මෙතෙක් කලකට පෘථිවියේ යටින් ඇති භූ ලාක්ෂණික විදහා දැක්වෙන පරිදි තනාගත් සුපැහැදිලි ම අධි විභේදිත සිතියම භූ විද්‍යාඥයන්ගේ අවධානය පැහැරගන්නට සමත් වී තිබෙනවා. ඒ මින් පෙර හඳුනාගෙන නො තිබූ යමක් පෘථිවි හරයට ඉහළින් එය ආවරණය කරමින් පවතින බව පෙනී යාමත් සමගයි.
මේ සිහින්, එහෙත් ඝන ස්ථරය පිහිටා ඇත්තේ පෘථිවි කබොල මතුපිට සිට කිලෝමීටර 2900ක් පහළිනුයි. බාහිර හරය පාෂාණමය පෘථිවි ප්‍රාවරයේ හමුවන්නේ මේ සීමාව තුළයි. මෙසේ අලුතින් සොයාගත් ස්තරය ඉපැරණි සාගර පත්ලක් ව තිබෙන්නට ඇතැයි විද්‍යාඥයන් සැක පළ කරනවා.
අපගේ දෙපාවලට යටින් ඇත්තේ මොනවා දැයි හැකි පමණ කරුණු සහගත ව දැන හඳුනා ගැනීම අපගේ පැවැත්මට ද ඉතා වැදගත් පුරුද්දක්. ගිණිකඳු විදාරණයන්ගේ සිට සූර්ය කුණාටුවලින් අප ගලවන පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය දක්වාත් තව තවත් දෑ දැනගැනීමට එය මං පෙත් විවර කර දෙනවා.
“අප කළා වගේ ම භූ පර්යේෂණ කටයුතු අපේ ග්‍රහලෝකයේ අභ්‍යන්තර සැකැස්ම පිළිබඳ අති ඉහළ විභේදනයන්ගෙන් යුතු ඡායාරූප සමීප කරනවා. මේ ව්‍යුහය අප සිතා සිටියාට වඩා ඇතිශය සංකීර්ණ බව දැන් තේරුම් යමින් තිබෙනවා.” එසේ පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබෑමා සරසවියේ භූ විද්‍යඥවරියක වන Samantha Hansen.
Hansen සහ ඇගේ පර්යේෂණ සගයන් විසින් ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු තුළ වළ දා තිබූ නිරීක්ෂණ පද්ධති 15 ක් යොදා ගනිමින් වසර තුනක කාලය තුළ පෘථිවිය තුළ හටගත් භූ කම්පන තරංග සිතියම් ගත කෙරුණා. ඒ තරංග චලනය වන ආකාරය පෘථිවි අභ්‍යන්තරයේ ඇති සංයුතිය පවසන අනාවැකියක් වැනියි.
“ඇන්ටාක්ටිකාව තුළ දිව ගිය භූ කම්පන තරංග දහස් ගණනක් විශ්ලේෂණය කිරීමෙන් අපේ අධි-විභේදන ඡායාරූපකරණ ක්‍රමවේදය සමත් වුණා CMB (Core-mantle Boundary – පෘථිවි හරයත් – ප්‍රාවරයත් වෙන් වන සීමාව) පසුබිම් කරගෙන පැතිරී ඇති සිහින් අවිධිමත් ස්තර කලාප හඳුනා ගන්නට” ඇරිසෝනා සරසවියේ භූ භෞතික විද්‍යාඥ Edward Garnero පවසනවා.
මේ ස්තරයේ ඝනකම තැනින් තැනට විෂමයි. හරස් කඩක් වශයෙන් ගත් විට ඇතැම් තැන් කිලෝමීටර කිහිපයක් පහමණක් වුවත්, ඇතැම් තැන් සැතපුම් පහක් පමණ සුවිසල් උසකට විහිදෙන්නේ එවරස්ට් කන්ද ද පරයමින්.
Science Alert ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි