ඉන්දීය සූර්ය ගවේෂණ ආදිත්‍ය L1 (Aditya L1) යානය පසුගිය ජනවාරි 06 දා සිය සිව් මස් චාරිකාව නිමා කරමින් L1 ලංග්‍රාන්ජ් ලක්ෂ්‍යයට අවතීරණ වන්නට සමත් වුණා. ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය මඟින් එය උඩු ගුවනට රැගෙන යනු ලැබුණේ ඉකුත් සැප්තැම්බරයේ ඉන්දියාවට අයත් PSLV-XL C57 රොකට්ටුවක් ආධාරයෙන්.
ආදිත්‍ය L1 සතු ව ඇති විද්‍යාත්මක උපකරණ මඟින් සූර්යයාගේ පිටත ස්තර අධ්‍යයනය කිරීම මෙම මෙහෙයුමේ අරමුණයි.
ඉන්දීය විද්‍යා හා තාක්ෂණ කටයුතු අමාත්‍ය ජිතේන්ද්‍ර සිං සිය සමාජමාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ආදිත්‍ය යානය සිය ගමනාන්ත කක්ෂය වෙත පැමිණීමෙන් පසු “හිරු සහ පෘථිවිය අතර විස්මය දනවන සහසම්බන්ධය සෙවීම සඳහා” කටයුතු කරනු ඇති බවයි.
60 දශකයේ යැවුණු වොයේජර් යානාවේ සිට මේ දක්වා ඇමරිකා එක්සත් ජනපදයත්, යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සියත් හිරු වටා කක්ෂගත සූර්ය ගවේෂණ මෙහෙයුම් කිහිපයක් දියත් කර තිබෙනවා. චීනය සහ ජපානය පෘථිවි කක්ෂයක සිට සූර්ය ගවේෂණ මෙහෙයුම්වල නිරත වන චන්ද්‍රිකා අභ්‍යවකාශගත කර තිබෙනවා. නමුත් ආසියාතික රටක් විසින් යවන ලද යානයක් සූර්යයා වටා කක්ෂයකට පිළිපන් ප්‍රථම අවස්ථාව මෙයයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ආදිත්‍ය L1 භාරතයේ අභ්‍යවකාශ ගමන් මඟේ සුවිශේෂ සන්ධිස්ථානයක් බව සඳහන් කර තිබුණා. ඔහු සමාජමාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ “මනුෂ්‍යත්වයේ නාමයෙන් විද්‍යාවෙහි නව පෙරමුණු කරා යාම” ඉදිරියට ද සිදු කරගෙන යන බවයි.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්