ගගනගාමීන් 7 දෙනෙකු එක්වර රැගෙන යා හැකි චීනයේ මීළඟ පරම්පරාවේ අභ්‍යවකාශ යානය 2027 දී සහ 2028 දී සිය පළමු පියාසැරිය සිදු කරනු ඇති බවට කරුණු වාර්තා වනවා. චීනයේ විශ්වවිද්‍යාලයක අවස්ථාවකට එක් වෙමින් එසේ පවසා තිබෙන්නේ චීන ගගනගාමී යැංග් ලිවෙයි (Yang Liwei).
Yang Liwei චීන ජනයා අතර වීරයෙකු ලෙසයි සැලකෙන්නේ. 2003 වසරේ දී Shenzhou – කැසියුලයෙන් ඔහු අභ්‍යවකාශයට පිවිසියේ එහි පැමිණි පළමු චීන ජාතිකයා වීමේ ඓතිහාසික වාර්තාව ද රැගෙනයි. ඔහු මේ වන විට චීනයේ නියමු අභ්‍යවකාශ පියාසැරි ව්‍යාපතියේ නියෝජ්‍ය ප්‍රධාන සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරනවා. ‘චන්ද්‍ර මෙහෙයුම්, අපේ අභ්‍යවකාශ මඳ්‍යස්ථානයේ තැනීමේ කටයුතු මෙන් ම ගැඹුරු අභ්‍යවකාශ තරණය සඳහා ද අනාගතයේ දී අලුත් පරම්පරාවකට අයත් අභ්‍යවකාශ යානා යොදා ගැනේවි.’ ඔහු එහි දී වැඩිදුරටත් සඳහන් කර කළ බව Guangzhou Daily වාර්තා කර තිබුණා.
එසේ ම ඔහු සඳහන් කර තිබුණේ එම නවීන යානයේ කැප්සියුලය පදනම් කරගනිමින් කළ අත්හදා බැලීම් ‘අතිශය සාර්ථක’ මට්ටමක ඇති බව සහ මුල් පියාසැරි මෙහෙයුම් 2027 සහ 28 වසරවල දී සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි. යානයේ අත්හදා බැලීම් කටයුතු මුල් වරට සිදු කෙරුණේ 2020 වසරේ දී යි.
පසුගිය වසරේ චීනයේ ස්වකීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය දියත් කිරීමෙන් අනතුරුව 2030 වන විට සඳ මතට ගගනගාමීන් ගොඩබැස්වීමේ මෙහෙයුමක් කෙරෙහි ද අවධානය යොමු වෙමින් පවතිනවා.
චීනය විසින් නියමු මෙහෙයුම් සඳහා භාවිතයට ගැනෙන Shenzhou යානා ආභාශය ලබා ඇත්තේ රුසියාව සතු Soyuz යානාවලින්. ඒවාට ගගනගාමීන් තුන් දෙනෙකු අභ්‍යවකාශය වෙත රැගෙන යා හැකියි. එය ජීවාධාරක පද්ධතියකින්, ගගනගාමීන්ගේ කෙටි කාලීන වාසය සඳහා සුදුසු මොඩියුලයකින් සහ නැවත පෘථිවිය වෙත පැමිණිය හැකි කැප්සියුලයකින් සමන්විතයි. නමුත් දැනට නම හෙළි කර නොමැති මීළඟ පරම්පරාවේ යානය අන්තර්ගත වන්නේ ප්‍රධාන කොටස් දෙකකින් පමණයි. එනම්, ප්‍රචාලන පද්ධතිය සහ මොඩියුලයයි. එනිසා මොඩියුලයේ විශාලත්වය වැඩි කිරීමටත් රැගෙන යා හැකි ගගනගාමීන් සංඛ්‍යාව 7 දක්වා ඉහළ නැංවීමටත් හැකියාව ලැබී තිබෙනවා.
රොයිටර් පුවත් සේවය ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්