගත හැකි වන්නේ අඩි හයක් පමණ උසට වර්ධනය වන ගිනි තෘණ ශාකය පමණයි. එමඟින් පරිසර පද්ධතියට වන හානිය පිළිබඳ ප්‍රජාව තුළ ඇති දැනුම ඉතා අල්පයි. බොහෝ දෙනකු එම ශාකය දේශීය ශාකයක් ලෙස සිතාගෙන සිටීම වඩාත් භයානකයි.
මේ ආක්‍රමණිකයා මර්දනය කර ගත හැකි ක්‍රම මොනවා ද?
ගිනි ශාකය වර්තමාන ව්‍යාප්තිය සලකා බැලීමේ දී එය මර්දනය කිරීම ඉතා අපහසු කාර්යයක්. නමුත් එය පාලනය සඳහා ඉතා ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුයි. මොකද ගිනි ශාකයේ වේගවත් පැතිරීම හමුවේ ලංකාවේ ජෛව විවිධත්වය විනාශ වී යාමේ වේගය අප සිතනවාට වඩා බොහෝ වැඩියි. මේ ශාකය මර්දනය සඳහා ගත යුතු පළමු පියවර නම් මෙය දැඩි ආක්‍රමණික ශාකයක් ලෙස නම් කිරීමයි. ආක්‍රමණශීලී ගිනි ශාකය මඟින් සිදු වන හානිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ පාලනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ඉතා කඩිනමින් දීප ව්‍යාප්ත මට්ටමින් සිදු කළ යුතුයි. එසේ ම ආක්‍රමණශීලී ශාක සම්බන්ධ ව නීති පද්ධතිය වඩාත් සක්‍රිය කළ යුතුයි. දැනට ඒ සම්බන්ධ බොහෝ රාජ්‍ය ආයතන සිතා ගෙන සිටිනුයේ ගිනි ශාකය තවමත් ඉතා වැදගත් ශාකයක් බවයි. මේ දරුණු ආක්‍රමණිකයාට එරෙහි ව ක්‍රියා කිරීමට දැනටමත් අප ප්‍රමාද වැඩි නමුත් පාලනයට හැකි ඉක්මන් ක්‍රියා මාර්ග ගත යුතුයි. එමඟින් අපේ දරුවන්ට අහිමි වන අපගේ ශාක, සමනළ සම්පත වගේ ම ලෝකයේ වෙනත් කිසිම රටක නොමැති තරම් වන ජාන සම්පත රැක ගැනීමට යම් කිසි හැකියාවක් ලැබේ වි. එසේ නොමැති වුව හොත් අදූරදර්ශී ව දැනුවත්කමින් හෝ නොදැනුවත්කමින් හෝ ආක්‍රමණශීලී ශාක රටට හඳුන්වා දුන් හා එය පාලනය කිරීමට කිසිදු උත්සාහයක් නො ගන්නා රාජ්‍ය සේවකයාට ද අනාගතය බාර ගන්නා පරපුර සාප කරන කාලය වැඩි ඈතක නැහැ කියලයි මට කියන්න තියෙන්නෙ.
සාකච්ඡා කළේ අමල් උඩවත්ත