උපත් පාලන උපක්‍රම ලෙස තවමත් පිරිමින්ට ඇත්තේ විකල්ප ක්‍රම දෙකක් පමණයි.
ඒවා නම් ශුක්‍රාණු ගමන් කරන ශුක්‍ර නාල අවහිර කරන වාසෙක්තමි සැත්කම සහ සංසර්ගයේ දී කොන්ඩම් භාවිතයයි.
පිරිමින්ට ගත හැකි උපත් පාලන පෙති සම්බන්ධ විවිධ පර්යේෂණ සිදු කෙරෙමින් පැවතියත් ඒ එකක්වත් තව ම ප්‍රායෝගික භාවිතයට පැමිණ නැහැ.
ඒ අතර ඊයේ, පෙබරවාරි 14 වැනි දින Nature Communications ජර්නලයේ පළ කර තිබෙන පර්යේෂණ වාර්තාවකට අනුව පිරිමි මීයන් තුළ පැයක් ඇතුළත ක්‍රියාත්මක වී දිනක කාලයක් ඇවෑමෙන් ක්‍රියා විරහිත වන පරිදි ශුක්‍රාණු අක්‍රිය කරවන පිරිමි උපත් පාලන ඖෂධයක් අත්හදා බලා තිබෙනවා.
” මේ දක්වා උපත් පාලන උපක්‍රමවල සියලු පීඩාවන් දරා සිටින්නේ කාන්තාවන්. දැන් අපට අලුත් විකල්පයන් අවශ්‍යයි.”
ඉහත පර්යේෂණ වාර්තාවේ ප්‍රධාන කතුවරිය වන එක්සත් ජනපදයේ කෝනෙල් සරසවියේ ජීව වෛද්‍ය පර්යේෂණ පිළිබඳ වෛද්‍ය විද්‍යාලය වන Weill Cornell Medicine හි ඖෂධවේදය පිළිබඳ පර්යේෂිකා Melanie Balbach පවසනවා.
මේ පර්යේෂණ කණ්ඩායමේ ඉලක්කය වූයේ ශුක්‍රාණුවල ක්‍රියාකාරිත්වය සඳහා යතුරක් මෙන් ක්‍රියා කරන ඇඩිනයිල් සයික්ලේස් නමැති එන්සයිමයයි.
මේ එන්සයිමයේ ක්‍රියාකාරිත්වය වසා දැමුවහොත් ශුක්‍රාණුවල සංචරණ හැකියාව තවදුරටත් සිදු නො වන බව ඉහත පර්යේෂණ වාර්තාවේ සහාය කතුවර Weill Conell Medicine වෛද්‍ය විද්‍යාලයේ Jochen Buck සඳහන් කරනවා.
විවිධ පර්යේෂණ කිහිපයක් මඟින් ඔවුන් පෙන්වා දුන්නේ පරීක්ෂණාත්මක ඖෂධය ලබා දුන් මීයන්ගේ ශුක්‍රාණු මිනිත්තු 30 සිට පැයක කාලයක් ඇතුළත සිය චලන හැකියාව නැති කර දමන බවයි.
අධ්‍යයනයට අනුව පළමු පැය 2ක කාලය තුළ ගර්භණීභාවය වැලැක්වීමේ ලා මෙම ඖෂධය 100% ක් ම සාර්ථක වන අතර පළමු පැය 3ක කාලය සඳහා 91% ක සාර්ථකත්වයක් පෙන්වනවා.
ඖෂධය ලබා දී පැය 24කට පසුව ශුක්‍රාණු සාමාන්‍ය චලන හා සංචරණ හැකියාව ලබා ගන්නවා.
මේ අනුව පර්යේෂකයන්ගේ ඉලක්කය වී ඇත්තේ පැයක් තුළ ක්‍රියාත්මක වී පැය 6 සිට 12 දක්වා කාලයක් පවතින හෝමෝනමය නො වන තනි පෙත්තක් නිර්මාණය කිරීමයි.
ඖෂධය ලබා දුන් මීයන් තුළ අතුරු විපාක කිසිවක් වාර්තා වී නැහැ.
Science alert සහ Nature Communications ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි