චීනය ස්වකීය අභ්‍යවකාශ නැවතුම්පොළ බලා භාණ්ඩ ප්‍රවාහනය කළ හැකි ෂටලයක සැලැසුම පසුගිය දා එළිදක්වා තිබෙනවා. Haolong ලෙස නම් කර ඇති එය සැලසුම් කර තිබෙන්නේ චීන රජය මඟින් මෙහෙයවෙන චීන ගුවන් ගමන් කර්මාන්ත සංස්ථාව යටතට අයත් වන Chengdu Aircraft Design and Research Institute ආයතනයයි.
චීනය මේ වන විට සිය Tiangong අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත බඩු ප්‍රවාහනය කරන්නේ Tianzhou නමැති රොබෝතික අභ්‍යවකාශ යානය මඟින්. NASA ආයතනය සිය මෙහෙයුම් සඳහා සැපයුම් ලබා දීමේ දී වාණජ්‍යමය අංශය වෙත නැඹුරු වෙමින් සිටින පසුබිමක චීනයේ අභ්‍යවකාශ මෙහෙයුහම් සඳහා වගකියන CMSA (China Manned Space Agency) යොමු වී තිබුණේ අඩු වියදමකින් අභ්‍යවකාශය වෙත සැපයුම් ලබා දිය හැකි ක්‍රමයක් සොයාගැනීමටයි. Tianzhou මෙන් එක් වරක් පමණක් භාවිත කළ හැකි යානයක් වෙනුවට නැවත නැවත භාවිත කළ හැකි සැපයුම් යානයක අවශ්‍යතාව ඔවුන් වටහාගෙන තිබුණා.
සැලසුම්වලට අනුව Haolong දියත් වනු ඇත්තේ රොකට්ටුවක ආධාරයෙන්. නැවත පොළොවට පැමිණෙන විට NASA ෂටලයක් මෙන් තිරස් ව ගුවන් ධාවන පථයක් මතට ගොඩබැසීමට එයට හැකියි. මීටර් 10ක දිගින් යුතු එය මීටර 8ක් පළලින් යුතු වන අතර බරින් Tianzhou කැප්සියුලය මෙන් අඩකටත් අඩු බරකින් යුතු වනවා.
Haolong මේ වන විට පසුවන්නේ ඉංජිනේරුකරණ පියාසර සත්‍යාපනය හෙවත් engineering flight verification phase නම් අදියර තුළයි. මෙහි දී එය භෞතික වශයෙන් ගොඩනැඟීමට පෙර එහි සැලැස්ම සහ පද්ධතිවල සකසුරුවම් බව සමාලෝචනයට ලක් කෙරෙනවා.
Space.com ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්