ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වන පෙන්ටගනය විසින් හඳුනා නො ගත් ගගන සංසිද්ධින් (UAPs), නො එසේ නම්, හඳුනා නො ගත් පියාසර වස්තූන් (UFOs) දර්ශනය වීම් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා වෙනම ම කාර්යාලයක් පවත්වාගෙන යනවා. All-domain Anomaly Resolution Office (AARO) ලෙස හැඳින්වෙන එය වැඩි වශයෙන් නැඹුරු වී සිටින්නේ ආරක්ෂක අංශ මඟින් වාර්තා කළ සංසිද්ධීන් සහ පටිගත කරන ලද දෘශ්‍ය පට අධ්‍යයනය කරීමටයි.
එහි ප්‍රධානියා වන්නේ ආචාර්ය ශෝන් එම්. කර්ක්පැට්‍රික් (Dr. Sean M. Kirkpatrick).
ඔහු පසුගිය දා තම කාර්යාලය විසින් මේ තාක් දුරට අධ්‍යයනය කරනු ලැබූ සිදු වීම් පිළිබඳ එක්සත් ජනපද සෙනෙට් මණ්ඩල කාරක සභා සැසියක දී ප්‍රකාශයක් කළා.
එහි දී මෙතෙක් හෙළි නො කළ තවත් UFO දර්ශන පටිගත වූ දෘශ්‍ය පට දෙකක් ප්‍රදර්ශනය කෙරුණු අතර AARO මඟින් ඒවා IFOs හෙවත් හඳුනාගත් පියාසර වස්තූන් බවට පත් කරගත් ආකාරය ද හෙළි කෙරුණා.
‘වාර්තාගත UAP සිදු වීම් බොහෝ ගණනක් අතුරින් “අසාමාන්‍ය” ලෙස අර්ථගැන්විය හැක්කේ ඉතා ම සුළු ප්‍රතිශතයක් පමණයි’ කර්ක්පැට්‍රික් පැවසුවා.
‘හඳුනා නො ගත් පියාසර වස්තූන් ලෙසට AARO වෙත වාර්තා දෑ අතුරින් බහුතරය බැලූන්, නො නියමු ගුවන් යානා හෝ වෙනත් ස්වභාවික සංසිද්ධීන්ගේ ලෞකික ලාක්ෂණික ප්‍රකට කරනවා.’
එහි දී ප්‍රදර්ශනය කරන ලද දෘශ්‍ය පසුරු දෙක පෙන්ටගනයේ වෙබ් අඩවිය මඟින් මුදාහල UFO දර්ශන අතරේ 2022 වදරේ දී මැදපෙරදිග රාජ්‍යයක් ඉහළින් පියාසර කළ MQ-9 ඩ්‍රෝන යානාවකින් ලබාගත් දර්ශන පටයක් ද තිබෙනවා. එහි දැක්වෙන්නේ මිලිටරි මූලස්ථානයක්ට ඉහළින් පියාසර කරන බැලූනයක හැඩය ගත් යමක්. එය තවදුරටත් විමර්ශනය කෙරෙමින් පවතිනවා.
එසේ ම තවත් පටිගත කරීමක දැක්වෙන්නේ 2023 වසරේ ජනවාරියේ දී දකුණු ආසියාවේ සිදු වූ යමක්. MQ-9 ඩ්‍රෝන යානයක් එම වර්ගයේ ම තවත් ඩ්‍රෝන යානාවක් දෙස අධෝරක්ත කැමරාවෙන් බලා සිටින මොහොතක අනපේක්ෂිත ලෙස දර්ශන පථයට හසු වී ඇදී යන තවත් වස්තුවක් එහි දැක්වෙනවා. තවත් වැඩිදුර තොරතුරු අධ්‍යයනය කිරීමෙන් AARO සනාථ කරගත්තේ එය වාණිජ්‍යමය ගුවන් යානයක් බවයි.
මිලිටරිමය අතින් වාර්තාවන බොහෝ UFO සම්බන්ධ සිදු වීම් වාර්තා වන්නේ අඩි 15,000 සිට 25,000 දක්වා ගුවන් සීමාව තුළ බවයි කර්ක්පැට්‍රික් පෙන්වා දෙන්නේ.
එසේ ම තම කාර්යාලය කිසියම් හෝ සිදු වීමකට අදාළ ව ප්‍රමාණවත් දත්ත නොමැති ව නිගමනයකට නො එළඹෙන බව ඔහු පෙන්වා දෙනවා. ඒ ඉන් බලාපොරොත්තු වන විද්‍යාත්මක ක්‍රමවේදයේ ජීව ගුණය උපරිමයෙන් රකිමින්. යම් නිගමනයක් රැකිය හැකි පරිදි දත්ත ගොනු කරගත හැකි නො වන අවස්ථා එකක දී වත් එකී සිදු වීමට අදාළ විමර්ශනය අවසන් නො කරන බව ද ඔහු එහි දී පෙන්වා දුන්නා.
Science Alert ඇසුරෙනි.
සත්‍ය හෙට්ටිආරච්චි