මීටර් 15.1 ක් එනම් අඩි 49.5 ක් වන වාර්තාගත දිගු ගෙලක් තිබූ ඩයිනොසෝරයෙකු පිළිබඳව නවතම අධ්‍යයනයක දැක්වෙනවා.
වර්තමානයේ වෙසෙන දිග ම ගෙලක් හිමි ක්ෂීරපායී ජිරාෆ්ගේ ගෙල මෙන් සය ගුණයකටත් වඩා දිගු ගෙලක් හිමි මේ උරග දැවැන්තයාගේ ගෙල පාසල් බස් රියකටත් වඩා අඩි 10 ක් දිගින් වැඩියි.
පසුගිය මාර්තු 15 වෙනි බදාදා Journal of Systematic Palaeontology ජර්නලයේ පළ කරන ලද වාර්තාවකට අනුව මෙතරම් දිගු ගෙලක් හිමි 𝑀𝑎𝑚𝑒𝑛𝑐ℎ𝑖𝑠𝑎𝑢𝑟𝑢𝑠 𝑠𝑖𝑛𝑜𝑐𝑎𝑛𝑎𝑑𝑜𝑟𝑢𝑚 නම් ඩයිනොසෝර් විශේෂය අදින් වසර මිලියන 162 කට ඉහත ජුරාසික අවධියේ ජීවත් ව තිබෙනවා.
අධ්‍යයන වාර්තාවට අනුව මේ ඩයිනොසෝරයා ජීවත් ව තිබෙන්නේ වයඹදිග චීනයට අයත් වර්තමානයේ Xinjiang Uyghur Autonomous Region නමින් හැඳින්වෙන ප්‍රදේශයේයි.
𝑀𝑎𝑚𝑒𝑛𝑐ℎ𝑖𝑠𝑎𝑢𝑟𝑢𝑠 𝑠𝑖𝑛𝑜𝑐𝑎𝑛𝑎𝑑𝑜𝑟𝑢𝑚 අයත් වන සවුරොපෝඩ් කාණ්ඩයේ අනෙක් ඩයිනොසෝරයන්ටත් දිගු ගෙලක් හිමි ව තිබෙනවා. එහෙත් මේ විශේෂයේ අතිශයින් දිගු ගෙල නිසා ම ඌ කාර්යක්ෂම ලෙස ආහාර සොයා ගිය උලාකන්නෙකු වූ අතර වරකට විශාල වපසරියක තිබෙන ශාක කොටස් උලා කෑමට ඌට හැකි වී තිබෙනවා.”
මේ අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන කතුවර එක්සත් ජනපදයේ නිව් යෝර්ක්හි ස්ටෝනි බෲක් සරසවියේ පාෂාණිධාතු විද්‍යාඥ ඇන්ඩෲ මුවර් එසේ පවසනවා.
පර්යේෂකයන් විසින් මේ ඩයිනොසෝර් විශේෂයේ ෆොසිල මුලින් ම සොයාගෙන තිබෙන්නේ 1987 වසරේ දී වුණත් ඒ හනු අස්ථියක් සහ ගෙලෙහි කශේරුකා කිහිපයක් පමණයි.
එහෙත් පාෂාණිධාතු විද්‍යඥයින්ට බොහෝ දෑ පැවසීමට එය හොඳට ම ප්‍රමාණවත් ව තිබෙනවා.
මේ ඩයිනොසෝර් විශේෂය හැරුණු විට ඊළඟට දිගු ගෙලක් තිබුණු ඩයිනොසෝර් විශේෂය වන්නේ 𝑋𝑖𝑛𝑗𝑖𝑎𝑛𝑔𝑡𝑖𝑡𝑎𝑛 𝑠ℎ𝑎𝑛𝑠ℎ𝑎𝑛𝑒𝑠𝑖𝑠 නම් විශේෂයයි.
වඩාත් ම සම්පූර්ණ සුරක්ෂිත ෆොසිල ගෙලක් වන එහි දිග මීටර් 13.4 ක් එනම් අඩි 43.9 ක් වෙනවා.
ඇන්ඩෘෘ මුවර් පවසන අන්දමට 𝑀𝑎𝑚𝑒𝑛𝑐ℎ𝑖𝑠𝑎𝑢𝑟𝑢𝑠 𝑠𝑖𝑛𝑜𝑐𝑎𝑛𝑎𝑑𝑜𝑟𝑢𝑚 විශේෂයේ ඩයිනොසෝරයන්ගේ ගෙලෙහි කශේරුකා 18 ක් සහිතයි.
එහෙත් මේ විශේෂය පරිණාමය වී තිබෙන්නේ ඔවුන්ගේ සුවිසල් ගෙල සැහැල්ලු හා ශක්තිමත් වන ලෙසටයි.
ඔවුන්ගේ කශේරුකාවල CT පරිලෝකන වලට අනුව ඒවායේ පරිමාවෙන් 77%ක් ම පිරී තිබුණේ වාතයෙන්.
එය හරියට ම අද දවසේ වෙසෙන කොකුන්ගේ සැහැල්ලු ඇටසැකිලි වගෙයි.
මේ නිසා ම තුවාලවීම්වලින් ගෙල ආරක්ෂා කර ගැනීමට උන්ගේ ගෙල තුළ දෙපසින් මීටර් 4ක් එනම් අඩි 13ක් දිගැති පර්ශු (ඉළඇට) පැවතී තිබෙනවා.
Live Science සහ Journal of Systematic Palaeontology ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි