Click Chemistry සහ Bioorthogonal Chemistry යන නවතම රසායන විද්‍යා ක්ෂේත්‍රයන්ගේ දියුණුව සඳහා පුරෝගාමී දායකත්වය වෙනුවෙන් 2022 රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට හිමි ව තිබෙනවා.
55 වියැති ඇමරිකානු රසායන විද්‍යාඥවරියක වන ස්ටැන්ෆර්ඩ් සරසවියේ මහාචාර්යය Carolyn R. Bertozzi, 68 වියැති ඩෙන්මාර්ක් රසායන විද්‍යාඥ හා කෝපන්හේගන් සරසවියේ මහාචාර්යය Morten Peter Meldel සහ කැලිෆෝර්නියාවේ ස්ක්‍රිප්ස් පර්යේෂණායතනයේ සේවය කරන 81 වියැති ඇමරිකානු රසායන විද්‍යාඥ Karl Barry Sharpless එම තිදෙනායි.
Sharpless පසුගිය 2021 වසරේ ද රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය දිනාගත් නිසා ම ඔහු එක ම විෂයයකට නොබෙල් ත්‍යාගය දිනාගත් ලොව දෙවෙනි තැනැත්තා බවට පත් වෙනවා.
එම වාර්තාව තැබූ පළමුවැන්නා වූයේ දෙවරක් භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය දිනූ ජෝන් බාර්ඩීන්.
Morten Meldel සඳහන් කරන්නේ Click Chemistry යනු හරියට ම Lego ක්‍රීඩාවක දී ප්ලාස්ටික් කැබලි විවිධාකාරයෙන් එකතු කරන අයුරින් සරල රසායනික තැනුම් ඒකක අණු කාර්යක්ෂම ව, විශේෂිත ව හා ඉක්මනින් යොදා ගනිමින් නිමක් නොමැති අණු වර්ග තැනිය හැකි රසායනික ක්‍රියාවලියක් බවයි.
ඉහත Click Chemistry ක්ෂේත්‍රය සායනික පර්යේෂණවලට යොදාගැනෙන පිළිකා නාශක ඖෂධ වැඩි දියුණු කිරීමටත්, කෘෂිකාර්මික හා කාර්මික ක්ෂේත්‍ර වලදීත් ප්‍රයෝජනයට ගත හැකි වෙනවා.
2003 වසරේදී Bioorthogonal Chemistry නම් ක්ෂේත්‍රය Carolyn R. Bertozzi විසින් පළමු වරට ලොවට හඳුන්වා දෙන ලද්දේ සෛලීය ක්‍රියාවලීන්ට බාධාවක් නො වන අයුරින් ජීව සෛල තුළ රසායනික ප්‍රතික්‍රියා සිදු කිරීමේ ක්‍රියා මාර්ගයක් ලෙසයි.
ඇය මේ ක්‍රමය ආධාරයෙන් දේහයේ ප්‍රතිශක්ති පද්ධතියෙන් පිළිකා සෛල ආරක්ෂා කරන ග්ලයිකන් කාණ්ඩයට අයත් සීනි වර්ගයක් එම සෛල මතුපිටින් සොයාගත්තා.
ඒ අනුව ඇය ඇතුළු පර්යේෂකයන් විසින් පිළිකා සෛල මතුපිට ඇති ග්ලයිකන් ඉලක්ක කර විනාශ කරන, දැනට සායනික පර්යේෂණ අවස්ථාවේ ඇති නව ඖෂධයක් සොයා ගත්තා.
ඊයේ, ඔක්තෝබර් මස 5වෙනි දින ස්වීඩනයේ රාජකීය විද්‍යා ඇකඩමියේදී මෙවර රසායන විද්‍යා නොබෙල් ත්‍යාගලාභීන් ප්‍රථම වරට අනාවරණය කළ අවස්ථාවේදී එම කමිටුවේ සාමාජිකයකු වන Olof Ramstrom ප්‍රකාශ කළේ Click Chemistry මගින් ඖෂධ වැඩි දියුණු කිරීම, DNA අනුක්‍රමණය, හුරුබුහුටි (smart) රසායනික ද්‍රව්‍ය සංශ්ලේෂණය ඇතුළු භාවිත රැසක ම ඉදිරි පිම්මක් පැනීමට හැකි ව තිබෙන බවයි.
Reuters සහ Quatamagazine ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි