සෞරග්‍රහ මණ්ඩලයේ සීමාව තුළ ඇති ධූමකේතුවකින් ටොන් මිලියනයකට අධික වායු මෙන්ම අයිස් තොගයක් අවකාශයට මුදා හැර ඇති බව බ්‍රිතාන්‍ය තාරකා විද්‍යා සංගමය (British Astronomical Association – BAA) නිවේදනය කරනවා. මෙම සිදුවීමට මුහුණ පා තිබෙන්නේ 29P හෙවත් Schwassmann-Wachmann නමැති යමහල් ධූමකේතුවයි (volcanic comet).
නොවැම්බර් 22 දා පැට්රික් විගින්ස් නම් අධුනික තාරකා විද්‍යාඥයා විසින් සිදුකෙරුණු නිරීක්ෂණයක් අතරතුර පෙනී ගොස් ඇත්තේ 29P ධූමකේතුවේ දීප්තිය අතිශය ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව යමින් වෙනත් තාරකා විද්‍යාඥයන් අතින් ද සිදු වූ නිරීක්ෂණ මගින් එය තහවුරු වුණා. ඔවුන් සඳහන් කරන්නේ මේ දීප්තියේ සීඝ්‍ර වැඩිවීමට හේතුව ලෙස ඒ මත සිදු වූ සුවිශාල යමහල් විදාරණයක් බවයි. එය පසුගිය වසර 12ක කාලය තුළ 29P ධූමකේතුවෙන් වාර්තා වූ විශාල විදාරණයන් අතරින් දෙවන ස්ථානයට පත් වනවා. මෙතෙක් ඉන් වාර්තා වූ සුවිශාලතම විදාරණය වන්නේ 2021 වසරේ සැප්තැම්බර් මස දී වාර්තා වූ විදාරණයයි.
යමහල් ධූමකේතු යනුවෙන් හඳුන්වනු ලැබුවත් මෙවැනි ධූමකේතු මගින් විදාරණය වන්නේ අයිස් අංශු සහ වායුව යි. මේ 29P ධූමකේතුව සොයාගනු ලැබුවේ 1927 වසරේ දී Arnold Schwassmann සහ Arthur Wachmann නමැති ජර්මානු ජාතික තාරකා විද්‍යාඥයන් දෙදෙනා විසිනුයි . වැඩිම සක්රීයත්වයක් පෙන්නුම් කරන ධූමකේතු අතරින් එකක් වන එය බ්‍රහස්පති සහ නෙප්චූන් අතරින් ඇදෙන දළ වශයෙන් වෘත්තාකාර යැයි සැලකිය හැකි පථයක ගමන් කරනවා. එය කිලෝමීටර 60ක පළලකින් යුතු වන අතර හිරු වටා සම්පූර්ණ වටයක් ගමන් කිරීමට වසර 15කට ආසන්න කාලයක් ගත කරනවා.
29P ධූමකේතුවෙන් විදාරණය වන ක්රයෝමැග්මා සංයෝග වී ඇත්තේ කාබන් මොනොක්සයිඩ් සහ නයිට්රජන් වායුවෙන්. එසේ ම අයිස් කොටස් සහ ද්‍රව හයිඩ්‍රොකාබන් ද එහි අඩංගුයි.
බ්‍රිතාන්‍ය තාරකා විද්‍යා සංගමය සඳහන් කරන්නේ මේ විදාරණයෙන් නිකුත් වූ දෑ පැයට කිලෝමීටර් 1295ක වේගයකින් මේ වන විට කිලෝමීටර් 56,000ක දුරකට ඇදී ගොස් ඇති බවයි.
Live Science ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි