Home Science News චීනය අභ්‍යවකාශයේ සිට කෘත්‍රිම ප්‍රභාසංස්ලේෂණයක් අත්හදා බලයි

චීනය අභ්‍යවකාශයේ සිට කෘත්‍රිම ප්‍රභාසංස්ලේෂණයක් අත්හදා බලයි

by Sathya

කක්ෂගත ව සිටින චීන ජාතික ගගනගාමීන් ප්‍රථම වරට ප්‍රභාසංස්ලේෂණය ක්‍රියාවලිය කෘත්‍රිම ලෙස අත්හදා බැලූ බව චීන මාධ්‍ය වාර්තා කරනවා.

Shenzhou-19 මෙහෙයුමෙන් චීනයට අයත් Tiangong අභ්‍යවකාශ නැවතුම්පොළ වෙත පිවිසි ගගනගාමීන් විසින් සිදු කර ඇති මේ පරීක්ෂණයෙන් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය, ඔක්සිජන් සහ රොකට් ඉන්ධන සඳහා භාවිත කළ හැකි අමුද්‍රව්‍ය බවට හැරවිය හැකි වූ බව වැඩිදුරටත් සදහන්.

මේ ක්‍රමවේදය ඔස්සේ ඔක්සිජන් නිපදවා ගැනීම අනාගතයේ සිදු වන දිගු දුර අභ්‍යවකාශ මෙහෙයම් සඳහා අතිශය වැදගත් වනු ඇතැ යි විශ්වාස කෙරෙනවා.

චීනය කෘත්‍රිම ප්‍රභාසංස්ලේෂණය ඔස්සේ ඔක්සිජන් නිපදවා ගැනීම කෙරෙහි පර්යේෂණ ආරම්භ කළේ 2015 දීයි. දිගු කාලයක් ගත වන අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා අවැසි ඔක්සිජන් පො⁣ළොවේ සිට ම රැගෙන යාම වියදම් අධික මෙන් ම තාක්ෂණක ව ද අපහසු කාර්යක් බව ඔවුන් වටහාගෙන තිබුණා.

China Manned Space (CMS) පෙන්වා දෙන පරිදි මේ සාර්ථකත්වය ලබා ගැනීම සඳහා ඔවුන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ පරීක්ෂණ 12 ක් සිදු කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දී ඇති පරිදි මේ පරීක්ෂණවල ඵලයක් වශයෙන් ඔක්සිජන් සහ අභ්‍යවකාශ යානා සඳහා යොදා ගැනෙන ඉන්ධනයක් වන එතිලීන් නමැති හයිඩ්‍රොකාබනය ලබාගත හැකි වී තිබෙනවා.

Interesting Engineering ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Leave a Comment

You may also like

logo2

1987 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ අඛණ්ඩව සතිපතා පළවන එක ම විද්‍යා ප්‍රකාශනය වන විදුසර විද්‍යා සඟරාව, නිවැරදි විද්‍යා දැනුම සරලව හා ආකර්ශනීයව ඉදිරිපත් කරමින් ලංකාවේ සිසු දරු දැරියන් හා සාමාන්‍ය ජනතාව අතර විද්‍යාව ප්‍රචලිත කිරීම උදෙසා කැප වී සිටියි.

Contact Us

via Email

via Phone

For Advertising

Our Publications