වසර 90,000කට ඉහත නියැන්ඩතාල් මානවයන් විසූ පෘතුගාලයේ Gruta da Figueira Brava නම් ගුහාවක තිබී කකුළු විශේෂ කිහිපයක අවශේෂයන් පුරා විද්‍යාඥයන් හට හමු වී තිබෙනවා.
කකුළුවන්ගේ මෙම අවශේෂ පිළිබඳ විස්තරාත්මක විශ්ලේෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙම ආදි මුතුන් මිත්තන් විසින් සම්පූර්ණ සතුන් තම ගුහා පරිශ්‍රය වෙත රැගෙන විත් ගල් අඟුරු මඟින් පුළුස්සා කටුව පලා ගැනීමෙන් අනතුරුව ඇතුළත මාංශය ආහාරයට ගෙන ඇති බවයි.
පසුගිය පෙබරවාරි 7 වැනි දින Frontiers in Environmental Archaeology නම් ජර්නලයේ පළ කර තිබූ පර්යේෂණ පත්‍රිකාවකින් මේ බව අනාවරණය කර තිබෙනවා.
අන්තිම අන්තර් ග්ලැසියර අවධියේ අවසන් සමයේ දී නියැන්ඩතාල් මානවයින් නිතිපතා ම විශාල දුඹුරු කකුළුවන් අල්ලාගෙන ඇති බව එම පත්‍රිකාවේ ප්‍රධාන කතුවරිය වන මානව ප්‍රාග් පරිසර විද්‍යාව සහ සමාජ පරිණාමය පිළිබඳ කැටලාන් ආයතනයේ පුරා විද්‍යාඥ ආචාර්ය මරියානා නබායිස් සඳහන් කරනවා.
සෙන්ටි මීටර් 16 ක් පමණ පළලැති කටුවක් තිබූ වැඩුණු සතුන් ඔවුනට ආසන්න ව තිබූ පාෂාණමය වෙරළේ පිහිටි දිය කඩිතිවලින් අල්ලාගන්නට ඇති බව ඇය පවසනවා.
පර්යේෂකයන් විසින් සොයාගත් පරිදි එම සතුන් ග්‍රෑම් 200ක තරම් මාංශ ප්‍රමාණයක් තිබුණු විශාල ලෙස වැඩුණු කකුළුවන් වෙනවා.
𝐶𝑎𝑛𝑐𝑒𝑟 𝑝𝑎𝑔𝑢𝑟𝑢𝑠 නම් විශේෂයට අයත් දුඹුරු කකුළුවන්ගේ අවශේෂ බහුල එකතුවක් ආචාර්ය නබායිස් සහ ඇගේ සහායකයින් විසින් පරීක්ෂා කර තිබෙන Gruta da Figueira Brava නම් ගුහා පරිශ්‍රය පිහිටා තිබෙන්නේ ලිස්බන් නුවරට කිලෝ මීටර් 30ක් දකුණින්.
කකුළුවන්ගේ කවච සහ අඬුවලට හානි සිදු වී ඇති රටාවන් අධ්‍යයනයෙන් ඒ පිළිබඳ වගකීමෙන් වෙනත් විලෝපීන් ඔවුන් විසින් බැහැර කොට තිබෙනවා.
එම රටාවන් තුළින් මාංශ භක්ෂක හෝ කෘන්තකයන්ගේ සලකුණු මෙන් ම විලෝපී පක්ෂීන් විසින් කරන ලදැයි සිතිය හැකි ලකුණු කිසිවක් පිළිබිඹු වන්නේ නැහැ.
ලැබී ඇති සාක්ෂිවලට අනුව නියැන්ඩතාල් මානවයන් කකුළුවන් දඩයම් කළා පමණක් නොව ඔවුන්ව පුළුස්සා ඇති බවද පෙනී තිබෙනවා.
කකුළුවන්ගේ කටු මත තිබෙන කළු පාට පිළිස්සුම් අධ්‍යයනයෙන් එම සතුන් සෙල්සියස් අංශක 300 – 500 උෂ්ණත්වයකට රත් කර තිබෙන බව අනාවරණය වෙනවා.
SCI NEWS ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි