විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඉහළ ම ශක්ති ප්‍රමාණයක් සම්ප්‍රේෂණය කරනු ලබන අධි ශක්ති විකිරණය වන ගැමා කිරණ අසාමාන්‍ය ලෙස අධික ප්‍රමාණයක් සූර්යයා වෙතින් විමෝචනය වී ඇති බව අලුත් ම වාර්තාවක දැක්වෙනවා. එය ඉලෙක්ට්‍රෝන් වෝල්ට් ට්‍රිලියනයක් තරම් ප්‍රමාණයක් විය හැකි බවයි සොයාගෙන තිබෙන්නේ.
පසුගිය අගෝස්තු 3 වැනි දින Physical Review Letters ජර්නලයේ පළ කර තිබෙන වාර්තාවකට අනුව මේ සොයාගැනීම සිදු කර තිබෙන්නේ HAWC ලෙස කෙටියෙන් හඳුන්වන High Altitude Water Cherenkov Observatory නම් නිරීක්ෂණාගාරය ආධාරයෙනුයි.
මෙක්සිකෝවේ මුහුදු මට්ටමෙන් මීටර් 4,100 ක් ඉහළින් සියෙරා නෙග්රා ගිනි කන්දට අයත් අක්‍රිය යමහල් විවර දෙකක් අතර පිහිටුවා තිබෙන HAWC නිරීක්ෂණාගාරයේ විශාල ජල ටැංකි 300 ක ජාලයක් තුළ සංශුද්ධ ජලය මෙට්‍රික් ටොන් 200 ක් අඩංගු වෙනවා.
එවිට අභ්‍යවකාශයෙන් එන ගැමා කිරණ ගැටී ඇතිවන අධි ශක්ති අංශු ජලය තුළදී ඇති කරන විකිරණය චෙරෙන්කෝව් විකිරණය ලෙස නම් කර තිබෙන්නේ මේ සංසිද්ධිය සොයාගත් 1958 වසරේ භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගලාභී පාවෙල් චෙරෙන්කෝව්ට ගෞරව පිණිසයි. එය පෙනෙන්නේ නිල් පාට ආලෝකයක් ලෙසයි.
මේ විකිරණය පිළිබඳ සටහනක් පසුගිය ජූලි මස 12 වෙනි දින විදුසර පුවත්පතේ “ගැමා අන්දරය” නම් ලිපියේ දැක්වෙනවා.
HAWC නිරීක්ෂණාගාරය අහසෙන් 15% ක ප්‍රමාණයක් සඳහා විවෘත ව පවතිනවා.
මීට පෙර 2011 වසරේ දී NASA ආයතනයට අයත් Fermi ගැමා කිරණ අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ඉලෙක්ට්‍රෝන් වෝට් බිලියනයකට වැඩි ප්‍රමණයක ගැමා කිරණ විමෝචනයක් හිරුගෙන් සිදු වූ අවස්ථාවක් වාර්තා කර තිබෙනවා.
එහෙත් ඒ දුරේක්ෂයට හඳුනාගත හැකි උපරිම ප්‍රමාණය ඉලෙක්ට්‍රෝන් වෝල්ට් 200 ක් පමණයි.
මේ පිළිබඳ ව පළ කරන ලද ඉහත පර්යේෂණ වාර්තාවේ සම කතුවරියක මෙන් ම එක්සත් ජනපදයේ මිචිගන් ජනපද සරසවියේ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂිකාවක වන Meher Un Nisa සඳහන් කරන්නේ සූර්යයා අප හඳුනාගෙන තිබෙනවාට වඩා විශ්මයජනක බවයි.
සූර්යයාගෙන් ඉලෙක්ට්‍රෝන් වෝල්ට් ට්‍රිලියනයක් එනම් බිලියන 1,000 ක් තරම් අධික විකිරණ ප්‍රමාණයක් පිට වූ බව පිළිබඳ පළමු වැනි වාර්තාව මෙය බව ද, එය උපරිම ප්‍රමාණය නො විය හැකි බව ද ඇය සඳහන් කරනවා.
Live Science සහ Physical Review Letters ඇසුරෙනි.
ප්‍රේමශාන්ත කුමාරසිරි