Home Science News ගොඩගසන ග්‍රේට් වයිට් මෝරුන්ගේ වාර්තාගත වැඩි වීමක්

ගොඩගසන ග්‍රේට් වයිට් මෝරුන්ගේ වාර්තාගත වැඩි වීමක්

by Sathya

වසරක කාලය තුළ කැනේඩියානු වෙරළට ගොඩ ගසන ලද ග්‍රේට් වයිට් මෝරුන්ගේ ගණන වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව සාගර විශේෂඥයන් පෙන්වා දෙනවා. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එය ග්‍රේට් වයිට් මෝර ගහනය අතින් බැලූ කල යහපත් ලකුණක් වීමේ ද හැකියාවක් ඇති බවයි.

ඉකුත් අගෝස්තු 7 දා කැනඩාවේ ග්‍රීනිච් වෙරළට අඩි 9ක් දිග ග්‍රේට් වයිට් මොරකු‌ගේ මළ සිරුරක් ගොඩ ගසා තිබුණා. ඌ මාස දොළහක කාලය තුළ ගොඩගසන ලද යෞවන වියේ පසු වූ මෝරන් අතුරින් සිව් වැන්නා බවයි Marine Animal Response Society (MARS) සංවිධානය සඳහන් කරන්නේ. මින් පෙර දශක දෙකක කාලය තුළ මියගිය ග්‍රේට් වයිට් මෝරුන්ගේ සිරුරු කැනේඩියානු වෙරළට ගොඩගැසීම් වාර්තා වී ඇත්තේ එකක් හෝ දෙකක් බව MARSහි විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.

මෑතක සිට වාර්තා වන ගොඩගැසීම් මඟින් ඇඟවෙන්නේ මෙම මෝරුන්ගේ ගහනය වර්ධනය වෙමින් පවතින බව වුව ද වීමේ සම්භාවිතාවක් පවතිනවා. සමස්තයක් වශයෙන් ගත් විට එය ඉතා හොඳ ලකුණක් විය හැකියි.

පසුගිය ඔක්තෝම්බරයේ සිට නෝවා ස්කොටියා, නිව් බෲන්ස්වික් සහ ප්‍රින්ස් එඩ්වඩ් අයිලන්ඩ් යන වෙරළ තීර වෙත මියගිය මෝරුන් සිව් දෙනෙකු ගොඩගසා තිබුණේ ඔවුන්ගේ ව්‍යාප්තිය කැනඩාවට අයත් අත්ලාන්තික් සාගර කලාපය පුරා විහිදී තිබෙන බව අඟවමින්.

Carcharodon carcharias යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ග්‍රේට් වයිට් මෝරුන් ලොව වෙසෙන ප්‍රචන්ඩකාරී බවෙන් වැඩි ම මෝර වි‌ශේෂය බවට පිළිගැනෙනවා. අත්ලාන්තික් සාගරයේ වසන ග්‍රේට් වයිට් මොරුන් කැනේඩියානු ෆෙඩරල් නීතිය මඟින් ‘වඳ ව යාමේ තර්ජනයට මුහුණ දුන්’ විශේෂයක් ලෙස නම් කරනු ලැබ තිබෙනවා. 1960 පටන් ඒ ආශ්‍රිත සාගර කලාපවල විසූ මෙකී මෝර ගහනය 70%කින් පමණ පහත වැටී තිබුණා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications