සැලකිය යුතු කාලයක පටන් සිකුරුගේ වායුගෝලය මිනිස් චිත්ත සන්තානය තුළ සටහන් ව ඇත්තේ ‘නිරයක්’ ලෙසයි. එසේ ම එහි ඇති වලාකුළු අතර මහා පරිමාණයේ අකුණු නිතර හටගන්නා බව විශ්වාසය වී පවතිනවා. නමුත් සිකුරු ඉලක්ක කරගනිමින් මෑත කාලීන ව සිදු කරන ලද අධ්‍යයනයන් මඟින් එහි අප සිතූ තරම් අකුණු සහිත කලබලකාරී පරිසරයක් නොතිබෙන්නට ද හැකි බවට සාධක සපයා තිබෙනවා.
ඉකුත් මාසයේ දී ග්‍රහවිද්‍යාඥ කණ්ඩායමක් යෝජනා කළේ සිකුරුගේ වායුගෝලයෙන් දිස් වන සැණෙලි උල්කාශ්මවලින් විග්‍රහ කළ හැකි බවයි. දැන් වෙනත් විද්‍යාඥ කණ්ඩායමක් සඳහන් කරන්නේ පෘථිවි වායුගෝලයේ අකුණු නිසා හටගන්නා විද්‍යුත්චුම්භක තරංග සිකුරු වායුගෝලය තුළ හටගන්නේ අකුණු නිසා නො වන බවයි.
2021 දී පාකර් සූර්ය ගවේෂණ යානය සිකුරුගේ රාත්‍රී පස පසු කරමින් ඇදී යන අතරේ වායුගෝලයෙන් නිකුත් වන රේඩියෝ තරංග විශේෂයක් ග්‍රහණය කරගන්නට සමත් වුණා. විද්‍යාඥයන් ඒවා හඳුන්වන්නේ ‘whistler waves’ හෙවත් ‘විසිල් තරංග’ ලෙසයි. ඊට එම නම ලැබුණේ ඒවා ඇති වී නැති වී යන නිමේෂය තුළ සංඛ්‍යාතය ඉහළ අගයක සිට අවරෝහණය වී යන බැවින්. කෙසේ නමුත් මේ විසිල් තරංග ගමන් කළේ ග්‍රහයා මත සිට පිටතට නො ව, වලාකුළුවල සිට ග්‍රහයා දෙසටයි. එයත් අකුණක ක්‍රියා කළාපය සිහිපත් කරනවා.
පර්යෙේෂකයන් සඳහන් කරන අන්දමට මෙම විසිල් තරංගවල ශක්ති ප්‍රභවය වන්නේ සිකුරුගේ දුර්වල චුම්භක ක්ෂේත්‍රයේ හටගන්නා අකර්මණ්‍යතාවන්. Colorado Boulder විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ භෞතිකවිද්‍යාඥයෙකු වන හැරියට් ජෝජ් (Harriet George) සඳහන් කරන පරිදි එයට හේතුව වන්නේ චුම්භක ක්ෂේත්‍ර රේඛා ස්ථාවර ලෙසකින් නො පිහිටා එහි මෙහා සර්පනය වීමයි. මේ පිළිබඳ අධ්‍යයනය ඔක්තෝබර් 16 වැනි දා Geophysical Research Lettersහි පළ වී තිබුණා.
Science Alert ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්