Home Science News වෙනිසියුලාවේ අවසන් ග්ලැසියරයත් නො එන ගමන් යයි

වෙනිසියුලාවේ අවසන් ග්ලැසියරයත් නො එන ගමන් යයි

by Sathya

වෙනිසියුලාවේ තිබූ අවසන් ග්ලැසියරය ද ක්ෂය වී යන නිසා එය ‘අයිස් තට්ටුවක්’ බවට නැවත නාමකරණය කිරීමට විද්‍යාඥයන් පියවර ගෙන තිබෙනවා. නූතන යුගය තුළ ස්වකීය ග්ලැසියර සියල්ල අහිමි වූ පළමු වැනි රාජ්‍යය වෙනිසියුලාව බවට විශ්වාස කෙරෙනවා.

මුහුදු මට්ටමේ සිට මීටර 5000ක උසකින් පිහිටි සියෙරා නෙවාඩා ඩි මෙරීඩා කඳු පන්තිය එරට පිහිටි ග්ලැසියර හයේ නිවහන වී තිබුණා. 2011 වන විට ඉන් පහක් ම දිය වී ගොස් තිබූ අතර මේ වන තෙක් මෙරීඩා කඳු පන්තියේ, Pico Humboldt කන්දේ පිහිටා තිබූ Humboldt ග්ලැසියරය හෙවත් ලා කොරෝනා ග්ලැසියරය එරට ඇති එක ම ග්ලැසියරය ලෙස නම් දරා සිටියා.

Humboldt ග්ලැසියරය තවත් දශකයක කාලයක් සුරැකි ව පවතිනු ඇතැයි විද්‍යාඥයන්ගේ අදහස වී තිබුණා. එහෙත් එරට පැවති දේශපාලන වියවුල් වාතාවරණය මැද වසර කිහිපයක පටන් ග්ලැසියරයේ තත්ත්වය නියමිත පරිදි නිරීක්ෂණය කිරීම මඟහැරී ගොස් තිබුණා. නවතම තත්ත්ව පරීක්ෂාවකට අනුව පෙනී ගොස් තිබෙන්නේ අනපේක්ෂිත වේගයකින් එය ක්ෂය වී ගොස් ඇති බවයි. මේ වන විට එය හෙක්ටයාර දෙකකට අඩු වපසරියක් දක්වා පටු වී තිබෙනවා. නවතම වර්ගීකරණයත් සමඟින් එය තවදුරටත් ග්ලැසියරයක් නො වන බවට තීරණය වී ඇත්තේ එබැවිනුයි.

කාලගුණ ඉතිහාසඥයෙකු මෙන් ම දේශගුණ විද්‍යාඥයෙකු ද වන Maximiliano Herrera සඳහන් කරන්නේ ඉන්දුනීසියාව, මෙක්⁣සිකෝව සහ ස්ලෝවේනියාව ද නුදුරේ දී ග්ලැසියරවලින් අත්මිදෙනු ඇති බවයි.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

 

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications