Home Science News ආසියාවේ උස ම ශාකය ටිබෙට් වනාන්තරයකින් සොයා ගැනෙයි.

ආසියාවේ උස ම ශාකය ටිබෙට් වනාන්තරයකින් සොයා ගැනෙයි.

by Sathya

ආසියා මහාද්වීපයට අයත් උස ම ශාකය ලෙස සයිප්‍රස් ශාකයක් චීනයට අයත් ටිබෙට් ස්වයංපාලන ප්‍රදේශයේ පිහිටි වනාන්තරයකින් සොයාගෙන තිබෙනවා.

මෙය පිහිටා තිබෙන්නේ නයින්චි නගරයට අයත් Bome Countyහි තිබෙන Yarlung Zangbo Grand Canyon ස්වභාව රක්ෂිතය තුළයි.

මීටර් 102.3 ක් එනම් අඩි 335 ක් උසැති මේ සයිප්‍රස් ශාකය පසුගිය මැයි මාසයේ දී සොයාගෙන තිබෙන්නේ චීනයේ පීකිං සරසවියට අයත් පර්යේෂණ කණඩායමක් විසිනුයි.

චීන රජයේ මාධ්‍ය විසින් දක්වා ඇති පරිදි මේ සයිප්‍රස් ශාකය හිමාලයානු සයිප්‍රස් නමින් හඳුන්වන 𝑪𝒖𝒑𝒓𝒆𝒔𝒔𝒆𝒔 𝒕𝒐𝒓𝒖𝒍𝒐𝒔𝒂 විශේෂයට හෝ ටිබෙටියානු සයිප්‍රස් නමින් හඳුන්වනු ලබන 𝑪𝒖𝒑𝒓𝒆𝒔𝒔𝒆𝒔 𝒈𝒊𝒈𝒂𝒏𝒕𝒆𝒂 විශේෂයට අයත් වන්නක්.

ඒ අනුව එය අයත් සයිප්‍රස් ශාක විශේෂය කුමක් දැ යි තව ම නිශ්චිත ව හඳුනාගෙන නැහැ.

මීටර් 93 ක් එනම් අඩි 305 ක් උසැති ලිබර්ටි ප්‍රතිමාව ද පරදවන උසක් ඇති මේ සයිප්‍රස් ශාකය ලොව දෙවැනි උස ම ශාකය වීමේ වාර්තාව ද තබනවා.

ලොව උස ම ශාකය ලෙස වාර්තාව තබා ඇත්තේ එක්සත් ජනපදයේ කැලිෆෝර්නියා වල රෙඩ්වුඩ් ජාතික උද්‍යානයේ තිබෙන 𝑺𝒆𝒒𝒖𝒐𝒊𝒂 𝒔𝒆𝒎𝒑𝒆𝒓𝒗𝒊𝒓𝒆𝒏𝒔 විශේෂයට අයත් මීටර් 116 ක් එනම් අඩි 381 ක් උසැති රෙඩ්වුඩ් ශාකයයි.

පසුගිය ජූනි 19 වෙනි දින චීනයේ People’s Daily Online මඟින් පළ කරනු ලැබූ පුවතකට අනුව අලුතෙන් සොයාගත් සයිප්‍රස් ශාකයේ විෂ්කම්භය මීටර් 2.9 ක් එනම් අඩි 9.6 ක් වෙනවා.

මේ සොයාගැනීමට පෙර ආසියාවේ උස ම ශාකය ලෙස වාර්තාගතව තිබුණේ මැලේසියාවේ සාබාවල පිහිටි Danum Valley සංරක්ෂණ කලාපයේ තිබෙන 𝑺𝒉𝒐𝒓𝒆𝒂 𝒇𝒂𝒈𝒖𝒆𝒕𝒊𝒂𝒏𝒂 විශේෂයට අයත් මීටර් 101 ක් එනම් අඩි 331 ක් උසැති යෙලෝ මෙරන්ටි ශාකයයි.

අලුත් ම වාර්තාව තැබූ සයිප්‍රස් ශාකය සොයාගත් පර්යේෂකයන් විසින් මේ වසර පුරාම ඩ්‍රෝන යානා, ලේසර් සහ රේඩාර් උපකරණ ආධාරයෙන් එය පිහිටි ප්‍රදේශයේ තිබෙන ශාකවල උස නිර්ණය කර තිබෙනවා.

ඩ්‍රෝන යානා, ත්‍රිමාන ලේසර් පරිලෝකන යන්ත්‍රයක් සහ LIDAR තාක්ෂණය යොදා ගනිමින් මේ සයිප්‍රස් ශාකයේ ත්‍රිමාන පරිගණක ආකෘතියක් නිර්මාණය කිරීමෙන් මේ ශාකයේ උස නිවැරදි ව නිර්ණය කිරීමට පර්යේෂණ කණ්ඩායමට හැකි වී තිබෙනවා.

Global Times රාජ්‍ය පුවත්පතට ප්‍රකාශයක් කරමින් පීකිං සරසවියේ දුරස්ථ පාලනය පිළිබඳ ආයතනයේ මහාචාර්ය Guo Qinghua සඳහන් කර තිබෙන්නේ මේ සයිප්‍රස් ශාකයේ ආධාරක මූල පද්ධතිය සම්පූර්ණයෙන් ම පොළොව තුළට වර්ධනය වී නොමැති බවයි.

තව ද එහි සංකීර්ණ අතු බෙදී යාමක් පවතින බව ද පෙන්වා දෙනවා.

Live Science ඇසුරෙනි.

ප්‍රේමශාන්ත කුමාරසිරි

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications