RAD12-B ලෙස නම් කළ මන්දාකිණියෙන් පුදුම එළවන සුළු හැසිරීමක් නිරීක්ෂණය කරන්නට ඉන්දිවාවේ මුම්බායි සරසවියේ විද්‍යාඥ කණ්ඩායමක් සමත් වී තිබෙනවා. එනම් ඉන් සිය අසල්වැසි මන්දාකිණිය වෙත නිකුත් කෙරෙන ප්ලාස්මා ජෙට් දිහරාවයි. මේ මන්දාකිණිය පිහිටන්නේ පෘථිවියෙන් ආලෝක වර්ෂ බිලියනයකට ඔබ්බෙන්. මන්දාකිණි ද්විත්වයකින් සමන්විත ඒ සම්පූර්ණ පද්ධතිය RAD12 පද්ධතිය ලෙස හැඳින්වෙනවා.
මෙලෙස එකිනෙකට ආසන්න ව පිහිටන මන්දාකිණි පද්ධති අතර උණුසුම් ප්ලාස්මා ජෙට් දහරා ඇති වීම අලුත් දෙයක් මත් නොවෙයි. මෙවර එය නිරීක්ෂණය කරන ලද්දේ හයවැනි වතාවටයි. කෙසේ නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ ප්ලාස්මා ප්‍රවාහය නිකුත් කරන ලද RAD12-B මන්දාකිණියට වඩා එම ප්‍රහාරයට නතු වන මන්දාකිණිය ප්‍රමාණයෙන් විශාල වීමයි. මෙය මෙතෙක් නිරීක්ෂණය කරන ලද ප්ලාස්මා ජෙට් ප්‍රවාහයන්ගෙන් වෙනස් වන තවත් ලක්ෂණයක් තිබෙනවා. එනම් එය වහනය වන්නේ එක් දිශාවකට පමණක් වීමයි.
සාමාන්‍යෙයන් මන්දාකිණියක මධ්‍යෙය් සිට සිදු වන ප්ලාස්මා ජෙට් දහරා විහිදුවාලීම් දෙපසට ම එක හා සමාන ව පැතිරී යනවා. මෙවැනි මන්දාකිණි ‘රේඩියෝ මන්දාකිණි’ (Radio Galaxies) යනුවෙන් හැඳින්වෙනවා. ඒ එසේ පිට කරන අධීවේගී ජෙට් ප්ලාස්මාවන්වල ඇති විකිරණශීලී බව නිසයි. මේ සංසිද්ධිය, මධ්‍යෙය් තිබෙන අති දැවැන්ත කළු කුහරය නිසා හටගන්නක් බවයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ.
RAD12 යම් අමුතු හැසිරීමක් සහිත පද්ධතියක් බව විද්‍යාඥයන් දැන සිටියේ 90 දශකයේ සිටයි. නමුත් එහි ඇති අසාමාන්‍යතාව මුළුමනින් ම පාහේ අනාවරණය කරගන්නට අවකාශය ලැබුණේ RAD@home ව්‍යාපෘතිය යටතේ ඉන්දියාවේ Giant Meterwave Radio Telescope (GMRT) වෙතින් ලබාගත් දත්ත අධ්‍යයනය කිරීම මඟින්.
කෙසේ නමුත් RAD 12-B මෙතරම් සුවිශාල ප්ලාස්මා විකිරණ ධාරාවක් එක් දිශාවකට පමණක් එල්ල කරන්නේ ඇයි ද යන ගැටලුවට තවමත් නිශ්චිත පිළිතුරක් නැහැ.
Space Alert ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි