Home Science News ස්කොට්ලන්තයේ සැමන් මත්ස්‍ය මරණ අනුපාතය ඉහළට

ස්කොට්ලන්තයේ සැමන් මත්ස්‍ය මරණ අනුපාතය ඉහළට

by Sathya

ස්කොට්ලන්තයේ සැමන් මත්‍ස්‍ය වගාවන් තුළ වාර්තා වන මත්ස්‍ය මරණ සංඛ්‍යාව පසුගිය වසර තුළ දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. විවිධ රෝගකාරකයන්, පරපෝෂිතයන් මෙන් ම ජෙලිෆිෂ් සතුන් නිසා මේ තත්ත්වය උද්ගත ව ඇති බවයි දැනට සැලකෙන්නේ.

2022 වසරේ ජනවාරියේ සිට නොවැම්බර් මස දක්වා වාර්තා වී ඇති සැමන් මරණ සංඛ්‍යාව මිලියන 15ක් පමණ වනවා. 2021 දී එම අගය සටහන් වූයේ මිලියන 8.58ක් ලෙසිනුයි. 2020 දී එය මිලියන 5.81කට සීමා වී තිබුණා. 

සාමාන්‍යයෙන් වසරකට අත්ලාන්තික් සැමන් ටොන් දෙ ලක්ෂයක පමණ අස්වැන්නක් ලබා ගැනෙනවා. කෙසේ නමුත් මරණ අනුපාතයේ වැඩි වීමත් සමග මේ තත්ත්වය වෙනස් වී තිබෙනවා. 

සැමන් ගොවියන් පවසන්නේ මේ ව්‍යසනයට මූලික ම හේතුව වන්නේ මයික්‍රෝ ජෙලිෆිෂ් විශේෂයන් බවයි. පසුගිය වසරේ බ්‍රිතාන්‍ය මුහුදු සීමාව තුළ මයි⁣ක්‍රෝ ජෙලිෆිෂ් රංචු වැඩි වශයෙන් සැරිසරනු දැකගත හැකි වුණා. එය බොහෝ විට දේශගුණික විපර්යාසයන් නිසා සිදු වූ සංසිද්ධියක් විය හැකියි. 

කෙසේ නමුත් එක්සත් රාජධානිය පදනම් කරගත් Animal Equality UK සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා, ඇබිගේල් පෙනී පෙන්වා දෙන්නේ මේ සඳහා ජෙලිෆිෂ් ගහනය වගකිව යුතු නැති බවයි. මේ මරණවලට හේතුව වන්⁣නේ වගා කොටු තුළ ඉඩ ඇහිරී යන පරිදි මසුන් පමණට වැඩි ගණනක් ඇති කිරීම බවයි ඇය පෙන්වා දෙන්නේ. 

ස්කොට්ලන්තයේ බොහෝ වෙරළ තීරවල ගොඩබිම සිට සිට මීටර 160ක පළලකින් යුතු ව පවත්වාගෙන යන සැමන් කොටු දැකගත හැකියි. එහි අදහස වන්නේ මේ වගාවන් අවට සාගර ජෛවපද්ධතීන්ට විවර ව පවතින බවයි. සැමන් ගොවිතැන නිසා සාගර ජෛවපද්ධති යම් බලපෑමකට නතු වන බව ඉන් පෙනී යනවා. 

The Guardian ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications