Home Features අපි සිංහ වංසෙ ද?

අපි සිංහ වංසෙ ද?

by Sathya

සිංහයා සත්ත්ව ලෝකයේ ප්‍රබලම මාංශ භක්ෂක ක්ෂීරපායි සත්ත්වයෙකි. එසේම ජනප්‍රවාද හරහා මහත් පෞරුෂයක් ආරෝපණය කල සත්ත්වයෙකි. විවිධ ජන සමාජවල සිංහයා හා බැඳුන විශ්වාස ඇදහිලි අභිවාර ජනප්‍රවාද පවතී. සිංහයා නිර්භීත බව අභිමානය සංකේතවත් කිරීමට යොදාගනී. බොහෝ ජනකතා වලට අනුව සිංහයා කැළේ රජා ලෙස හඳුන්වාදී ඇත. අතීත ඉන්දියාවේ ශාක්‍ය වංශිකයන් සිංහයා තම ලාංජනය ලෙස යොදාගෙන ඇති බව ත්‍රිපිටකයේ දැක්වේ. ධර්මාශෝක අධිරාජ්‍යයාද තම ලාංජනයට සිංහ රුව යොදාගෙන ඇත. සමහර ජාතීන් තමන් සිංහයෙකුගෙන් පැවත එන බව විශ්වාස කරන නිසා සිංහයා මානව සම්භවය සමගද සම්බන්ධ වේ.

ශ්‍රී ලංකාවේ වාසය කරන සිංහල ජනයාගේ ආරම්භය ගැන මහාවංශයේ දැක්වෙන ජනප්‍රවාදයකට අනුව සිංහලයන් සිංහයකුගෙ න් පැවතෙන ජන කොටසකි. ඒ අනුව අතීතයේ රට පාලනය කළ රජවරුන්ගේ කොඩිය පවා සැරසුනේ සිංහ රූපයකිනි. නිදසුනක් ලෙස දුටු ගැමුණු මහරජතුමා භාවිත කළ කොඩිය සිංහයකුගේ රුවකින් හැඩ වූ බැව් සඳහන් කළ හැකිය. ශ්‍රි ලංකාවේ ජාතික කොඩිය හැඩ වෙන්නේ සිංහ රූපයකිනි. ශ්‍රි ලංකාවේ පළාත් කොඩි කීපයක් හැඩවෙන්නේද සිංහ රුවකිනි.

ශ්‍රී ලංකාව සහ සිංහලයා සමග ඓතිහාසිකව මෙන්ම සංස්කෘතිකමය වශයෙන්ද සිංහයා බෙහෙවින් සම්බන්ධ වුවත් ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති තුළ සිංහයින් දක්නට නොමැත. එසේනම් සිංහයා මෙතරම් අපගේ සංස්කෘතිය හා ජනප්‍රවාද සමඟ සම්බන්ධ වූයේ කෙසේද? අතීතයේ මේ රටේ සිංහයන් වාසය කළාද? මේ ගැන සත්ව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක දෘෂ්ටිකෝණයෙන් සොයා බැලීම සුදුසු ය.

ඈත අතීතයේ විසූ සිංහ විශේෂ අද දක්නට නැත. ජීවය ආරම්භ වූදා සිටම වඳවීම් හෙවත් නෂ්ඨවීම් මේ දක්වාම සිදුවෙමින් පවතී. මෙය පරිනාමික ක්‍රියාවලිය තුළ නොකඩවාම සිදුවන සංසිද්ධියකි. ජෛව විවිධත්ව පරිණාමයේදී පවතින විශේෂවල වෙනස් වීම් සහ නව විශේෂ හට හැනීම් සිදුවනඅතර පරිණාමය වීමේ සිඝ්‍රතාව නෂ්ඨ වීමේසිඝ්‍රතාවට හෙවත් වඳවීමේ සිඝ්‍රතාවට වඩාවැඩිය. පෘථිවි ඉතිහාසය පිළිවඳව විමසීමේදීවසර මිලියන 65 කට වරක් සිදුවන මහාවඳවීම් (Great extinct) 5ක් සිදුවී තිබෙන අතර මේගෙවීයන්නේ 6 වැනි මහා වඳ වීමේ කාලයයි.

මාංශ භක්ෂක ජීවීන්ට අයත්වූ ක්ෂීරපායින්ගේ වඳවීම ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අද දක්වාම සිදු වෙයි. ශ්‍රි ලංකාවේ ජීවත්වූ නෂ්ඨ වූ ක්ෂීරපායින් අතර බළල් පවුලට අයත් විශාල සාමාජිකයන් දෙදෙනෙකුගේ පොසිල රත්නපුර ප්‍රදේශයෙන් හමුවී ඇත. ශ්‍රී ලංකාව තුළ සිංහයන් විසූ බවට මුලින්ම මත පළ වෙන්නේ වසර 1930 දී සොයා ගත් පොසිල දෙකක් හේතුවෙනි. ඉන් පසු මීට අදාලව කැණීම් කටයුතු පවා පුළුල් කළ අතර ඉන් වසර හයකට පසු එනම් වසර 1936 දී කුරුවිට ගෝනපිටියෙන් සිංහයකුට අයත් රඳනක දතක් හමුවී ඇත. ආචාර්ය කැළුම් මනමේන්ද්‍ර ආරච්චි ප්‍රකාශයට පත් කළ ප්‍රයේෂණ ලිපියකට අනුව මෙම දත් දෙක ශ්‍රී ලංකා සිංහයෙකුගේ යටි හනුවේ වම් පස චාර්වක දත් තුනෙන් එකක් සහ යටි හනුවේ දකුණු පස රදනක දත ලෙස හඳුනා ගෙන ඇත.

මෙම සිංහ පොසිලය මෙරටට බිහිවූ අ.%ගන්‍ය පුරා මානව විoHdඥයකු වූ ආචාර්ය පී ඊ පී දැරණියගලයන් විසින් පැන්තෙරා ලියෝ සිංහලේයුස් (Panthera leo sinhaleyus) යනුවෙන් හඳුන්වනු ලැබීය. එහෙත් දන්නා කාලයක සිට සිංහයන් ශ්‍රි ලංකාවේ වාසය කළ බවට හෝඩුවාවක් ලැබී නැත. එහෙයින් ශ්‍රි ලාංකික සිංහයා (Panthera leo sinhaleyus) වඳවී ගිය සත්ත්ව විශේෂයක් ලෙස සැළකේ. වසර 100,000 වැනි කාල සීමාවකට අයත් වේ යැයි සැළකෙන මෙම පොසිල වල වයස පිළිබඳව සැළකීමේදී මානවයින් බිහිවීමටත් පෙර මෙම සිංහ විශේෂය වඳවී ගිය බව පැහැදිලි වෙයි.

එහෙත් වත්මන් ඉන්දියාවේ ගුජරාට් ප්‍රන්තයේ සිංහයෝ වාසය කරති. මොවුන් ආසියාතික සිංහයන් (Panthera leo persia) ලෙස හැඳින්වෙයි. ශ්‍රි ලංකාවේ සිංහයා හැරුණු කොට මේ වනවිට ලෝකයේ වඳවී ගිය සිංහ විශේෂ තුනක් වෙයි. එම විශේෂ තුනට දකුණු අප්‍රිරිකාවේ කේප් තුඩුව ආශ්‍රිතව ජීවත්වූ කේප් සිංහයා (Panthera leo melanochaitus) සහ උතුරු අප්‍රිරිකාවේ ඇට්ලස් කඳුකරයේ ජීවත්වූ සිංහ උප විශේෂ අතර විශාලම සාමාජිකයා වූ බාබරී සිංහයා (Panthera leo leo)අයත් වෙයි. අතීන යුරෝපයේ සහ ආසියාවේ ජීවත්වූ පෙර පාදයේ උරහිස දක්වා අඩි 5 ක් පමණ උස්වූ ගුහා චිත්‍රර වලින් පමණක් දැක ගත හැකි ගුහා සිංහයා (Panthera leo spela) ද වඳවී ගිය සිංහයකු ලෙස සැළකේ.

jත්මන් සිංහයා වියළි දේශගුණයක් සහිත තැනිතලා තෘණ බිම් (Savana grassland) සහිත රටවල වාසය කරයි. වර්තමාන රත්නපුර කුරුවිට ප්‍රදේශය යනු ශීතල දේශගුණයක් සහිත කඳුකර වනාන්තර ප්‍රදේශයකි. මෙම පරිසර තත්ත්ව මත සිංහයන් ශ්‍රි ලංකාවේ විසුවාද යන්න සැක සහිතය. එහෙත් පොසිල වල වයස වන වසර 100,000 පිළිබඳව විමසීමේදි වර්තමානයට වඩා හත්පසින්ම වෙනස් වුණු පරිසර පද්ධතියක් අතීත ශ්‍රි ලංකාවේ තිබෙන්නට ඇත. එසේම වර්තමාන ශ්‍රි ලංකාව ඉන්දියාවෙන් වෙන්වී වෙනම රටක් ලෙස පිහිටා තිබුණත් අතීතයේදී එනම් වසර 100,000 කට පෙර ශ්‍රි ලංකාව ඉන්දියාව සමග සමස්ථ ආසියාව හා යාවී තිබීම බොහෝ විට සිංහයන් වැනි සත්ත්ව විශේෂ වලට සරිලන වියළි දේශ ගුණයක් හට ගැනීමට ඉඩකඩ තිබෙන්නට ඇත. සමස්ත ආසියාවටම ශ්‍රි ලංකාව යාවී තිබීම හේතුවෙන් ගොඩබිම හරහා සිංහයින් මෙරටට පැමිණෙන්නට ඇත. කාලය ගතවීමත් සමගම සිදුවූ මහද්වීප ප්ලවනය හෙවත් මහද්වීප පාවීයාම (Continantal Drift) හේතුවෙන් ඉන්දියාවෙන් වෙන්වූ ශ්‍රි ලංකාව තුළ සිංහයින් වැනි මාංශ භක්ෂකයින් හුදකලා වීම, පාරිසරික සාධක වෙනස් විම මෙන්ම ආහාර හිඟතාව සහ වාසස්ථාන අහිමිවීම හේතුකොට ක්‍රමයෙන් වඳවෙන්නට ඇත.

එදා සිට අද දක්වාම වාසස්ථාන අහිමි වීම මිනිසුන් සමග ගැටුම් ඇතිකර ගැනීම වැනි හේතුන් මත සිංහයා වඳ වීයාමේ දැඩි තර්ජනයට මුහුණ දී ඇත. මහා කඳුකර ප්‍රදේශ වල සැරි සැරීමට රුචියක් නොදක්වන සිංහයා සවානා ආකාර තැනිතලා තෘණ බිම් වල වාසය කිරීමට වඩාත් ප්‍රිය කරයි. එබැවින් සිංහයන් වාසය කරන පෙදෙසක හෝ කලාපයක සවානා තැනි බිම් වැනසීම සිංහ පරපුරේ වඳවීමට හේතුවක් වෙයි. මෙයට ප්‍රධාන හේතුව සිංහයන් ශාක භක්ෂක නොවී මාංශ භක්ෂකයන් වීම ය.

අමල් උඩවත්ත

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications