Home Science News චන්ද්‍ර පස්වලින් ඔක්සිජන් තැනෙයි

චන්ද්‍ර පස්වලින් ඔක්සිජන් තැනෙයි

by Sathya

චීන පර්යේෂකයන් පිරිසක් විසින් සඳෙන් ලබාගත් පාංශු කොටස් රොකට් ඉන්ධන සහ ඔක්සිජන් නිපදවිය හැකි මූලාශ්‍ර වශයෙන් යොදාගත හැකි වූ බව සඳහන් කරනවා. ඔවුන්ගේ මේ අධ්‍යයනයට අදාළ වාර්තාව පළ වී තිබුණේ National Science Review ජර්නලයේ යි. 

අනාගතයේ සිදුවෙතැයි සැලකෙන වඩාත් විස්තීර්ණ වූ අභ්‍යවකාශ ගමනාගමන කටයුතු සඳහා ප්‍රධාන වශයෙන් සීමාකාරී සාධකයන් ලෙස පැන නඟින්නේ ඉන්ධන මෙන් ම ඔක්සිජන් රැගෙන යාමේ ප්‍රායෝගික ගැටලුවයි. අනාගත චන්ද්‍ර මූලස්ථාන ඔස්සේ සිදුවන අභ්‍යවකාශ පියාසැරි සඳහා මේ ක්‍රමවේදය වඩාත් ඵලදායී ලෙස යොදාගත හැකි වනු ඇතැයි පර්යේෂකයන් බලාපොරොත්තු වනවා.

“චන්ද්‍ර පස් මගින් උකහාගන්නා ඉන්ධන සහ ඔක්සිජන් මිනිසාගේ චන්ද්‍ර අධ්‍යයනය මෙහෙයුම් සඳහා අත්‍යාවශ්‍ය ම දෙයක්.” එසේ පවසන්නේ අධ්‍යයනයේ ප්‍රධානී Yujie Xiong. “පිටස්තර ස්ථානයන්හි මානව සම්පත අවම බව සැලකිල්ලට ගනිමින් අප යෝජනා කරනවා රොබෝ පද්ධතියක් මඟින් විද්‍යුත්ප්‍රේරක CO2 අනුවර්තන ක්‍රමවේදයක්.” 

අධ්‍යයනය මගින් පෙන්වා දෙන්නේ මිනිස් චන්ද්‍රගාමීන්ගේ මැදිහත් වීමකින් තොර ව චන්ද්‍ර පාංශුවලට ඔක්සිජන් හා ඉන්ධන නිපදවීමේ හැකියාව ඇති බවයි. 

ඔවුන් මේ පර්යේෂණය සඳහා ⁣යොදාගත්තේ Chang’e – 5 මෙහෙයුම මඟින් පෘථිවිය වෙත ගෙන එනු ලැබූ චන්ඳ්‍ර පාංශු සාම්පලයි. එහි දී පෙනී ග‌ොස් තිබුණේ චන්ද්‍ර පාංශු ⁣උත්ප්‍රේරකයක් ලෙසින් ක්‍රියා කරමින් විද්‍යුත්ප්‍රේරක ක්‍රියාවලියක් තුළින් කාබන් ඩයොක්සයිඩ්, මීතේන් හා ඔක්සිජන් බවට හරවන බවයි. 

Futurism ඇසුරිනි.

සත්‍ය හෙට්ටිආරච්චි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications