Home Science News නයිට්‍රජන් වායුව යොදාගනිමින් ක්‍රියාත්මක කළ ලොව මුල් ම මරණ දණ්ඩනය ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ

නයිට්‍රජන් වායුව යොදාගනිමින් ක්‍රියාත්මක කළ ලොව මුල් ම මරණ දණ්ඩනය ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ

by Sathya

නයිට්‍රජන් වායුව ආශ්වාස කිරීමට සැලැස්වීමෙන් ක්‍රියාත්මක කෙරුණු ලොව ප්‍රථම මරණ දණ්ඩනය පසුගිය බ්‍රහස්පතින්දා ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ දී සිදු කෙරුණා. එලෙස මරණයට පත් කෙරුණේ, 1998 වසරේ කුලියට සිදු කළ මිනිස් ඝාතනයක් හේතුවෙන් මරණ දඬුවම පැනවුණු කෙනත් ඉයුජින් ස්මිත් (58) යන අයයි.

සෛද්ධාන්තික ව මෙහි දී සිදු වන්නේ රැඳවියෙකු ආශ්වාස කරන වාතය 100%ක් නයිට්‍රජන් වායුවෙන් ප්‍රතිස්ථාපනය කිරීමයි. nitrogen hypoxia ලෙස හැඳින්වෙන ඉන් සිරුරට ලැබෙන ඔක්සිජන් අහිමි කරනවා. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පසු ව පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇලබාමා ප්‍රාන්ත බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේ විනාඩි 15ක කාලයක් පුරා නයිට්‍රජන් වායුව ආශ්වාසයට සලස්වන ලද බවයි.

ඇමරිකා එක්සත් ජනපදය මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුන්වා‌ දුන් ක්‍රමවේද පසු කාලීන ව සීඝ්‍රයෙන් ලොව පුරා නෛතික පද්ධතීන් විසින් අනුගමනය කර තිබෙන බව පෙනී යනවා. 1900 මුල් අවධියේ දී එල්ලා මැරීම ප්‍රතිස්ථාපනය කරමින් විදුලි පුටුව ද, අනතුරු ව ගෑස් කුටිය ද ප්‍රයෝජනයට ගැනුණු අතර වර්ථමානය වන විට වැඩි වශයෙන් භාවිතයට ගැනෙන්නේ විෂ එන්නත් කිරීමෙන් මරණයට පත් කිරීමයි. මැසචුසෙට්ස්හි Amherst College සරසවියේ නීතිය පිළිබඳ මහාචාර්යවරියක වන Austin Sarat සඳහන් කරන්නේ මරණ දණ්ඩනයේ මීළඟ අවධිය nitrogen hypoxia වනු ඇති බවයි.

CNN, BBC සහ US News ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications