හා ළමායි.. කට්ටියම ඇවිල්ලද ?
ඔව් ටීචර්.
මතකද එදා අපි ඉගෙනගත්තා සාමාන්‍ය යෝනි ප්‍රසූතයක් වෙන හැටි. සාමාන්‍යයෙන් යෝනි ප්‍රසූතයකදී ඉස්සර වෙලාම එළියට එන්නේ බබාගෙ ඔලුව. මොකද ගොඩක් බබාලා ඉපදෙන්න ලං වෙනකොට එයාලාගේ ඔලුව පහලට හැරෙනවා. හැබැයි ඉඳලා හිටලා බබෙක් එහෙම නොවී එයාගෙ පස්ස පැත්ත පහලට හිටින්න ඉපදෙන්න පුලුවන්. එතකොට එයාට එළියට එන එක ඒ තරම් ලේසි නෑ.
කොහොම වුනත් යෝනි ප්‍රසූතයකින් ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ලමයෙක් ඉපදෙද්දි ගර්භාශයට, යෝනි මාර්ගයට අනතුරු වෙන්න පුලුවන්. තුවාල වෙන්න පුලුවන්. බබා එළියට ආවට පස්සෙ ලේ ගලන්න පුලුවන්. අන්න ඒ වෙලාවට ඉස්පිරිතාලෙදි ඒවාට ප්‍රතිකාර කරලා අම්මව අනතුරෙන් බේරගන්න අපිට පුලුවන්. අන්න ඒ නිසයි අපි කොහොමහරි බබාලා ලැබෙන්න ඉන්න අම්මලාව බබා ලැබෙන්න ඉස්පිරිතාලෙට ගෙන්න ගන්නේ. බැරි වෙලාවත් බබා ගෙදරදී හරි ඉස්පිරිතාලෙට එන අතරමගදී හරි එළියට ඇවිත් අම්මට තුවාල වුනොත් අපිට එයාව බේර ගන්න අමාරුයි.
ඒ වගේම තමයි ඇඟේ යකඩ අඩු අම්මලාට බබෙක් ලැබෙනකොට මේ විදිහට ලේ ගලන්න ලොකු අවධානමක් තියෙනවා. මෙතන ඉන්න හැම ගෑණු ළමයෙක් ම කවදා හරි අම්මා කෙනෙක් වෙන්න පුලුවන් නිසා ඒ හැමෝම දැන් ඉඳන් ම යකඩ අඩංගු කෑම ජාති ඒ කියන්නේ, මස්, මාලු, පියලි, ඇට වර්ග, තද කොලපාට කොල වර්ග කෑමට ගන්න ඕන. එතකොට තමයි ගෑණු කෙනෙක්ගේ ගර්භාශය ඇතුලට බබෙක් එනකොට එයාගේ ඇඟේ යකඩ මට්ටම හොඳින් තියාගන්න පුලුවන්. බබාලා ලැබෙන්න ඉන්න අම්මලාට ක්ලිනික් වලින් යකඩ පෙති දෙන්නෙත් එයාලාගේ ඇඟේ යකඩ මට්ටම හොඳින් තියාගන්න ඕනෙ නිසා.
ඔන්න ළමයි ඉඳලා හිටලා අම්මලා ඉන්නවා එයාලට අපි මේ කියපු සාමාන්‍ය විදිහට බබාල එලියට ගන්න අමාරුයි. සමහර අම්මලා ගේ අපි අර කියපු බබා එලියට එන පාර ඒ තරම්ම ලොකු නැති වෙන්න පුලුවන්. එහෙම වුනොත් බබා අතරමැද හිර වෙන්න පුලුවන්.
ඔයාලට මතකද අර පෙකණි වැල හයිවෙලා තිබ්බ වැදෑමහ කියලා කියපු කොටස. සමහර වෙලාවට ඔන්න ඔය වැදෑමහ බබා එලියට එන පාර අවහිර වෙන විදිහට පිහිටලා තියෙන්න පුලුවන්. ඉතින් ඉස්සර කාලෙ නම් ඒ වගේ ගොඩක් අම්මලා දරුවො ලැබෙන්න ගිහින් මැරුණා. සමහර වෙලාවට බබා බේරුණා. සමහර වෙලාවට අම්මයි බබයි දෙන්නමත් මැරුණා. හැබැයි දැන් එහෙම නෑ.
දැන් අපිට පුලුවන් අනතුර කලින් අඳුරගෙන, ඔපරේශන් එකක් කරලා, ඒ කියන්නෙ අම්මගෙ බඩ කපලා බබාව එළියට ගන්න. ඒ ඔපරේශන් එකට තමයි සිසේරියන් ශල්‍යකර්මය කියන්නේ. ඔය සමහරු කෙටියෙන් සීසර් කරනවා කියලා කියන්නේ. කලින් අවධානම අඳුනගත්ත අම්මලාට විතරක් නෙවෙයි සාමාන්‍ය විදිහට බබා ලැබෙන්න ගිහින් අමාරු වෙන සමහර අම්මලාවත් හදිස්සියේ සිසේරියන් ශල්‍යකර්මයක් කරලා බේරගන්න පුලුවන්. මේ විදිහට ලෝකෙ පුරාම ලක්ෂ ගානක් අම්මලා ළමයි සිසේරියන් සැත්කම නිසා ජීවිතේ බේරගන්නවා.
ඔයාලට පුදුම හිතෙන දෙයක් කියන්නද? සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියක් වෙන්නෙ කාමරයක ඇඳක් උඩ. හැබැයි ලෝකෙ සමහර රටවල වතුර ඇතුලෙදි ඒ කියන්නේ ලොකු තටාකයක් වගේ එකක් ඇතුලෙත් සාමාන්‍ය දරු ප්‍රසූත කරන වෙලාවල් තියෙනවා.
තව වැදගත් ම දෙයක්. මම කිවුවනේ සාමාන්‍ය දරු උපතක් කියන්නේ අම්මට ලොකුම ලොකු වේදනාවක් දැනෙන දෙයක් කියලා. හැබැයි දැන් වෛද්‍ය විද්‍යාව දියුණු නිසා අපිට පුලුවන් වේදනා නාශක බෙහෙත් වලින් අම්මගේ මේ වේදනාව සෑහෙන්න අඩු කරන්න. සමහර වෙලාවට නැතිම කරලා දාන්න. බලන්න ඒක කොයි තරම් හොඳ දෙයක් ද කියලා. ඉතින් හැම දරුවෙක් ලැබෙන්න ඉන්න හැම අම්මා කෙනෙකුටම අයිතියක් තියෙනවා තමන්ගෙ ප්‍රසව වේදනාව අඩු කරගන්න හැටි ගැන තමන්ගෙ වෛද්‍යවරයා එක්ක කතා කරලා තීරණය කරන්න.
ඔන්න ඔහොමයි ළමයි බබෙක් පොඩිම පොඩියට අම්මගේ ගර්භාශය ඇතුලට ඇවිත් සති හතලිහක් විතර ඒකෙ ගත කරලා නිරෝගී ව එළියට ඇවිත් ගෙදර එන්නේ.
ඔන්න දැන් කාටවත් ම බෑ ඔයාලට බොරු කියලා රවට්ටන්න.
එහෙනම් අපි ඊලඟ බදාදා මුණ ගැහෙමු.
වෛද්‍ය නුවන් තොටවත්ත MBBS, MSc (ප්‍රජා වෛද්‍ය විද්‍යාව)