චීනයේ Chang’e-6 යානය චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තේ පස් සාම්පල ද සමඟින් පෘථිවිය බලා එන ගමන අරඹා තිබෙනවා. අභ්‍යවකාශ මෙහෙයුම් පිළිබඳ අදහස් දක්වනන්නන් පෙන්වා දෙන්නේ එය චීනයේ අභ්‍යවකාශ වැඩපිළිවෙළ අත්පත් කරගත් සුවිශේෂ මෙන් ම අද්විතීය ජයග්‍රහණයක් බවයි.
ඉකුත් මැයි 03 දා චීනයේ වෙන්චෑංග් අභ්‍යවකාශ අංගණයෙන් දියත් වූ Chang’e-6 චන්ද්‍රයා මතට සුමට ගොඩබැස්මක් කළේ ඉකුත් ඉරුදිනයි (02). ඒ චන්ද්‍රයාගේ පැරැණිතම ආවාටයක් සේ සැලකෙන South Pole-Aitken (SPA) ද්‍රෝණිය වෙතටයි. ඉනික්බිති දින දෙකක කාලයක් සිය විදුම් උපකරණවල හා රොබෝටික හස්තයේ උපකාරයෙන් කිලෝග්‍රෑම් 2ක චන්ද්‍ර පාෂාණ හා පස් සාම්පල එක් රැස් කිරීම සිදු කළා. චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනායතනය (CNSA) නිවේදනය කර ඇති පරිදි සාම්පල සාර්ථක ව රැස් කර ගැනීමෙන් පසු Chang’e-6 රැගෙන ගිය චීනයේ ජාතික කොඩිය ද ප්‍රථම වතාවට සඳේ නො පෙනෙන පැත්තේ සිට ඔසවනු ලැබ තිබෙනවා.
ලබාගත් සාම්පල සුවිශේෂ කුටීරයක් තුළ තැන්පත් කිරීමෙන් පසු Chang’e-6 යානය සතු, ලබාගත් සාම්පල චන්ද්‍ර කක්ෂය වෙත ගෙන එන පරිදි වෙන් වී ඉහළට ඇදෙන යානය සිය ගමන ආරම්භ කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ අලුයම 5.08ට පමණ. එය මේ වන විට චන්ද්‍රයා වටා කක්ෂයකට අවතීර්ණ වී ඇති අතර එය චන්ද්‍ර කක්ෂයේ ඇති කැප්සියුලයක් සමඟ පෑහීමට නියමිතයි. එතැන් සිට චන්ද්‍ර සාම්පල රැගෙන එන කැප්සියුලය මේ මස 25 වැනි දා සාර්ථක ලෙස පෘථිවි වායුගෝලයේ ඝර්ෂණයට මුහුණ දෙමින් අභ්‍යන්තර මොංගෝලියාව වෙත පහත් වීම අපේක්ෂිතයි.
මින් පෙර දී ඇමරිකාව සහ රුසියාව චන්ද්‍රයා මතින් පස් සාම්පල ගෙනැවිත් තිබෙනවා. නමුත් චීනය මේ වික්‍රමයේ නිරත වන්නේ ප්‍රථම වතාවටයි. එය ද සඳෙහි නො පෙනෙන පැත්තේ එකතු කරගත් සාම්පල වීම තවත් විශේෂත්වයක් බවයි විශේෂඥයන් පෙන්වා මත පළ කරන්නේ.
“අපි දන්නේ නැහැ ඒ සාම්පල අපත් සමඟ බෙදා හදා ගැනීමේ සැලසුමක් ඔවුන් සතු ද යන වග. කොහොම නමුත් මම ප්‍රාර්ථනා කරනවා එවැනි අදහසක් ඔවුන් සතු වේ වා කියා. එක්සත් රාජධානියේ ඉන්න අපටත් ඒවා පරික්ෂා කර බැලීමේ අවස්ථාව හිමි වන නිසා.” එක්සත් රාජධානියේ Leicester විශ්වවිද්‍යාලයේ තාරකා භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්ය Martin Barstow පවසනවා.
The Guardian හා රොයිටර් පුවත් සේවය ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්