සංවර්ධනය යනු සාර්ව ආර්ථික සැලසුම් නිවැරදි කර ගැනීමයි. එහෙත් අපේ රටේ සංවර්ධනය මැනීමේ දී පරිසර සංරක්ෂණය, ආර්ථික සැලැස්මෙන් ගිලිහී යන බව යළි යළිත් තහවුරු කරමින් පසුගිය 10 වැනි දා දාරළුවේ පණු කරඳ ගස කිසියම් පිරිසක් විසින් රහසිගත ව කපා ඉවත් කර තිබුණා.
2012 – ජාතික රතු දත්ත ලැයිස්තුවට අනුව ශ්රීග ලංකාවෙන් තුරන් ව ගියා යැ යි සැලකූ මෙම ශාකය නැවතත් ලෝකයේ අවධානයට ලක් වන්නේ, 2018 වසරේ. ඒ මධ්ය ම අධිවේගී මාර්ග සංවර්ධන ව්යායපෘතිය අතරතුර දී ගම්පහ, දාරළුව ප්රැදේශයෙන් හඳුනා ගැනීමත් සමගයි. ඒ අනුව වැඩිදුර පර්යේෂණ මෙහෙයවූ විද්යාමඥයන්ට ගම්පහ දිස්ත්රිැක්කය අවට වෙනත් ස්ථානවලින් ද මෙම ශාක විශේෂය හමු වී තිබුණා.
මේ නිසා 2020 වසරේ දී පරිසර අමාත්යංූශය විසින් සකස් කරන ලද නව ජාතික රතු දත්ත ලේඛනයට අනුව මෙම ශාකය අතිශය අන්තරායට ලක් වූ (Critically Endangered – CR) ශාක විශේෂයක් ලෙස වර්ග කළා. එසේ ම වඳ වී ගියා යැ යි සලකන ලද විශේෂයක් යළි සොයා ගත් විට ඒවා ලාසරස් විශේෂ (Lazarus Species) ලෙස හඳුන්වනවා. පණු කරඳ ශාකය ශ්රීව ලංකාවෙන් ලාසරස් විශේෂ නාමාවලියට එක් කිරීමට හැකි වුණෙත් දාරළුවේ තිබූ මෙම ගස නිසයි.
එසේ තිබිය දීත් දාරළුවේ පනු කරඳ ගස මෙසේ විනාශ වී ගියේ ඇයි?
පරිසර අමාත්යං්ශයේ, මධ්යිම පරිසර අධිකාරියේ සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම ගස රැකගෙන අධිවේගී මාර්ගය ඉදි කිරීමට යෝජනා ඉදිරිපත් කළ බව ප්රාකට පරිසරවේදියෙකු වන ආචාර්ය ජගත් ගුණවර්ධන පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙය තමන් බලවත් යැ යි සිතා, නීතිය අවඥාවට ලක් කරමින් කටයුතු කරන නිලධාරීන්ගේ ක්රිායාවක් බවයි.
“ගස ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ අවස්ථාවල දී රාජ්යව ආයතන මෙන් ම පරිසර ක්රිරයාකාරීන් විවිධ යෝජනා ඉදිරිපත් කළත් මාර්ග සංවර්ධන අධිකාරිය ඒ කිසිවක් ක්රිියාත්මක කළේ නෑ. එනිසා මෙම ක්රිරයාව කවරෙක් විසින් සිදු කළත් එහි නීතිමය සහ සදාචාරාත්මක වගකීම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දැරිය යුතුයි.
වන සත්ත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 42 වගන්තිය යටතේ ආරක්ෂිත ශාක විශේෂයක් ලෙස නම් කර තිබිය දීත්, තවත් පණු කරඳ ශාක කීපයක් හමු වීම නිසා එම ශාක විශේෂය සුරක්ෂිත බවට මතයක් අවිද්යාකත්මක ව සමාජගත කිරීමට ඇතැම් රාජ්යහ නිලධාරීන් පෙලඹීම මා මෑත කාලයේ දී දුටු කණගාටුදායක ම සිද්ධියයි.”
ඇතැම් මාධ්යෙ මෙම ශාකය පඬු කරඳ යන නමින් සමාජ ගත කිරීමත් වරදක්. එය පණු කරඳ මිස පඬු කරඳ නො වේ. ශාකය ළපටි අවධියේ දී පත්රීවලට හා කඳට පණුවන් ගෙන් වන හානිය වැඩි වීම මත මෙසේ නාමකරණය කර ඇති බව පේරාදෙණිය උද්භිද උද්යාේනයේ හිටපු නිලධාරී, උද්භිද විද්යාි පර්යේෂක භාතිය ගොපල්ලව විදුසරට පැවසුවා.
“පණු කරඳ ශාකයේ විශාල ගස් පමණක් තැනින් තැන ඉතුරු වීමට සහ ප්ර චාරණය අඩු වීමට ප්රවධානතම හේතුව, ශාකයට පැළ කාලයේ දී සිදු වන පණු හානිය. පණු කරඳ වැවෙන්නෙ තෙත් කලාපයේ ඇළවල් ආශ්රිඩත වගුරු බිම්වල. විශේෂයෙන් ම ගම්පහ කළුතර අවට ප්රසදේශවල. හොඳට පැළ වුණත් එම ප්රතදේශවලට ගංවතුර අවදානම ඇති නිසා ශාකයේ පැවැත්ම අඩුයි. ඒ නිසා අපට මෙතෙක් හමු වුණේ වට ප්රපමාණයෙන් විශාල හුදකලා ලොකු ගස් 7-8ක් පමණයි.
පරිබාහිර සංරක්ෂණය කියල වියළි කලාපයේ (කතරගම) පැළ හිටවලා හරි යන්නෙ නෑ. හොඳ ම දේ, පැළ අඩි පහ හයක් තරම් වර්ධනය වන තෙක් පරිබාහිර ව සංරක්ෂිත ව වැඩීමට සලස්වා (තවානක වගේ) තෙත් කලාපීය පරිසරයේ සිටවීමයි.
කපා ඉවත් කළ ගස හැරුණු විට අනෙක් විශාල ගස්වලින් තර්ජනයක් ඇති ගස් තියෙන්නෙ මල්වානේ සහ කඩුවෙල පෞද්ගලික ඉඩම්වල. මල්වානේ ගස දිරලා. කඩුවෙල ගස අයිනෙ තාප්පයක් බැඳලා තිබුණා.
මීගමුව සහ දොරනගොඩ ගස් දෙක පෞද්ගලික ඉඩම්වල තිබුණත් ඉඩම්වල අයිතිකාරයෝ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ඒ ගස් ආරක්ෂා කරනවා. එය අප අගය කළ යුතුයි. මම දැනුවත් ව මීගමුවේ ගසේ ඇටවලින් ඉඩම අයිති මහත්මයා පැළ විශාල ගණනක් හදලා තබුණා.
මීට අමතර ව ගම්පහ උද්භිද උද්යා නය අසල, මිනුවන්ගොඩ හැන්ඩිමහර හා බෙම්මුල්ලේ සොයාගත් අනෙක් ගස් ඇති අතර ඒවාටත් තර්ජනය තරමක් අඩුයි.
පරිබාහිර සංරක්ෂණය කරනවා වගේ ම අපි ස්ථානීය සංරක්ෂණයටත් මූලිකත්වය දෙන්න ඕන. ඒ කියන්නෙ මේ ඉතුරු වෙලා තියෙන ස්වාභාවික ගහණයන් ආරක්ෂා කර ගන්න එක. ඒ නිසා ගිය හකුරට ම හඬනවාට වඩා මේ තියන ඉතිරි ගස් කිහිපය වත් රැක ගන්නේ නැති ව පස්සෙ මොනවා කතා කළත් වැඩක් නෑ” භාතිය ගොපල්ලව වැඩිදුරත් සඳහන් කළා.
සහශ්‍රිකා දෙව්මිණි