2015 වසරේ දී ප්ලූටෝ – චාරන් පද්ධතිය වෙත පළමු වරට ළඟා වූ නාසා ආයතනයට අයත් නිව් හොරයිසන්ස් යානය දුටු චාරන් මතුපිට ඇති භූ විද්‍යාත්මක ලක්ෂණ විද්‍යාඥයින්ගේ මවිතයට හේතු වුණා.
ප්ලූටෝ වාමන ග්‍රහයාට අයත් විශාලතම චන්ද්‍රයා වන චාරන් ගේ මැද පෙදෙස පුරා දිගට විහිද ගිය ගැඹුරු අවපාතනයන් දැකීමට පෙර සිතා තිබුණේ චාරන් යනු නිෂ්ක්‍රිය අයිස් බෝලයක් බවයි.
ලබන මාර්තු මස 1 වැනි දින Icarus ජර්නලයේ පළ කෙරෙන පර්යේෂණ වාර්තාවකින් චාරන් මතුපිට පැලුම්වලට හේතුව උප පෘෂ්ඨ මිදුණු සාගරයක (Subsurface frozen ocean) බලපෑම විය හැකි බව දැක්වෙනවා.
ඉහත වාර්තාවේ ප්‍රධාන කතුවරිය හා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි සවුත් වෙස්ට් පර්යේෂණ ආයතනයේ ආචාර්ය ඇලයිසා රෝඩෙන් විශේෂයෙන්ම තම අභ්‍යන්තර සාගර සහිත අයිස් චන්ද්‍රයන්ගේ භූ භෞතික විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක ද වෙනවා.
“අභ්‍යන්තරයේ තිබෙන සාගරයක ජලය මිදෙන විට සිදුවන ප්‍රසාරණය නිසාම එහි අයිස් කවචය මත විශාල ආතතියක් නිර්මාණය වෙනවා. චාරන් මතුපිට ඇති විශාල කැනියම් හා අධි ශීතනය වූ යමහල් ප්‍රවාහවල ප්‍රභවය මෙය විය හැකි බවට අපි සැක කරනවා.” ඇය එසේ පැහැදිලි කරනවා.
චාරන් මතුපිට හරහා වැටුණු පටියක් වැනි මෙම පැලුම් සමූහය තුළින් එහි බාහිර කවචය කලින් අනුමාන කර තිබුණාට වඩා තුනී ව පැවති අවධියක් චාරන් චන්ද්‍රයාගේ ඉතිහාසය තුළ පැවති බව හැඟවෙනවා.
ඉහත පර්යේෂකයන් විසින් පිළියෙළ කරන ලද ආකෘතිවලට අනුව චාරන්ගේ උතුරු අර්ධගෝලයෙහි අයිස්, ජලය හා වෙනත් ද්‍රව්‍ය විදාරණය කෙරෙන හිමායන යමහල් අඩුවෙන් පවතින බව යෝජනා කර තිබෙනවා.
Space.com සහ Icarus ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි