අපගේ සූර්යයා අතිවිශාල රශ්මි කදම්භයන් මුදා හරින්නේ පෘථිවිය කුරා කූඹියෙකුගේ තරමට ඇද දමමින්. ම්භක ක්ෂේත්‍රයත්, වායුගෝලයත් නිසා කලින් කලට සූර්ය කොරෝනාවෙන් නිකුත් වන සූර්ය කුණාටුවල උපරිම බලපෑමෙන් පෘථිවිය ගැලැවී ගියත් විදුලි ජාලවල අකර්මන්‍ය වීම් ගුවන් සහ අභ්‍යවකාශ යානාවල සන්නිවේදන බිඳවැටීම් ආදිය වාර්තා වනවා.
සූර්යයා න්‍යෂ්ටික විලයනයෙන් ගිනිගෙන දැවෙන ප්ලාස්මා ගෝලයක් වැනි නිසා පිටතට මුදා හැරෙන්නට පොරකමින් සිටින ශක්තීන් සමුදායක් එය සතු ව පැවතීම පුදුමයට කරුණක් නොවෙයි. ඉන් සිදු වන අතිශය බලවත් විදාරණයන් මඟින් මුදාහැරෙන පදාර්තයන් සැලකිය යුතු දුරක් දක්වා මුළු සෞරග්‍රහ මණ්ඩලයට ම බලපානවා.
මේ සූර්ය කුණාටු ගැන වඩාත් නිරවද්‍ය අදහසක් ලබා ගැනීමේ අරමුණින් විද්‍යාඥයන් විද්‍යාගාරයක් තුළ දී කෘත්‍රිම සූර්ය කුණාටුවක් ඇති කර තිබෙනවා.
‘සූර්ය නිරීක්ෂණ කටයුතු මඟින් ශක්තිජනක අංශූන් සහ ප්‍රබල එක්ස් කිරණ ග්‍රහණය කරගනු ලැබුවත් ඒවායේ ත්වරණය සිදු වන්නේ නිරීක්ෂණය කළ හැකි විභේදනයකට ළඟා විය නො හැකි තරම් කුඩා පරිමාණයක් තුළ වීම නිසා උත්පාදනය වන යාන්ත්‍රණය හෙළිකරගන්නට නො හැකි වී තිබෙනවා. එනිසා මේ අංශූන්ගේ සහ එක්ස් කිරණයන්ගේ මූලය තවමත් අබිරහසක් ලෙසයි පවතින්නේ’ එසේ පවසන්නේ කැල්ටෙක් සරසවියේ භෞතික විද්‍යාඥ Yang Zhang.
කැල්ටෙක් සරසවියේ භෞතික විද්‍යාඥ Paul Bellan විසින් සැලසුම් කෙරුණු මේ පර්යේෂණාත්මක ඇටවුම ‘කොරෝනා තොණ්ඩු’ (Coronal Loops) යනුවෙන් හැඳින්වෙන ව්‍යුහයන් ප්‍රතිනිර්මාණය කරන්නට සමත්. හිරුගේ ප්‍රභාගෝලයේ සිට දාමයක ස්වරූපයෙන් නික්මෙන ප්ලාස්මා ව්‍යුහයන් වන මේවා සූර්ය කොරා්නාවේ සිට නෙරා විහිදෙන ච්ම්භක ක්ෂේත්‍ර සමග දිවෙනු දැකගත හැකියි.
Science Alert ඇසුරිනි.
සත්‍ය හෙට්ටිආරච්චි