ලිඩියා හා තිමොති රිජ්වේ යන නිවුන් දරුවන් දෙදෙනා පසුගිය ඔක්තෝබර් 31 වැනි දා උපත ලද අතර ඒ උපතේ ඇති විශේෂත්වය වන්නේ ඔවුන් උපත ලද්දේ වසර 30කට වඩා වැඩි කාලයක් ශීත කොට කල් තබාගන්නා ලද කලලවලින් වීම ය. නිල වාර්තාවන්ට අනුව සජීවී දරු උපතක දී භාවිත කෙරුණු මෙතෙක් දීර්ඝත ම කාලයක් ශීත කරන ලද කලල වන්නේ ලිඩියා හා තිමොතිගේ කලලයි.
නිර්නාමික විවාහක යුවලකට දාව In Vitro Fertilization (IVF) උපක්‍රමය යොදාගනිමින් නිර්මාණය කෙරුණු මේ කලලයන් 1992 වසරේ අප්‍රේල් 22 වැනිදා ද්‍රව නයිට්‍රජන්වල සෙල්සියස් අංශක -196ක උෂ්ණත්වයක් යටතේ ගබඩා කරන ලදී. (IVF උපක්‍රමය හරහා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කලල ප්‍රමාණයක් නිපදවිය හැකි අතර පසු ව එය විද්‍යාත්මක පර්යේෂණ සඳහා හෝ දරුවන් බලාපොරොත්තු වන යුවළකට පරිත්‍යාග කළ හැකි ය.) වර්ධනය වූ කලල ටෙනසිහි නොක්ස්විල් ජාතික කළල පරිත්‍යාග මධ්‍යස්ථානයට පරිත්‍යාග කොට ඇති අතර ඉන් දශක කිහිපයකට පසු ඔරිගන්හි පෝට්ලන්ඩ් ප්‍රදේශයේ වාසය කරන දෙමාපියන් යුවළක් වන රේචල් හා පිලිප් රිජ්වේ වෙත ලබා දී ඇත.
විද්‍යාඥයන් පවසන පරිදි මේ සිදුවීම සම්බන්ධයෙන් වඩාත් සිත්ගන්නා කරුණ නම් උක්ත කලල ද්විත්වය ශීත කිරීම ආරම්භ කරන අවස්ථාව වන විට දරුවන්ගේ පියා වන පිලිප් රිජ්වේට වයස අවුරුදු පහක් පමණක් වීම ය.
මේ සිදුවීමත් සමඟ වසර 28ක කාලයක් ශීත කොට කල් තබාගෙන 2020 වසරේ ඔක්තෝබර් 26 වැනි දින උපත ලද මොලී එවරෙට් ගිබ්සන් සතු ව පැවැති වැඩි ම කාලයක් කල්තබාගත් කලලයෙන් බිහි වූ දරුවා සතු වාර්තාව ඇගෙන් ගිලිහී ගොස් ඇත. මොලී සතු ව ද පැවැතියේ මින් පෙර ඇයගේ ම සහෝදරිය සතු ව පැවැති වාර්තාවයි.
තරුෂි කෞෂාණි