සෑම වසරකට ම වරක් අඟහරු ග්‍රහයාගේ දිනයක කාලය මිලිතත්පරයකින් තුන් කාලක් අඩු වන බව NASA ආයතනයේ අඟහරු ගවේෂණ ලෑන්ඩරය වන InSight අනාවරණය කර තිබෙනවා.
‘සොල්’ යනුවෙන් හැඳින්වෙන අඟහරු දිනයක දිග පෘථිවියේ කාලයෙන් පැය 24කුත් විනාඩි 37ක් වනවා. නමුත් මිලිතත්පරයකින් පංගුවක තරම් සූක්ෂ්ම ලෙස කෙරන කාල ගණනය මඟින් නිරීක්ෂණය වී ඇත්තේ රතු ග්‍රහයාගේ භ්‍රමණ වේගය සුළු ප්‍රමාණයකින් වැඩි වෙමින් පවතින බවයි. මෙයට හේතුව නියත වශයෙන් ම කුමක් දැ යි හඳුනාගෙන නැතත් ඒ සඳහා උපකල්පන පවතිනවා.
ග්‍රහ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මෙයට හේතුව අඟහරු ග්‍රහයාගේ ස්කන්ධය ප්‍රතිව්‍යාප්තියට ලක් වීම විය හැකි බවයි. අයිස් මත නර්තනයේ යෙදෙන්නන් ඔවුන්ගේ භ්‍රමණ වේගය වැඩි කර ගැනීම සඳහා දෑත් සිරුරට ළං කොට ඉහළට එසැවීම මෙයට සමාන සංසිද්ධියක් ලෙස හඳුනාගත හැකියි. අඟහරුගේ ධ්‍රැවාසන්න ප්‍රෙද්ශවල ඇති අයිස් සංචයනය වීම එයට හේතු විය හැකි බවයි අඟහරු පිළිබඳ භූ විශේෂඥයන් පෙන්වා දෙන්නේ.
Space.com ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්