යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) විසින් බ්‍රහස්පතිගේ උපග්‍රහයන් අධ්‍යයනය කරීම සඳහා සැලසුම් කරන ලද JUICE (JUpiter ICy moons Explorer) යානය අභ්‍යවකාශගත කිරීම ඊයේ පස්වරුවේ සිදු කිරීමට නියමිත ව තිබුණත් මෙහයුම දිනකින් කල් දමන්නට තීරණය කෙරුණා. ඒ ඇති ව තිබූ අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ රොකට්ටුවට අකුණු සැර වැදීමේ අවදානම සලකා බලමින්. ඒ අනුව අද පස්වරුවේ ප්‍රංශ ගයානාවේ සිට JUICE රැගත් Ariane 5 රොකට්ටුව ඉහළ නැඟීමට නියමිතයි.
කිලෝමීටර මිලියන 600කට එපිටින් ඇති බ්‍රහස්පති ග්‍රහයා සෞරග්‍රහ මණ්ඩලය සතු විශාලතම ග්‍රහයා මෙන් ම වැඩි ම චන්ද්‍රයන් ගණනක් සතු ග්‍රහයා ද වනවා. එය සතු උප ග්‍රහයන් සංඛ්‍යාව 82ත් 95ත් අතර අගයක් ගන්නවා. ඉන් අති බහුතරයක් පසුගිය දශක දෙක ඇතුළත අනාවරණ කරගත් ඒවායි. බ්‍රහස්පති ග්‍රහයාත්, එහි උපග්‍රහයින් අතරින් ගැනිමිඩ්, කැලිස්ටෝ සහ යුරෝපා JUICE හි අධ්‍යයනයට බඳුන් වන්නට නියමිතයි.
ESA හි Cosmic Vision ව්‍යාපෘතිය යටතේ ඇති මෙහෙයුම් අතුරින් යුරෝ බිලියනයකට අධික වැය ශීර්ෂයක් හිමි වූ ප්‍රථම මෙහෙයුම මෙයයි.
බ්‍රහස්පති චන්ද්‍රයන් මත ජලය සොයාගැනුණේ NASA ආයතනය විසින් යවන ලද ගැලීලියෝ යානය විසින් 1995 දී යි. එහි දී අයිස් ගහන උපග්‍රහයන් වන කැලිස්ටෝ, යුරෝපා සහ ගැනිමිඩ් මතු නොව යමහල් සහිත උපග්‍රහයෙකු වන අයෝ මතත් ද්‍රව ජලය සහිත සාගර ඇති බව සනාථ වුණා.
යුරෝපා සහ කැලිස්ටෝ ද නිරීක්ෂණයට බඳුන් වුවත් JUICE හි ප්‍රමුඛත්වය හිමි වනු ඇත්තේ ගැනිමිඩ් වෙතටයි. ඒ සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලත ම චන්ද්‍රයා වීම, ද්‍රව ජලය සහිත සාගරයකට මෙන් ම තමාගේ ම චුම්භක ක්ෂේත්‍රයකට හිමිකම් කීම ආදී කරුණු රැසක් මුල් කරගෙනයි.
සියල්ල යහපත් අතට සිදු වුවහොත් ශ්‍රී ජයවර්ධනපුර වේලාවෙන් පස්වරු 5.44ට JUICE යානය රැගත් Ariane 5 රොකට්ටුව දකුණු ඇමරිකාවේ, ප්‍රංශ ගයානාවේ පිහිටි යුරෝපානු අභ්‍යවකාශ මෙහෙයුම් දියත් කිරීමේ අංගණයෙන් එසැවීමට නියමිතයි. Ariane 5 රොකට්ටුව JUICE යානය මුදාහැරීමෙන් අනතුරුව සිය දෙවැනි අදියර සඳහා වෙන්කර තිබෙන ඉතිරි ඉන්ධන අභ්‍යවකාශයට මුදා හරින බැවින් එය කුඩා වල්ගාතරුවක ස්වරූපයකින් ශ්‍රී ලංකාවට ද දිස්වීමට නියමිතයි. පස්වරු 06.12ට පමණ බටහිර සිතිජයෙන් ඉහළට ඇදෙන එය 6.30ට පමණ අහස මුදුනට ආසන්න වනු ඇති. කෙසේ නමුත් පළමු අදියරෙන් ලැබෙන ත්වරණය ප්‍රමාණවත් නො වී දෙවන අදියරේ ඉන්ධන ද භාවිතා කර දහනය සිදු වුවහොත් මේ දර්ශනය දැක ගැනීමේ අවස්ථාව ගිලිහී යන්නට ඉඩ තිබෙනවා.
Science Alert සහ Space.com ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි