නව නීති සම්පාදනයක් මඟින් හිපපොටේමසුන්ගේ, මිනීමරු තල්මහගේ සහ වොල්රස් සතුන්ගේ දළ ආනයනය කිරීම සපුරා තහනම් කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙනවා.
2018 දී සම්මත කරගත් Ivory Act හෙවත් “දළ පනත” මුළුමනින් ම පාහේ කේන්ද්‍රගත වුණේ අලි ඇතුන් වෙතයි. නමුත් දත් වෙළඳාම හේතුවෙන් දඩයමට ලක් වන්නේ අලි ඇතුන් පමණක් නොවෙයි. හිපපොටේමස් ඇතුළු තවත් සත්ත්ව විශේෂ ගණනාවකගේ දළ අළෙවියට සහ ආනයනයට එරෙහි ව යන්නට ඒ පනත ප්‍රමාණවත් වුණේ නැහැ. 2018 දී මේ පනත එය ද සම්මත කරගත්තේ අභියෝග රැසකට මුහුණ දෙමින්. කිපුණු ඓතිහාසික වටිනාකමකින් යුත් භාණ්ඩ අළෙවියේ යෙදෙන වෘත්තිකයන් බ්‍රිතාන්‍ය රජයට එරෙහි ව නඩු දමන්නට පවා කටයුතු කළා. නමුත් ඒ පටු සංකල්පනා සාර්ථක නො වීම වාසනාවක්.
හස්තීන් හැරුණුවිට දළ ලබාගැනීම සඳහා ප්‍රමුඛ වශයෙන් දඩයමට ලක් වන්නේ හිපෝ සත්ත්වයින්. එසේ ම ඔර්කා නමින් ද හැඳින්වෙන මිනීමරු තල්මහ සහ ආක්ටික් සහ පැසිෆික් සාගර කලාපවල ජීවත් වන විශාල සිරුරකට සහ පහළට නෙරා තිබෙන දිගු දළ දෙකකට හිමිකම් කියන වොල්රස් නම් ක්ෂීරපායීයා ද දඩයමට ලක් වනවා. දළ පනත සංශෝධනය කරමින් ඉහත සඳහන් සත්ත්වයින්ගේ දළ සහ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය ද තහනම් ලයිස්තුවට එකතු කර තිබෙන්නේ ඒ කරුණු සැලකිල්ලට ගෙනයි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක මෙන් ම පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු දෙපාර්තමේන්තුවේ (DEFRA) ජෛවවිවිධත්වය පිළිබඳ අමාත්‍යවරිය ද වන ටෲඩි හැරිසන් පෙන්වා දෙන්නේ Ivory Act පනත ලොව පවතින සමාන පනත් අතුරින් දැඩි ම නීති සම්පාදනය බවයි.
“එක්සත් රාජධානිය සංරක්ෂණය වෙනුවෙන් ඉදිරියෙන් ම පෙනී සිටිනවා. ඒ වගේ ම අපේ තහනම මඟින් ලෝකයේ දැඩි වඳවීමේ තර්ජනයකට මුහුණ පා සිටින සතුන් රැකගැනීම වෙනුවෙන් අපට කළ හැකි උපරිමය කරමින් ලෝකයට ම නායකත්වයක් සපයනවා” ඇය සඳහන් කරනවා.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්